IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


‘පසු කොවිඩ් සංකූලතා ‘ ගැන ඔබ දැනුම්වත්ද?

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අසන්ති බලපිටිය

කොවිඩ් රෝගය වැළඳී මුල් දින 14න් පසුව වුවද ඇති විය හැකි තත්ත්වයක් ලෙස පසු කොවිඩ් සංකූලතා  හඳුන්වා දිය හැකියි. පශ්චාත් කොවිඩ් අවදිය යනු කොවිඩ් වැළඳී මාසයක් ගත වීමෙන් පසු එළැඹෙන අවදියයි. මාස තුනක් හෝ මාස තුනෙන් පසු අවදිය 'Post Covid Syndrome '  වේ. දිගටම කොවිඩ් රෝග ලක්ෂණ පැවතීම Syndrome තත්ත්වයක් විය හැකියි. පොදුවේ ගත් විට කොවිඩ් ආසාදිත වී මුල් දින 14න් පසු පශ්චාත් කොවිඩ් තත්ත්වය තිබිය හැකියි. කොවිඩ් වැළඳීම හේතුවෙන් රෝග ලක්ෂණ පෙන්වූ හෝ රෝග ලක්ෂණ නොපෙන්වූ දෙපිරිසටම මේ තත්ත්වය පැවැතිය හැකියි. මන්ද පී.සී. ආර්. නොකළ රෝගින් අතරත් මතුවන රෝග ලක්ෂණ පිරික්සීමේදී ඒවා පසු කොවිඩ් තත්ත්වයේ රෝග ලක්ෂණ බවට හෙළිවී ඇත. දැනට වාර්තා වෙන පරිදි නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් අතර පසු කොවිඩ් ලක්ෂණ සුලබව දැකිය හැකියි. 

ඒ අනුව ස්වසන පද්ධතිය ආශ්‍රිතව දිගටම පවතින පෙනහලු ආබාධ, නිව්මෝනියාව නිසා හට ගත් පෙනහලු ආබාධ, ස්වසන ආධාරක සවි කිරීම නිසා ඇති වූ සංකූලතා, හෘද පටලවල ආබාධ, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, අවධානය දිගටම රඳවා ගැනීමේ අපහසුව, දැඩි විඩාබර ගතිය, කැස්ස, විටින් විට වේගවත් වන හෘද ස්පන්දනය, පපුවේ හෝ උදරයේ වේදනා, මාංශපේශී හා හන්දිපත් වේදනාව,  නැවත නැවතත් ඇති වන ගඳ සුවඳ නොදැනීමේ තත්ත්වය සේම බොහෝ දෙනකුට මානසික ප්‍රශ්න පවා ඇති කරලිය හැකියි.

ඒ වගේම කොවිඩ් වසංගතය සමඟ දැණුන ආතති තත්ත්වය,  තවමත් පහව නොගිය බිය,මානසික අවපීඩනය, වකුගඩු ප්‍රශ්න ඇති වේ. 
තවද බහුල නොවන රෝග ලක්ෂණ ලෙස නින්ද නොයාම, හිසරදය පවා හට ගැනේ. මෙය නව රෝගී තත්ත්වයක් බැවින් අදාල සංකූලතා ගැන විශ්ලේෂණය කළ හැක්කේ කාලයත් සමඟයි. මේ පිළිබඳව වැඩිදුර සමීක්ෂණ වාර්තා නොමැති බැවින් වෛද්‍යවරුන්ට පවා අභියෝගයක් වීමට පුලුවන. 

