IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


වකුගඩු රෝගීන්ට කොවිඩ් මර්දන එන්නතෙන් ආරක්ෂාව ලැබෙන්නේ මෙහෙමයි

හෝමාගම මූලික රෝහල,මුල්ලේරියාව රෝහල සහ කොළඹ වසංගත රෝග විද්‍යායතනයේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය චතුරිකා බෙලිගස්වත්ත

සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයකුට වඩා නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ගේ සිරුරේ ප්‍රතිශක්තිය අඩුයි. එනම් නිරෝගි කෙනෙකුට වඩා මෙබඳු පුද්ගලයන් රෝගවලට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් පවතී. වර්තමානයේ රට මුහුණ පා ඇති කොවිඩ් අර්බුදය හමුවේ නිදන් ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ගේ ජීවිත අවදානම ඉහළ ගොස් ඇත. එබැවින් නිදන් ගත රෝග ඇති පුද්ගලයන් කොවිඩ් මර්දන එන්නත ලබා ගත යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුණද එන්නත ලබා ගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව නිර්ණය කිරීමේදී තවමත් එය ප්‍රශස්ත මට්ටමක නොමැති බවට සෞඛ්‍ය අංශ පෙන්වා දේ. 

ඒ අනුව වකුගඩු රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ට කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමෙන් ඇති වන ආරක්ෂාව, එන්නත ගැන සමාජගත දුර්මත හා රෝගීන්ට ඇති පොදු ගැටලු අළලා මෙම ලිපිය සැකසේ.

නිදන්ගත රෝගයක් වන වකුගඩු රෝගයෙන් පීඩා විඳින පුද්ගලයන්ගේ සිරුරේ ප්‍රතිශක්තිය අඩු නිසා ඔවුන්ට කොවිඩ් වැළඳීමේ ඉහළ අවදානමක් පවතී. එපමණක් නොව කොවිඩ් ආසාදිතව  හට ගන්නා  රෝග සංකූලතාද වැඩිවී මිය යාමට ඇති ප්‍රවනතාවද සාමාන්‍ය පුද්ගලයන්ට වඩා ඉහළ ගොස් ඇත. මෙබඳු පුද්ගලයන්ට  ඇති වන සංකූලතා   අවම  කරමින්    කොවිඩ් වසංගත මධ්‍යයේ ආරක්ෂා වීමට හැකි හොඳම පියවර නම් නිසි පරිදි කොව්ඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබා ගැනීමයි.

එන්නත ගැන ඇති වැරදි ප්‍රචාර

කොවිඩ් මර්දන එන්නත වකුගඩු රෝගීන් ලබා ගැනීම සුදුසු නොවන බවට අසත්‍ය ප්‍රචාර සමාජයේ පවතී. දැනට ලෝකයම පිළිගෙන ඇති පරිදි වකුගඩු රෝගීන්ට කිසිඳු අපහසුවකින් තොරව කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබා ගත හැකියි. එක් මාත්‍රාවක් පමණක් ලබා ගැනීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන අතර සමහර රටවල එන්නතේ තෙවැනි මාත්‍රාව පවා නිර්දේශ කරමින් සිටී. එබඳු සමයක අපේ රටේ පුරවැසියන් එන්නත් මාත්‍රා දෙකවත් හරියාකරව ලබා නොගෙන තම ජීවිතය මෙන්ම සෙසු පිරිසගේ ජීවිතද අවදානමකට හෙළමින් වගකීම් විරහිතව කටයුතු කරනු දක්නට ලැබේ.

