පෝද්දල සරත් ආනන්ද ගමගේ
මාර්ගයේ ධාවනය කළ යුතු වේග සීමාව ඉක්මවා මෝටර් රථයක් පදවමින් සිටියදී පොලිසිය විසින් නතර කළ පුද්ගලයකු තම නමේ මුලකුරු දෙකේ අනුහසින් දඩ නොකා බේරී ගිය පුවතක් ගැන දකුණු පළාතේ සංචාරක පුරවරයකින් පසුගියදා අසන්නට ලැබුණි.
හෙතෙම සංචාරක හෝටලයක් පවත්වා ගෙන යන සමාජශීලී තැනැත්තෙකි. සැමදෙනා සමගම සුහදව කතාබහ කරන නිතරම සිනා මුහුණින් සිටින පුද්ගලයෙකි. බොහෝ මිතුරන් ඇසුරු කරන ඔහු පසුගිය දිනක වෙනත් ප්‍රදේශයක අත්‍යවශ්‍ය රාජකාරියකට ගොස් එන අතරතුර මුහුණ දුන් අත්දැකීමක් පසුදා මිතුරන්ට පවසා ඇත. ඔහු පවසා ඇති ආකාරයට සිද්ධිය මෙසේ ය.
තම ව්‍යාපාරික ස්ථානයේ අවශ්‍යතාවයක් සඳහා පෙරදා ඔහුට කළුතර ප්‍රදේශයට යාමට සිදුවී ඇත. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම්වලට වැඩි කාලයක් ගතවෙන නිසා ඔහු ගමන් කර ඇත්තේ පැරණි ගාලු මාර්ගය ඔස්සේය. ගිය කාරිය කඩිනමින් ඉටුකරගෙන පැමිණීමේ බලාපොරොත්තුවෙන් ගියද ඒ සඳහා වැඩි කාලයක් ගත වී ඇත. දියණිය පාසලෙන් ගැනීමේ කාරියත් පැවරී තිබෙන නිසා ඔහු මෝටර් රථය ධාවනය කරගෙන පැමිණ ඇත්තේ ධාවනය කළ යුතු වේග සීමාව ඉක්මවාය. අතරමගදී වේග මාපකයක් අතින් ගත් පොලිස් නිලධාරියකු විසින් ඔහු නතර කර ඇත. එහි සටහන් වේග සීමාව පෙන්වාදී ,“ මොකෝ මේ කලබලේ. කොහේද යන්නේ ? යැයි විමසමින් රියදුරු බලපත්‍රය හා රථයේ අදාළ ලියකියවිලිද රැගෙන රථයෙන් බැස එන ලෙස නියෝග කළේය . නිලධාරියා ලියකියවිලි අතට ගනිමින් ” තමාගේ නම මොකද්ද? යයි විමසීය.
මද සිනහා පෑ ව්‍යාපාරිකයා ‘‘මම එස්.පී. නිශාන්ත” යැයි තමාගේ නම කීවේය. එකවරම සීරුවෙන් සිටි පොලිස් නිලධාරියා ‘‘සොරිසර්, මම ළඟදී මාරුවෙලා මෙහාට ආවෙ” යැයි පවසමින් සැලියුට් එකක්ද ගසා ගරු සරු ඇතිව ඔහුට යන්න ඉඩදී ඇත.
ඔහු සිද්ධිය මිතුරන්ට පවසා, ‘‘මම බොරුවක් නෙවෙයි නෙ බං කිව්වෙ. මගේ නම සමරවීර පතිරණලාගේ නිශාන්ත”යැයි කියමින් සිනාසී ඇත. කතාව අසා සිටි ඔහුගේ මිතුරකු මේ සිද්ධිය නම් ගම් වෙනස් කර “ෆේස්බුක්”සමාජ ජාලා මාධ්‍යයටද එක්කර ඇති නිසා රටපුරා සැලකිය යුතු පිරිසක් මේ කතාව දන්නා බවද පැවසේ.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අකුරු දෙකේ පිහිටෙන් පොලිසියෙන් බේරිලා
Bhathiya Wednesday, 12 November 2025 11:39 AM
ඒ කියන්නේ නීතිය තවමත් සැමට එක හා සමාන නැහැ.