IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අනියම් පෙමේ උපාය එළීයට පැන ගෙටම කොටු

දෑවැද්දට කරගහගත්ත බිරිඳගේ අවලස්සන නිසා ඇතිවූ අසීරුතාව මගහරවා ගැනීමට තමාට රූප රාජනියක් වැනි අනියම් බිරිඳක් සිටී යයි පෙන්වීමට යෙදු උපක්‍රමය ඔහුගේ අතින්ම හෙළිවී නිවසින් එළියට බැසීමට නොහැකිවූ අයකු පිළිබඳ කතාවක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු පවුලේ එකා ය. එකා යකා නොවුණු ඔහුට ලොකු බූදලයක් හිමිවූවේ දෙමාපිය උරුමයෙනි. දෙමාපියන් මෙන්ම ඔහු දේපළවලට ආශා කළේය. ඒ නිසාම ඔහු සහේට ගත්තේද ලොකු දෑවැද්දක් සමග මනාලියකි. මනාලියගේ රූප ස්වභාවය නොතැකූ ඔහු තැකූවේ දෙන දෑවැද්ද සහ මිල මුදල් පමණි. ඒ සියල්ලටම සමගාමීව ලැබුණු මනාලියගේ රූප ස්වභාවය අතින් සිටියේ අනෙක් පැත්තේය. එක එක ඒවා මුහුණේ නොතරවා සිටින විට බිරිඳගේ රූප ස්වභාවය සමානවූයේ ඔහුගේ මවගේ රූපයටය.
කල් යත්ම ඔහුට තමන්ගේ බිරිඳ එපා වන්නට ගත්තේය. මිතුරන්ගේ විහිළු තහළු එයට ඉවහල් නොවුණාම නොවේ. ඒ නිසාම ඔහු බිරිඳ සමග එක මග එකට ගිය කාලයක් නැත්තා සේය. බිරිඳගේ රූපකාය නිසා ඔහු මහත් චිත්ත පීඩාවකින් පෙලු‍ණේය. මිතුරන්ගේ බිරියන්ගේ රූපකාය එයට හේතුවක් ද වූවේය.


මේ අතරවාරයේදී මෑතක සිට ඔහුගේ ජංගම දුරකතනයේ වට්ස් ඇප් අංකයට රූමත් ලියක් එවන කෙටි පණිවිඩ මිතුරන්ට පෙන්න පෙන්නා ඔහු සතුටු වූවේය. ඇය තමාට එවන කෙටි පණිවිඩද මිතුරන්ට පෙන්වන්නේය. 
රූමත් කතක සමග අනියම් සබඳතාවයක් ඇතැයි කියමින් ඔහු වින්ද සතුට අපමණය. ඇය සමග ගිය ගමන් බිමන් පිළිබඳව ඔහු මිතුරන්ට කීවා පමණක් නොව ඇය හමුවන විටදී ඇය රැගෙන දුන් තෑගි භෝග ද ඔහු මිතුරන්ට පෙන්නුවේය. ඇය සාදාගෙන ආවේ යයි කියන රස කැවිලිද ඔහු මිතුරන් සමග බෙදාහදාගෙන කෑවේය.
ඒ විතරක්ම නොව තමා අලු‍තින් අඳින ඇඳුම් ද තමාගේ අනියම් බිරිඳ අරගෙන දුන් ඒවා යයි කියමින් ඇඳුම් පැලඳුම් ද ඔහු මිතුරන්ට පෙන්න පෙන්නා සතුටුවූවේය. දැන් තමාටත් ලස්සන අනියම් බිරියත් සිටින බව කියමින් ඔහු තමාගේ ජංගම දුරකතනයේ සිටි රූමත් කතකගේ පින්තූර බොහෝවිට පෙන්නුවේය. ඔහු පෙන්වූ කත හැබෑවටම රූමතියකි. මිතුරෝ ඒ සම්බන්ධයෙන් ඔහුට ඊර්ෂා කළහ. තමාටත් අනියම් සබඳතාවයක් පවත්වාගෙන යාමට එවැනි කතක් ඇත්නම් කෙතරම් හොඳදැයි මිතුරෝ සිතූහ. ඔහු පෙන්වූ කත ඒ තරමටම රූමතියකි. හැබෑම හැඩකාරියකි.


එදා රෑ ඔහු ගියේ මිතුරකුගේ නිවසේ පැවති සාදයකටය. කට්ටියම සෙට්වූහ. අපේ මිතුරාට පදම වැඩිවිය. පාරක් දෙපාරක් කබරයා ද එළියට දැම්මේය. මිතුරාගේ පාටියට ආ ඔහුට විවිධ දේ ඔහුගේ මත් සිතට විටින් විට ආවේය. පදම වැඩි ඔහු මිතුරකු වෙනමම තැනකට එක්ක ගියේය. තමා අවලස්සන කතක් සහේට ගත්ත එක ගැන හේ අඬ අඬා ගතු කීවේය. දුක් වූවේය. තමා මේ දුක නැති කර ගන්න යෙදූ උපක්‍රමයද ඔහු කීවා නොව කටින් පැන්නේය. ඒ මිනිහා ඕවර් යාමද එයට තවත් හේතුවක්වී තිබුණේය. මේ උපක්‍රමය හිතේ තියාගෙන සිටීම ද ඔහුට බරක්වී තිබිණ.
කාටවත් කියන්න එපා මචං. මම ලොකු දුකකින් ඉන්නේ. තවත් වරෙක හැඬුවේය. ලස්සන ගෑනියෙක් මැසේජ් කරනව වගේ මගේ පෝන් එකට මැසේජ් දැම්මේ මං. ඒ ගෙදර තියෙන මගේම පෝන් එකකින්. මම ඒකෙන් තමයි මගේ හිතේ දුක නැති කර ගත්තේ. ඒකත් මගේ හිතට බරක් බං. ඒකයි මම උඹට කියලා හිත නිදහස් කර ගන්න හැදුවේ. මේක කාටවත් කියන්න එපා මචං රහසක් ලෙස තියා ගනින් යයිද ඔහු මිතුරන්ගෙන් ඉල්ලා සිටියේය. පිස්සුද මචං මම එහේම කියනවාදැයි මිතුරු තෙමේ  පොරොන්දු වූවේය. ඔහුත් තව මිතුරෙකුට මේ පණිවිඩය දුන්නේ කාටවත්ම නොකියන ලෙස ඉල්ලමින්ය. මේ ආකාරයට ඒ මිතුරාත් තව අයකුටත් කීවේ එසේය. කොහොම කොහෝම හරි මේ පණිවිඩය මිතුරන් අතර ගියේ ඔහුට නිවසින් එළියට බහින්න බැරිවෙන විදිහටම එය සමාජයට ම ගිය නිසා ලු‍.

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



අදහස් (0)

අනියම් පෙමේ උපාය එළීයට පැන ගෙටම කොටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 96 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site