කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
නැගණිය සමග අනියම් ඇසුරේ සිටි සැමියාට ප්ලාස්ටික් ජෝගුවකින් බිරිඳ ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ඇති වූ තැලීම් තුවාල කිහිපයකට නෑනා ලවාම ආලේපයක් ගාවා ගත් අපූරු තරුණ එක්දරු පියකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල නගරයට තරමක් නුදුරින් ග්‍රාමයක නිවස ආසන්නයේ වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යන 31 හැවිරිදි තරුණ එක්දරු පියකු සිටියි. මෙම වෙළඳ ව්‍යාපාරිකයා මීට අවුරුදු 6 ට පමණ ඉහතදී ගම්පහ ප්‍රදේශයේ උපාධිධාරි තරුණියක හඳුනාගෙන දෙපාර්ශවයේ ආශීර්වාද මැද මීට අවුරුදු 4 ට පමණ ඉහතදී විවාහ මංගල්‍යය උත්කර්ෂවත්ව පවත්වා මනාලිය කැන්දාගෙන නිවසට පැමිණ වසරක් පමණ ගත වෙන අවස්ථාවේ දී ඇය ගැබිනියක වූවාය.
එම කාලය තුළ දීම තරුණ ගැබිනියට සබරගමුව පළාතේ කොනක ග්‍රාමයක පාසලකට ගුරු පත්වීමක් ද රැකියාවක් ලෙස ලැබුණේය. දරුවා බිහි කිරීමට ආසන්න වූ අවස්ථාවේ දී තරුණ ගැබිනිය සිය ගම්පහ නිවසේ පදිංචිව සිටින වයස අවුරුදු 24 ක් වූ බාල සහෝදරිය නිවසේ අත්උදව්වට ගෙන්වා ගත්තාය.
දරුවාට මාස 6 ක් සම්පූර්ණ වීමෙන් පසුව ගුරුවරිය දරුවා සැමියාගේ මවට හා සිය නැගණියට බලාහදා ගැනීමට දී සුපුරුදු පරිදි රැකියාවට යාමට ඒමට පටන් ගත්තාය. දැනට දරුවාගේ වයස අවුරුදු දෙකකට කිට්ටුය.
ගුරුවරියගේ සැමියා කලකට ඉහතදී නිවසේ පදිංචිව සිටින නෑනා සමග බිරිඳට හොර රහසේ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියේය. ඉඩ ලද අවස්ථාවක වෙළෙඳ ව්‍යාපාරිකයා බිරිඳගේ බාල සහෝදරිය වෙළඳසලට ගෙන්වාගෙන දෙදෙනා අඹු සැමියන් ලෙස ද ජීවත් වෙමින් සිට තිබේ.
සැමියාගෙන් මුල දී ලැබුණු ආදරය කරුණාව ටිකෙන් ටික අඩු වීම ගැන සැකයක් ද ගුරුවරියට කාලයක සිට දැනී තිබුණේය. ඊට හේතුව ද සැමියාගෙන් දිනක් ගුරුවරිය විමසා ද තිබේ. එහිදී සැමියා කියා ඇත්තේ හැමදේම කාලයත් එක්කම වෙනස් වෙමින් පවතින බවය.
දිනක් ගුරුවරිය පාසලට ගොස් කල් තියා නිවසට පැමිණියේ අසනීප තත්ත්වයක් උත්සන්න වීම හේතුවෙන්ය. නිවසට පැමිණෙන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ දරුවා හා සැමියාගේ මව පමණි. පසුව ගුරුවරිය නැන්දම්මාගෙන් බාල සහෝදරිය කෝ කියා විමසා ඇත. කඩේට ගිහිල්ලා එන්නම් කියලා දුව දරුවා මට දීලා ගිය බව ඇය පැවසුවාය.
පසුව ගුරුවරිය ඇඳුම ද මාරු නොකර සැමියාගේ වෙළෙඳසලට ගියාය. වෙළෙඳසලේ දොරවල් කිහිපයක් අඩවල් කර ඇති අයුරු දැක ඇති ගුරුවරිය දොර පියනක් හෙමින් සැරේ ඉවත් කර වෙළෙඳසලට රිංගා ගත්තාය.
සැමියයි බාල සහෝදරියයි හැසිරෙමින් සිටි අයුරු දුටු ගුරුවරියට උන් හිටි තැන ද අමතක විය. ඇයට අතට හසු වූයේ මේසයක් මත තිබුණු ප්ලාස්ටික් වතුර ජෝගුවකි. වතුර ජෝගුවේ තිබුණු වතුර ටිකෙන් දමා ගසා ඇති ගුරුවරිය එක්දරු පියා නැගිටීමට යාමේදී ජෝගුවෙන් ඔහුට හා බාල සහෝදරියට පහරවල් කිහිපයක් ද එල්ල කළාය. තැලීම් තුවාල ලද දෙදෙනා නිවසට පැමිණ තිබේ. පසු පස ගුරුවරිය ද කෑ ගසමින් නිවසට පැමිණ කාමරයට ගොස් ඇඳුම් මාරු කර ආපසු පැමිණ බලද්දී බාල සහෝදරිය ගුරුවරියගේ සැමියාගේ තැලීම් තුවාලවල යම් ආලේපයක් ගල්වා පිරි මදින අයුරු දැක ගුරුවරිය ආරූඪ වී බාල සහෝදරිය නිවසින් එළවා දමා ඇතැයි වාර්තා වෙයි. පසු දින ගුරුවරියගේ බාල සහෝදරිය ගම්පහ නිවස බලා පිටත්ව ගොස් තිබුණි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අනියම් පෙම අහුවී බිරිඳට යකා වැහිලා