 එන්නත ලබාගත් පසුවත් කොවිඩ් -19 වැළඳීමට ඇති හැකියාව

කොවිඩ් මර්දන එන්නත ලබා ගත්තද කොවිඩ් -19 රෝගය නොවැළඳේ යන සියයට සියයේ සහතිකය ලබා දීමට කිසිසේත් නුපුළුවන. ඒ අනුව එන්නත ලබා ගත් පුද්ගලයකුට වුවද රෝගය ආසාදනය විය හැකියි. එන්නත්කරණය සම්පූර්ණ කළ පුද්ගලයකුට කොවිඩ් ආසාදනය වුවද රෝගය උත්සන්න වීම වැලැක්වීමත්, ⁣සංකූලතා අවම කිරීමත් එන්නත මගින් සිදුවේ. 

කොවිඩ්  ආසාදනය වී සුවය ලැබූ පසු එන්නත අනිවාර්ය නැත

මෙයද රෝගීන් අතර පැතිර පවතින දුර්මතයකි. තමන්ට මේ වනවිට කොවිඩ් ආසාදිතව සුවය ලබා තිබුණද එන්නත ලබා ගැනීම අනිවාර්ය නොවන බවට ඔවුහු තීරණය කරති. මෙයද ඉතා වැරැදි මතයකි. හේතුව අප කලින් සඳහන් කළ පරිදි එන්නත ලබා ගත්තද රෝගය වැළඳීමේ ප්‍රනතාවක් ඇතිබව මතක තබා ගන්න. එහෙත් රෝගය වැළඳීම එන්නත නිසා සිදු වූවක් නොවේ. 
  
කොවිඩ් ආසාදිත පුද්ගලයකු නොදැනුම්වත් කමින් වකුගඩු රෝගී පුද්ගලයකු හා හොඳින් නිරාවරණය වූයේ නම් වයිරසය සම්ප්‍රේෂණය විය හැකියි. ඒ අවස්ථාවෙදී එන්නත ලබා ගෙන සිටියද රෝගය ආසාදනය විය හැකියි. එහෙත් එන්නතෙන් සිදු වනුයේ කොවිඩ් ආසාදිත වුවද දැඩි සංකූලතා  හටගෙන මිය යාමේ ප්‍රවනතාව අවම කිරීමයි. සමහරුන්ට රෝග ලක්ෂණ නොපෙන්විය  හැකි අතර ඇතැමුන්ට සුළුවෙන් හටගෙන පසුව කිසිඳු රෝගී ලක්ෂණයක් නොමැතිවීමටද පුලුවන.

කොරෝනා මරණ බහුතරයකටම හේතුව

කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයන් අතුරින් බහුතරයකටම හේතු පාදක වී ඇත්තේ නියමාකාරයෙන් එන්නත ලබා ගෙන නොමැති වීමයි. එසේත් නැත්නම් එක් මාත්‍රාවක් පමණක් ලබා ගෙන තිබීමයි. 

දෙවැනි වරටත් කොවිඩ් ආසාදනය වීමේ හැකියාව

පුද්ගලකුට වරක් කොවිඩ් ආසාදනය වූ පසුව නැවත වතාවක් රෝගය වැළඳීමේ හැකියාවක් නැතැයි කිව නොහැකියි. එම අවදානම  අඩු වුවද නිසියාකාරව   එන්නත්කරණය නොලද හෝ ප්‍රතිශක්තිය හීන පුද්ගලයන්ට දෙවැනි වරටත් රෝගය ආසාදනය වීමේ හැකියාව පවතී.  

කොවිඩ් වැළඳීමෙන් පසු  සිරුරේ ස්වාභාවිකව ප්‍රතිශක්තියක් ගොඩ නැඟේ. එම හට ගැනෙන ප්‍රතිශක්තිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. එකී ප්‍රතිශක්තිය බොහෝ කාලයක් නොපැවතිය හැකියි. එහෙත් එන්නත්කරණය මගින් සිරුරට ලැබෙන ප්‍රතිශක්තිය සාමාන්‍යයෙන් ආසාදනයක් ඇති වූවායින් පසුව ඇතිවන ස්වාභාවික ප්‍රතිශක්තියට වඩා බොහෝ කාලයක් රඳා පවතී. තමාට වයිරසය කලින් ආසාදනය වී සුව වුවද යළිත් වතාවක් ආසාදනය වීමේ හැකියාවක් පවතින බැවින් කොවිඩ් මර්දන එන්නත ලබා ගත යුතුම බව වෛද්‍ය නිර්දේශයයි. 