 මුල් දින 14න් පසු රෝගීන් සාමාන්‍ය තත්ත්වයට පත් විය යුත්තේ ඉතා ක්‍රමානුකූලවයි. රෝගය වැළඳීමට පෙරාතුව සිට කළ කාර්යය ධාරිතාව සුව වූ මුල් දිනයේ සිටම සැපිරිය නොහැකියි. ගතට බොහෝ විඩාව ගෙනදෙන කාර්යයවල නියැළීම සිදු නොකළ යුතු අතර මනා විවේකය අවශ්‍ය වේ. මෙහිදී සම්පූර්ණයෙන්ම විවේකීව  හිඳ කාර්යය අරඹද්දී වුව ගතට දැඩි විඩාවක් දැනේ.  විවේකයෙන් ගත කරන අතරතුරම සුළුවෙන් කාර්යය ඇරඹීම කළ හැකියි. මේ තත්ත්ව වලක්වා ගනු වස්    ලොකු පොඩි සැවොම සමබල ආහාර වේලක් ගත යුතුයි. මස් පිඩුවල තද ගතිය , ලේ කැටිගැසීම වැලැක්වීම සඳහා හොඳින් ජලය පානය කළ යුතුය. එය ලීටර් දෙකත්, දෙක හමාරකින් පටන් ගත හැකියි. සරල ව්‍යායාමයක යෙදෙන්න. ඒ වගේම රෝගය වැළඳීම නිසාවෙන් නවතා දමා තිබූ මත්පැන් භාවිතය, දුම්පානය වැනි පුරුදු මේ වනවිටත් යළි අරඹා ඇත්නම් එය ඉතාම අහිතකර වේ. මෙම කරුණු සපුරමින් නිවැරදි සහ නිරෝගිමත් ජීවන රටාවකට හුරු වූවකුට බාහිරින් විටමින් ලබා ගැනීමේ කිසිඳු අවශ්‍යතාවක් පැන නොනගී. මෙවන් පුද්ගලයකුට කොවිඩ් රෝගය වැළඳුණද සංකූලතා වර්ධනය වී රෝගය තීව්‍ර මට්ටමකට ළඟා නොවේ. 

එසේම නිරෝධායනය වන පුද්ගලයකු නම් අදාල කාල සීමාව අවසන් වීමෙන් පසුව කොවිඩ් මර්දන එන්නත ලබා ගත හැකියි. කොවිඩ් ආසාදිත පුද්ගලයකු නම් පී.සී.ආර්. මගින් රෝගය තහවුරු කළ දිනයේ සිට මාසයක් පමණ ගත වීමෙන් පසු එන්නත ලබා ගත හැකියි. 
නිරෝගීතාව පවත්වා ගැනීමේදී රෝගී නොවී සිටීමට වගබලා ගත යුතු අතර කොවිඩ් ආසාදනය වුවද ඉහත පසු  කොවිඩ් ලක්ෂණ ගැන අවධානයෙන් හිඳීම වැදගත් වේ. 

කිසියම් පුද්ගලයකුට මතුවන සංකූලතා නිවැරැදිව නිර්ණය කිරීමට අපහසු නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම යෝග්‍යදායී පියවරකි. මේ වන විට පසු කොවිඩ් තත්ත්වය සඳහාද සායන පැවැත්වේ. එහිදී රෝගියා පරීක්ෂා කොට රෝග සංකූලතා තහවුරු කර ගත හැකිය. මේ පිළිබඳව ගැටලුවක් ඇත්නම් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැය 24පුරාම ක්‍රියාත්මක දුරකතන අංක 1999  ඇමතීම මගින් ගැටලු නිරාකණය කර ගත හැකියි. 

ඔබ මේ වනවිට කොරෝනා වයිරසය, එහි ව්‍යාප්තිය සේම ආරක්ෂා වීමේ ක්‍රමවේද ගැනත් මනාව දැනුම්වත්ව ඇති බැවින් අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැත. 

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (2)

‘පසු කොවිඩ් සංකූලතා ‘ ගැන ඔබ දැනුම්වත්ද?

Chinthaka Wednesday, 10 November 2021 01:08 PM

මට කොවිඩ් ආසදනය වෙලා මාස 5යි . කෝවිඩ් ආසාදනය වී සති තුනක් යනකොට මගේ බඩේ වම් පැත්තෙන් වේදනාවක් අාවා. හිතුවේ බඩේගල් කියලා. එ්ත් පරීක්ෂා කළාම ගල් නෙවෙයි, තවමත් වේදනාවක් තියෙනවා. කෝවිඩ් ආසාදනය වුණු අයට මෙහෙම වෙනවාද?

:       0       2

gamaathi Sunday, 14 November 2021 01:51 PM

පසු එන්නත් කරන සංකූලතා ගැනත් අධ්‍යයනයක් කරන්න...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 276 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16214 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 591 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site