IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


කොවිඩ් සුව වූ පසුවත් ඔබට මේ ලක්ෂණ තියෙනවාද ?

කොවිඩ් - 19 රෝගයට ගොදුරු වන බොහෝ දෙනකු  දින කිහිපයකින් ද, ඇතැමකු සති කිහිපයක් ඇතුළතද නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් වෙති. එසේ වුවත් සුළුතරයක් දෙනකුට හෝ යළි සම්පූර්ණයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් වීමට මාසයකටත් වඩා කාලයක් ගතවන අවස්ථා දක්නට ලැබේ.

මෙම තත්ත්වය, පසු කොවිඩ් සංකූලතා තත්ත්වය (Post COVID Conditions) ලෙසින් හඳුන්වා දිය හැකිය.  කොවිඩ් ආසාදනයෙන් දරුණු ලෙස රෝගී තත්ත්වයට පත්වූ පුද්ගලයන් වගේම ඉතා සුළු රෝග ලක්ෂණ දැක්වූ හා කිසිදු රෝග ලක්ෂණයක් නොදැක් වූ පුද්ගලයන්ට පවා මෙම තත්ත්වය ඇතිවීමේ ඉඩකඩක් පැවතීම මෙහි විශේෂත්වයයි.

 පසු-කොවිඩ් තත්ත්වයේදී බහුලව දක්නට ලැබෙන රෝග ලක්ෂණ කිහිපයකි. ඒවා නම්

⦿ හුස්ම ගැනීමේ අපහසුතාව
⦿ තෙහෙට්ටුව
⦿ අවධානය පවත්වාගෙන යාමේ අපහසුතා

මෙම ලක්ෂණ  සුලබව දක්නට ලැබෙන අතර මීට අමතරව,

⦿ ශාරීරික හෝ මානසික වෙහෙසීමකින් පසු අපහසුතාව වැඩිවීම
⦿ කැස්ස
⦿ විටින් විට වේගවත් වන හෘද ස්පන්දනය
⦿ පපුවේ හෝ උදරයේ වේදනාවන්
⦿ හිස කැරකැවිල්ල
⦿ මාංශ පේශි හා හන්දිපත් වේදනාව
⦿ නින්ද යෑමේ අපහසුතා
⦿ ගඳ සුවඳ දැනීමේ වෙනස්කම්

යනාදී විවිධ රෝග ලක්ෂණ ගණනාවක් මේ වනවිට පසු-කොවිඩ් තත්වයට අදාළව වාර්තා වෙමින් පවතී.

කොවිඩ් ආසාදනය සුව වූ පසුවත්, නොයෙක් ශාරීරික සහ මානසික අපහසුතාවන් පැවතීම  රෝගීන්  අතරේ දැකිය හැකි තත්ත්වයකි. බොහෝ විට මෙම රෝග ලක්ෂණ කාලයත් සමග ක්‍රමයෙන් අඩු වී යයි. මෙහිදී ඉතාමත්ම වැදගත් වන්නේ හැකි උපරිමයෙන් විවේක ගැනීමයි. අනවශ්‍ය ලෙස ශරීරය හා මනස වෙහෙස කිරීම රෝග ලක්ෂණ වැඩි වීමට හේතුවක් විය හැකියි . සුවය ලද පසුව එකවරම නොව මුලින්     ගතට වෙහෙසක් නොදෙන අපහසුවක් නැතිව කළ හැකි කාර්යය   තෝරා ගෙන      එදිනෙදා වැඩ කටයුතුවලට ක්‍රම ක්‍රමයෙන් පිවිසීම කළ යුතුයි.  සාමාන්‍යයෙන් ගතට විඩාව දෙන කාර්යයවල නිරතවුන කෙනක් පවා, එක්වරම එයට යොමු නොවී පියවරෙන් පියවර තම ක්‍රියාකාරකම්වලට පිවිසිය යුතුය.   තමන්ට දරාගත හැකි මට්ටමෙන් පමණක් වෙහෙස වීමට ප්‍රවේශම් විය යුතුයි. මෙම කාලය හැකි පමණ විවේකයෙන් සිත සැහැල්ලුවෙන් ගත කිරීම ඉක්මනින් ශරීර සෞඛ්‍යය යථා තත්ත්වයට පත් වීමට රුකුලක් වනවා ඇත. 

කෙසේ වුවත් මෙම රෝග ලක්ෂණ කොවිඩ්-19 තත්ත්වයට අදාල නොවන වෙනත් රෝග නිසාද ඇති විය හැකියි.  එවැනි තත්ත්වයක් පවතීදැයි ඔබට තනිවම හඳුනාගැනීම අපහසු විය හැකියි. කොවිඩ් සුව වීමෙන් පසුවද , ඉහත කී රෝග ලක්ෂණ හෝ වෙනත් අපහසුතා තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුයි. යමකුට මේ පිළිබඳ ගැටලුවක් ඇත්නම් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 දුරකතන අංකය පැය 24 පුරාවම විවෘතව පවතී.

ඕනෑම රෝගයක සංකූලතා වලක්වා ගැනීමේ ප්‍රධානම ක්‍රමය වන්නේ, එම රෝගයෙන් හැකි උපරිමයෙන් ආරක්ෂා වීමට කටයුතු කිරීමයි. එය කොරෝනා වයිරස ආසාදනයටත් එකසේම අදාලය.ආසාදන අවදානම අවම කරගන්නට නම්, බෝ වීමේ ඉහළ හැකියාවක් ලබාගෙන සිටින විකෘති වයිරස ප්‍රභේදයක් පැතිරයන අවස්ථාවක, සෞඛ්‍ය ආරක්ෂණ පුරුදු  වෙනදාටත් වඩා සැලකිල්ලෙන් නිවැරැදිව පවත්වා ගත යුතු වේ.

වයස්ගත පුද්ගලයන්ට මෙන් ම කොවිඩ් ආසාදනයෙන් සුළු රෝග ලක්ෂණ පෙන්වූ තරුණයින් අතරේ ද මෙම පසු-සංකූලතා දක්නට ලැබේ. කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීම මගින් මෙම පසු කෝවිඩ් සංකූලතා ඇතිවීමේ අවදානම බොහෝ දුරට අවම කර ගත හැකියි.

මේ වන විට දිවයින පුරා එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා සාර්ථක අන්දමින්  කෙරීගෙන යන අතර නුදුරු දිනයේදීම දරුවන්ද එන්නත්කරණයට ලක් කරනු ඇති. එන්නත ලබා ගත් පසුවද නිවැරැදිව සෞඛ්‍ය පුරුදු දිගටම පවත්වා ගැනීමෙන් සහ සියලුම දෙනා නොපමාව එන්නත ලබා ගැනීම මගින් covid ආසාදනයේ විවිධ  සංකූලතා සමාජය තුළ දක්නට ලැබීම අවම කර ගැනීමට  හැකි වනවා ඇති.    

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු ඇසුරිනි)

- සටහන- මාධවී ධර්මරත්න



අදහස් (1)

කොවිඩ් සුව වූ පසුවත් ඔබට මේ ලක්ෂණ තියෙනවාද ?

hesa Sunday, 26 September 2021 02:41 AM

එන්නත නොගත් අයට අතුරු ආබාධ තියෙනවද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 276 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16215 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 591 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site