කොවිඩ් ආසාදිත වකුගඩු රෝගියකු ගෘහාශ්‍රිත ප්‍රතිකාර ක්‍රමයට ඇතුළත් නැත්තේ ඇයි? 

කොවිඩ් ආසාදිත එහෙත් අවදානම අඩු රෝගීන් සඳහා ග්‍රහාශ්‍රිත ප්‍රතිකාර ක්‍රමය හඳුන්වා දෙනු ලැබිණි. වකුගඩු රෝගීන් සියලු දෙනාම පාහේ රෝගී තත්ත්වය උත්සන්න වීමේ අවදානම වැඩි කණ්ඩායමකි. එබැවින් කොවිඩ් ආසාදිත වකුගඩු රෝගීන් නිවෙස්ගත ප්‍රතිකාර ලබා නොදෙන අතර ඔවුන්ව අතරමැදි නිරෝදායන  මධ්‍යස්ථාන කරා යොමු කෙරේ. මන්ද රෝගීන් අතර ඩයලසිස් ප්‍රතිකාරය ලබන රෝගීන් සිටිය හැකියි. එබඳු අයට ඩයලසිස් ප්‍රතිකාරය ලබා දෙන අතර ඔවුන් කොවිඩ් සුව වන තුරුම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රැඳී සිටිය යුතු වේ. 

මන්දයත් කොවිඩ්  ආසාදිත ඩයලසිස්   ප්‍රතිකාරය අවැසි වකුගඩු  රෝගීන්ට සාමාන්‍ය රෝහල්වලදී ඩයලසිස් ප්‍රතිකාරය ලබා දීම ඉතා අඩුය. මූලිකවම කිව යුත්තේ වකුගඩු රෝගීන්ගේ අධි අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔවුන්හට කොවිඩ් ආසාදනය වූ වහාම රෝහල් ගත කිරීම සුදුසු බවයි.

එන්නත ලබා ගත් පසුවද පරෙස්සම ඉතාම වැදගත්

එන්නත  ලබා ගත් පමණින්ම ඇතැම් රෝගීහු මෙතෙක් පැවත ගෙන ආ සියලුම සෞඛ්‍ය පුරුදුවලින් ඉවත් වෙති. ඒ එන්නත ලබා ගත් පසු කොවිඩ් නොවැළඳේ යන සමාජ ගත දුර්මතය නිසා විය හැකියි. එන්නත ගත්තද රෝගය සඳහා ඇති අවදානම කෙතෙක්ද යන වග පිළිබඳ  ඔබ මේ වනවිට දැනුම්වත්ව ඇති. එහෙත් අප අවබෝධ කර ගත යුත්තේ එන්නත ලබා ගත් පසු අපට ලැබෙන ආරක්ෂාව රඳා පවතිනුයේ සිරුරේ ප්‍රතිදේහ පද්ධතිය වයිරසයට එරෙහිව කොපමණ සටන් කරනවාද , කොපමණ ප්‍රතිශක්තියක් වර්ධනය වනවාද යන සාධක මතයි. සාමාන්‍ය නිරෝගී පුද්ගලයකු සහ වකුගඩු රෝගීන් අතුරින් වකුගඩුවක් බද්ධ කළ පුද්ගලයකු ගත්විට ඔහුට එන්නත් මාත්‍රාව ලබා දුන්නද සමහර අවස්ථාවලදී අවශ්‍ය පරිදි ප්‍රතිශක්තිය නිපදවීමක් සිදු නොවිය හැකියි. 

