
පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය ඉන්දික එල්ලාවල
(ගයාන් සූරියආරච්චි)
* ඉවතලන පොල්කටු, යෝගටි කොප්ප, හිස් ටින්, කිරි මුටිටි ආදිය වළලා දමන්න,. විනාශ කරන්න. නැතිනම් වෙන්ව ජලය නොරැදෙන ලෙස එකතු කොට විකුණා මුදලක් ලබා ගන්න. ඉවතලන ටයර්වලට වැලි පුරවන්න.
* වහලයට සවිකර ඇති වැහිපීළි ඇද වී වක ගැසි හෝ කොළ රොඩු එකතුවීම නිසා අවහිර වි ඇත්දැයි බලන්න. වැහිපීලිවල කොළරොඩු නිතර පිරිසිදු කරන්න.
* ජලය රැදෙන බ්‍රොම්ලියා, උණ පුරුක්, අන්නාසි කුලයේ ශාක පත්‍ර ගස්බෙණ තුල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි බැවින් ජලය නොරැදෙන සේ තබා ගැනීමට සැලකිලිමත් වන්න. ගස්බෙන වලට වැලි පුරවන්න.
* ඩෙංගු මදුරුවන්ගේ බිත්තර ඇලෙනසු`ඵ බැවින් වතුර ටැංකි, බැරල් කුරුල්ලන්ට නෑමට හෝ සිවුපා සතුන්ට බීමට වතුර තබා ඇති බදුන් සතියකට වරක් හොදින් අතුල්ලා පිරිසිදු කරන්න.
* වැසිකිලි වල තුළට මදුරුවන් ඇතුලුවීමට නොහැකි වනසේ සීල් තබන්න. මු`ඵතැන්ගෙයි හෝ නාන කාමර වලින් ඉවත දමන අප ජලය ගෙවත්තේ තැන් තැන්වල හෝ කාණුවල රැදී තිබේදැයි බලන්න.
* නිවසේ වහල කොන්ක්‍රීටි තට්ටුවක් නම් තැනින් තැන වතුර එකතු වි ඇත්දැයි බලන්න. නිවසේ තාප්පය මත බෝතල් කටු සමඟ බෝතල් කැබලි සවිකර ඇත්දැයි බලන්න. එම බෝතල් කැබලි වල ජලය රැදී ඇත්නම් මදුරුවන් බෝවිය හැක.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd