
රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය හමුවේ කෑම බීම මිලදී ගැනීම අද බොහෝ දෙනකුට ගැටලුවකි. එසේම අධික මිල මුදලක් ලබා දී පෝෂණීය ආහාර ලබා ගැනීමත් තවත් අර්බුදයකි. පෝෂණීය කෑම වේලක් ලබා ගැනීමට අපි මුදල් වියදම් කළ යුතුමද?
පවතින තත්ත්වය මත එබඳු මුදලක් වැය නොකොට සිරුරට පෝෂණය, ප්‍රතිශක්තිය ලැබෙන ගෙවත්තෙන්ම පහසුවෙන්ම සපයා ගත හැකි අපට අමතකව ගොස් ඇති ආහාර කොතෙක්ද?නගරබද නිවෙස්වල කුඩා ඉඩකඩක හෝ වගා කර ගත හැකි ඉඟුරු සෞඛ්‍යමය අතින් ඉහළ ප්‍රතිලාභ ගෙන දෙන්නකි.
ඉඟුරුවල අන්තර්ගත ගුණ
අත් බෙහෙතක් වශයෙන් සෙම් ගතිය , බඩේ අමාරු වැනි සුළු අසනීප තත්ත්ව සමනය කරයි. කදිම වේදනා නාශකයකි. ඉදිමුමට මෙන්ම අයු සහ නාඩි උත්තේජනයට , ආහාර රුචිය වැඩි කරවීමටත් යොදා ගත හැකියි.
එසේම දියවැඩියාව- කොලෙස්ට්‍රෝල් - බරවා - ඉරුවාරදය -වමනය-රුධිරය කැටි ගැසීමට මෙන්ම ස්ථුලතාව අඩු කරවීමටත් යොදා ගැනේ. ප්‍රතිබැක්ටීරියාවක් වශයෙන් ක්‍රියා කරමින් දිලීර ආදී තත්ත්ව නසනු ලැබේ. කාමෝද්දීපන ක්‍රියාකාරීත්වය තහවුරු කරයි.
මෙහි නිර්වේදනීය ගුණ වශයෙන් වයසට යාම පාලනය කර තරුණ බව රැකදේ. ප්‍රතිඔක්සිකරණ ගුණ අන්තර්ගතයි. මෙවන් සෞඛ්‍ය ප්‍රතිලාභ බොහොමයක් ලබා දෙන ඉඟුරු යොදා සකසා ගත් ප්‍රණීත උණුසුම් තේ කෝප්පයකින් දවස ඇරැඹීමට හැකියි. ඉඟුරු තේ සමග මිශ්‍ර කිරීමේදී එය තමන් පිළියෙළ කරන තේ කෝප්පයට ප්‍රමාණවත් වන පරිදි විය යුතුයි. එසේම එය හොඳින් තලා සකසා ගත හැකියි.
එය ශරීරයේ අභ්‍යන්තරයට අප යොමු කරන වස විසවලට වඩා කෙතරම් ගුණදායකද යන්න ඔබටම වැටහේවි. මිල මුදල් වැය කරමින් කිසිඳු පෝෂණයක් නැති ආහාරවලින් නිරෝගීකම පැතීම පවා නිෂ්ඵල වේ. එහෙයින් සිරුර අභ්‍යන්තර විස නසන මෙවන් දෑ ගැන අප දැනුම්වත්ව හිඳීම මහඟු ප්‍රයෝජනයකි.
රසවත් තේ පානයකට මිශ්‍ර කර ගැනීම මෙන්ම සමහර වෑංජන රසවත් කිරීමෙහිලාද ඉඟුරු යොදා ගැණෙන අවස්ථා ඇත. ආහාර හිඟයක් ඇති මෙවන් කාලයකට ඔරෝත්තු දීමට හැකි වන පරිදි ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමෙහිලාද ඉඟුරු යොදා ගත හැකිය.
-සටහන- මාධවී ධර්මරත්න
2025 දෙසැම්බර් මස 18
136
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉඟුරු ගෙන දෙන ගුණ