ලෝකයේ සමීක්ෂණ වාර්තාවලට අනුව එන්නත මඟින් නිරෝගී පුද්ගලයන් සිය දෙනකුගෙන් අනූ දෙනකුගේම ප්‍රතිශක්තිය නිපද වුණද වකුගඩුවක් බද්ධ  කළ, ප්‍රතිශක්තිය හීන කරන ඖෂධ ලබා ගන්නා පුද්ගලයන්ට බොහෝදුරට සිරුරේ ප්‍රතිශක්තිය නිපද වීම අඩුවේ. එබැවින් ඔබ එන්නත් මාත්‍රා දෙක නිසියාකාරයෙන් ලබා ගත්තද තවදුරටත් රෝගය වැළඳීමෙන් ආරක්ෂා වීමේ ක්‍රම , සෞඛ්‍ය පුරුදු අඛණ්ඩව පවත්වා ගෙන යාම අනිවාර්ය වේ. 

තමා කැමැති එන්නතක් ලැබෙන තුරු කල් මැරීම

ෆයිසර් හෝ මොඩර්නා හෝ ඇස්ට්‍රාසෙනෙකා ද සයිනොෆාම්ද නැත්නම් වෙනත් එන්නතක්ද යන්න වර්ගීකරණය කළ යුතු නොවේ. එසේම ෆයිසර්, මොඩර්නා දෙන තුරු බලා සිටීමද අනුවණකමකි.  වසංගත කාලයකදී ප්‍රතිශක්තිය ලබා දෙන නිර්දේශිත කවර හෝ වර්ගයේ එන්නතක් ලබා නොගෙන කල් යැවීම තම ජීවිතය දැන දැනම අනතුරේ හෙළීමකි. 

එන්නතක හොඳ හෝ නරක යනුවෙන් වර්ගීකරණයක් කිරීමට අපට කිසිසේත්ම හැකියාවක් නැත. තමන්ට ලැබෙන කුමනාකාරයේ හෝ කොවිඩ් මර්දන එන්නතක් හැකි පමණ ඉක්මනින් නිසි පරිදි මාත්‍රා දෙකම නිවැරැදිව සම්පූර්ණ කර ගැනීම අත්‍යවශ්‍ය වේ. 

කොවිඩ් ආසාදිත කාලයේදී රෝගීන්ගේ ඖෂධ

වකුගඩුවක්   බද්ධ කළ⁣ රෝගීන් අතර ඖෂධ ගැටලුව බොහෝ අවස්ථාවලදී දැක ගත හැකියි. මන්ද ඔවුන් ප්‍රතිශක්තිය හීන කරන ඖෂධ ලබා ගන්නා අවදිවල පසු වීම ⁣ඊට හේතුවයි. එනිසාම මෙවන් රෝගීන් නිවෙස්වල නිරෝදායනය නොකර අතරමැදි මධ්‍යස්ථාන කරා යොමු කරයි. එහිදී ඔවුන්ව වෛද්‍ය කණ්ඩායම් විසින් විශේෂ අධීක්ෂණයකට නිරන්තරයෙන් ලක්කරමින්  රෝග ලක්ෂණ හා රුධිරයේ ඔක්සිජන් මට්ටම කෙරෙහි අවධානය ලබා දේ. 

