IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දෙපා රැකගෙන ලස්සනට ඉමු

ලස්සන වෙන්න නම් පිරිසුදුතාව සේම නිරෝගීතාවත් එක සේම පැවතිය යුතුයි. කෙනකුගේ මුහුණ කෙතරම් ප්‍රියමනාප වුවත් ඒ ගතිය දෑත්වලට, වරලසට විශේෂයෙන් දෙපාවලට නැත්නම් මතු වන්නේ අවලස්සනකි.

බැවින් මුහුණට දක්වන සැලකිල්ල, ආදරය එයාකාරයෙන්ම මුළු සිරුර කෙරෙහිත් පැවතිය යුතුයි. එනම් මුහුණ කෙතරම් පිරිසුදු වුවත් ඔබේ දෙපා අපිරිසුදු නම් කිසිවකු ඔබට ලස්සනයි කියන්නේ නම් නැත. බොහෝ දෙනකුට අමතකව යන කාරණයත් දෙපා ලස්සනට තබා ගැනීමයි.

1) දෙපා පිරිසුදු කිරීම

කකුල් දෙක නිතර දෙවේලේ සේදීම මින් අදහස් නොවේ. කුණු, දුහුවිලි, අපවිත්‍ර දෑ ඇති පොළොව සමග නිරන්තරයෙන් ගැටෙන දෙපා උදේ - සවස මනාව සෝදා පිරිසුදු කර ගැනීම ප්‍රමාණවත් වේ.

2) දෙපා මෘදුව සේදීමට වගබලා ගන්න.

ගල්, බුරුසු, කොහු ලණු ආදිය භාවිත කර තදින් ඇතිල්ලීම, මැදීම සිදු නොකරන්න.

3) නියපොතු ගැනත් අවදානය යොමු කිරීම ඉතාම වැදගත්.

නියපොතු පිළිවෙළකට කෙළින් අතට කැපීම සිදු කළ යුතුයි. එසේ නැතිව වක්‍රාකාරයෙන් සහ ඉතා කොටට කැපීම තුළින් අභ්‍යන්තරය තුවාල වී විසබීජ ඇතුළු වී ආසාදන තත්ත්ව ඇති කරයි.

4) අවපැහැගැන්වී ඇති නියපොතුවලට ප්‍රතිකාර

කකුල් මෘදුව සෝදා ගැනීමෙන් අනතුරුව දෙහි ලෙල්ලක් ගෙන නියපොතු මැදීම මගින් අවපැහැ ගතිය මග හරවා ගත හැකියි.

5) ඔබ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නකු නම් දෙපා ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න.

දියවැඩියා රෝගියකුට කකුලේ කුඩා සීරීමක් , තුවාලයක් සිදු වුවද සංවේදන තත්ත්වය අඩු වීම නිසා එය නොදැනී යාමට ඇති ඉඩකඩ වැඩියි. දිනපතාම එබඳු රෝගීන් කණ්ණාඩියක් යොදා ගනිමින් තම දෙපාවල යටි පතුල් නිරීක්ෂණය කිරීම මගින් එබඳු තත්ත්ව වලක්වා ගත හැකිය. එසේම තරුණ, වැඩිහිටි සියලුම දෙනා තමන්ගේ රුධිර ගත සීනි මට්ටම නියමිත පරිදි පවත්වා ගැනීම කෙරෙහිත් අවධානය යොමු කරන්න.

6) කකුලට හරියන ලෙසට පළඳින්න.

සපත්තු මේස් තෝරා ගැනීමේදී දෙපාවල සමට හිතකර වන පරිදි අදාල නිෂ්පාදන තෝරා ගැනීමට කටයුතු කරන්න. එසේම කකුලට තදවන ලෙස හෝ බුරුල් වන පරිදි පාවහන් ,සපත්තු වැනි දෑ පැළඳීමෙන් වලකින්න.

7) දෙපාවල තෙතමනය රැඳී තිබීමට ඉඩ නොහරින්න.

කකුල් සෝදා පිරිසුදු කර ගත් පසු මෘදු පිස්නාවක් භාවිත කර දෙපා තෙත මාත්තු කර ගන්න. විශේෂයෙන් ඇගිලි කරු අතර ප්‍රදේශයද තෙතමනයෙන් තොරව වියළිව තබා ගැනීමෙන් ආසාදන ආදිය අවම කර ගත හැකිය.

8) නියපොතු වර්ණ ගැන්වීමේදී එය ක්‍රමානුකූලව ඉවත් කිරීමත් කළ යුතුයි.

නිය වර්ණ ගැන්වීම මෙන්ම නිසි කලට ඉවත් කිරීමටත් මතක තබා ගන්න.

9) පාදවල සුළු හෝ තුවාලයක් සීරීමක් ඇත්නම් සැලකිලිමත් වන්න.

පොළොව හා නිතර ගැටෙන පාද ඉක්මනින්ම අපිරිසුදු වේ. පාදවල ඇති තුවාලවලට විසබීජ ඇතුළු වී තුවාල පැසවීම ඉක්මන් කරයි. එබැවින් මුහුණට දෙන අවධානය කකුල්වලටත් ලබා දෙන්න.

10) දෙපාවල විඩාව සංසිඳුවීම සඳහා

මඳ උණු රස්නය ඇති වතුරට ලුණු කැට ස්වල්පයක් දමා තම දෙපා විනාඩි කිහිපයක් එහි ගිල්වා තබන්න.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

දෙපා රැකගෙන ලස්සනට ඉමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site