රාත්‍රි කාලයේ අනුන් නසන්නට සැකසු උගුලක එය සැකසු නඩේ ගුරා දහවල් කාලයේ වැටී තුවාල ලබා රෝහල් ගත කළ පුවතකි. එය ඇසෙන්නේ ද ඇතුගල අවට නගර සීමාවෙන්ය.
රාජ්‍ය ආයතනයකි. නිවාඩු දිනවල දී එය වසා ඇත. මේ නිසා වැඩ කරන දිනවලට එහි තිබෙන ඝෝෂාකාරිත්වය සති අන්තයේදී නොමැත.
මේ නිසා සති අන්තයේ ආයතනයේ සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම ආරක්ෂක අංශයට ද ඉමහත් ගැටලුවකි. ඒ කුඩුවලට ඇබ්බැහි වූ කුඩ්ඩන් එහි දේපළ සොරා ගැනීමට අවස්ථා කිපයකදීම වෑයම් කිරීම හේතුවෙනි.
ආරක්ෂක අංශයේ ප්‍රධානියා ඊට උපායක් සෙව්වේය.
“කුඩ්ඩෝ එන සීමාවේ ආයතනයේ ඇතුළත ඇණ පොලු තියමු.“.
අනිත් අය ද ඊට කැමැත්ත පළ කළහ.
වැඩ කරන දිනවල දී නේවාසික කාමරවල පවා විවේකිව සේවකයන් රැඳී සිටින නිසා එම දිනවල දී රෑට ඇණ පොලු ඉවත් කිරීමටත්, කිසිවකු නැති දිනවල දී ඒවා අනාරක්ෂිත පෙදෙස්වල තබන්නටත් ආරක්ෂක අංශයේ ප්‍රධානියා උපදෙස් දුන්නේය.
අවැසි ඇණ හා ලෑලි ගෙනාවේය. ඇණ ගැසුවේය. ඇණ පොලු තැන් තැන්වල තැබුහ. කියු පරිදි ඒවා තැබීම හා ඉවත් කිරීම සිදු වේ.
ඔය අතරේ කුඩ්ඩන්ගේ පැමිණීම ද නැවතුණි. ඇණ පොලු තැබීම ද මේ තත්වය හමුවේ දුරස් විය.
ඒවා එක තැනක ගොඩ ගැසුණි.
දිනක් දඩාවතේ යන පණු ගඳ බැල්ලියක ආයතනය දෙසට ආවාය. කාමරවලට රිංගුවොත් සිදු වන්නේ ගන්දස්කාරය නිසා ඒවා ශුද්ධ පවිත්‍ර කරන්නට ය. ඉන් මිදෙන්නට නම් බැල්ලිය එලවා දැමිය යුතුය. ආරක්ෂක අංශයේ ප්‍රධානියා බැල්ලිය එලවන්නට මෙන් පසු පස ලුහු බැන්දාය. අන් අයද හතර පැත්තෙන් වට කෙරුවේ බැල්ලිය එළියට පලවා හැරීමට ය.
කැලෑව සහිත පෙදෙසකින් දිව ගිය අයෙක් කෑ ගසා වැටුණේය.
අනිත් සේවකයෝ ද ඒ දෙසට ගොස් විපරම් කළ බැලූහ.
ඉවතට ගෙන තැබු ඇණ ලෑල්ලක් බිමට පෙරළී ඇත. එය පෑගිමෙන් තම ප්‍රධානියාගේම කකුලට සිදු වී ඇති හානිය සුළුපටු නොවන්නේය.
“ අනුන් නසන්නට යෙදු උපායේ තමන්ම පැටලි ඇතැයි“ පැවසු සේවකයන් ඔහු වහාම රෝහල් ගත කිරීමට පියවර ගත්තේලු.
මොරගොල්ලාගම සිසිර කැලේගම
2025 දෙසැම්බර් මස 04
64
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
352
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
365
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අනුන්ට ඇටවූ උගුලේ තමන්ම වැටිලා