එබැවින් කොවිඩ් ආසාදිත වකුගඩු රෝගියකු වෙත්නම් එබඳු අතරමැදි මධ්‍යස්ථානයක් කරා රැගෙන යන තුරුම මෙතෙක් භාවිත කළ ඖෂධ එයාකාරයෙන්ම ලබා ගත යුතු වේ. අතරමැදි මධ්‍යස්ථානයකට යොමු වීමෙන් අනතුරුව රෝගියා ගනු ලබන ප්‍රතිශක්තිය හීන කරන ඖෂධ නිසා රෝගයේ උත්සන්න වීමක් හෝ රෝග ලක්ෂණවල වර්ධනය වීමක් සිදු වන බවට වෛද්‍යවරයා තීරණය කළ හොත් ඖෂධවල යම් යම් වෙනස්කම් විශේෂඥ වෛද්‍යවරයා විසින් සිදු කරනු ලබයි. එබැවින් ඖෂධ මාත්‍රාවේ හෝ ඖෂධවල සියලුම වෙනස්කම් කිරීමේ සියලුම අයිතිය විශේෂඥ වෛද්‍යවරයකු සතු වන බැවින් ස්වඅභිමතය පරිදි රෝගියා කටයුතු කිරීමට යාමෙන් වැලකිය යුතුය.  ඒවගේම රුධිර කාන්දු කරණ ප්‍රතිකාරය ලබන කොවිඩ් ආසාදිත රෝගීන්ද නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයට ඇතුළත් නොවේ. ඔවුන්ද අතරමැදි වෛද්‍ය මධ්‍යස්ථාන හෝ රෝහල් කරා යොමු කරනු ලබයි.  මෙබඳු රෝගීන්ට අදාල මධ්‍යස්ථාන හරහා නිරෝදායනය වන දිනවලදීත්,  කොවිඩ් රෝගයට ප්‍රතිකාර ලබන සමයේදීත් ඩයලසිස් ප්‍රතිකාරය නියමිත දිනයට ලබා දේ. 

කොරෝනාවෙන් බේරීමට හිතුමතයට බෙහෙත් බීම

මේ වනතෙක් කිසිඳු සායනික තහවුරු කිරීමක් කර නොමැති සමාජ මාධ්‍ය අතර හුවමාරු වන බටහිර හෝ ආයුර්වේද බෙහෙත් ලබා ගැනීමෙන් කොවිඩ් -19 ආසාදනය වීමෙන් වැලකේ යැයි නිශ්චිත තහවුරුවක් ලබා දීමට නුපුළුවන. මේවායෙහි  පාන වර්ග, පැණි වර්ග, කරල්, ප්‍රතිජීවක ඖෂධ ඇතුළත් වේ. මේ බෙහෙත් වෛද්‍ය උපදෙසකින් තොරව භාවිතයෙන් තවත් අවදානම ඉහළ යා හැකිය. මේවා මඟින් කොරෝනා  වයිරසය  සිරුරට ඇතුළු වීම  හෝ සිරුරට ඇතුල් වී ඇති වයිරසය මැඬපැවැත්වීම හෝ ප්‍රතිශක්තිය වර්ධනය වීමක් හෝ සිදු වෙතැයි අපේක්ෂා කළ නොහැකියි. මේ දිනවලදී ඇතම්හු වසංගතයෙන් බේරීම උදෙසා විටමින් 'C', විටමින් 'D' ඇරිත්‍රෝමයිසින් වැනි ප්‍රතිජීවක ඖෂද පවා ලබා ගැනීමට පෙළෙඹෙති. මේ ඖෂධවලට පවා මෙතෙක් සායනික තහවුරුවක් ලබා දී නැත.

තවද ඇතැම් රෝගීන් විටමින් "C"අධි මාත්‍රාවලින් ලබා ගනී. වකුගඩු රෝගීන් විටමින් "C" අධි මාත්‍රාවකින් ලබා ගැනීම වකුගඩුවට ඉතාම හානිදායක අතර වකුගඩු අකර්මණ්‍යතාව තවත් වැඩි වේ.

සමහර විටෙක මතුවන රෝග ලක්ෂණ අනුව එනම් ඔලුවේ තද බර ගතියක්, නහයේ බර ස්වාභාවයක්, නිතර කිවිසුම් යන ගතියක්     පවතී නම් නිවසේ නිරෝදායනය වන රෝගියකු හට "Antihistamines" වර්ගයේ බෙහෙත් නිර්දේශ කරනු ලබයි. උණ තත්ත්වය පවතීනම් පැරසිටමෝල්     නිර්දේශ කෙරේ. මෙයාකාරයෙන් ඇති වන රෝග ලක්ෂණයට අදාලව පමණක් ඖෂධ නියම ⁣කරයි. ඒත් මේ සියලුම බෙහෙත් ලබා ගත යුත්තේ වෛද්‍ය උපදෙස්වලට අනුකූලවයි. 

එන්නත ලබා ගත යුතුමයි

වකුගඩු ප්‍රදාහ ඇති අය, වකුගඩ බද්ධ කළ පිරිස්, ඩයලසිස් ප්‍රතිකාරය ලබන්නෝ සේම නිදන්ගත වකුගඩු රෝගීන් ඇතුළු  වකුගඩු රෝගීන් සියලුම දෙනාට කොවිඩ් මර්දන එන්නත නිර්දේශ කරනු ලැබේ. ඒ අනුව ළඟම ඇති රෝහලෙන් හෝ තමා අයත් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා එන්නත ලබා ගැනීමට පුලුවන.

කොවිඩ් ක්ෂණික ඇමතුම් සේවය

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා වෛද්‍ය ආයතනය එක්ව පැය 24 පුරාම  පාහේ ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අධ්‍යාපන සේවයක් පවත්වා ගෙන යනු ලැබේ. ඒ අනුව 2470710107107 හෝ 0113 071073  යන දුරකතන අංකවලට ඇමතිය  හැකියි.   තමන්ට කොවිඩ් රෝගය ගැන කුමන හෝ ගැටලුවක්, කොවිඩ් ආසාදිතව ඇති අයකුට මතුවන රෝග ලක්ෂණවලට  බෙහෙත් අවැසි නම් හෝ වෛද්‍යවරයකු හමු වීමට නිවසින් බැහැර වීමට  අපහසුතාවක් ඇත්නම් මෙම දුරකතන අංක හරහා වෛද්‍යවරයකු සමග සම්බන්ධ වී අදාල සේවාව ලබා ගත හැකිය. ඒ අනුව කොවිඩ් සම්බන්ධ ඕනෑම ගැටලුවක් මෙහිදී ඔබට යොමු කළ හැකි අතරම අදාල වෛද්‍ය උපදෙස් , ප්‍රතිකාර ක්‍රම ඔබට නොමිලයේ සැපයෙනු ඇත.

එබැවින් මෙවැනි දුෂ්කර වසංගත කාලයකට ඔරොත්තු දීමට හැකි වන පරිදි සෞඛ්‍යමත් ජීවන රටාවකට හැඩගැසීමට උත්සුක වීමේ වගකීම දැරිය හැකි පුරවැසියන් බිහි වීම අප කාගෙත් අපේක්ෂාවයි.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (1)

වකුගඩු රෝගීන්ට කොවිඩ් මර්දන එන්නතෙන් ආරක්ෂාව ලැබෙන්නේ මෙහෙමයි

Rupert Tuesday, 12 October 2021 07:47 AM

ඉතා හොඳ ලිපියක්. ඔබට ස්තුතියි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

සුව දිවියට අත්වැලක්

දැන දැන වැරදි කළාම හැදෙන හෘදයාබාධ
2025 ජනවාරි මස 22 3208 2

වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික



සිරුරේ ලේ අඩුවෙන ලෙඩේ තැලසීමියාව
2024 ඔක්තෝබර් මස 01 1438 0

වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන


අම්මලාට ලෙඩ වැඩි වෙන්න ප්‍රධාන හේතුව
2024 අගෝස්තු මස 28 1668 0

ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?


පියකරු මුහුණක් - සිතට සතුටක්
2024 මැයි මස 31 1200 0

මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න


වයස අවු. 40 ට වැඩි නම් ප්‍රෙෂර් බලාගන්න
2024 මැයි මස 06 2379 1

වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 312 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1333 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 342 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site