දුරකතන සංවාද පටිගත කිරීමේ සිරිත් සදාචාරාත්මකද?
අධිකරණයට අපහාස කිරීමේ වරදකට සිව් වසරක සිරදඬුවමක් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා, තමන්ට ජනාධිපති සමාව දෙන්නැයි ඉල්ලා සකසන ලද ලිපියට අත්සන් තැබූ බව පසුගියදා මාධ්‍ය වාර්තා කොට තිබුණේය. රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව දෙන ලෙස විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත්, ඒ සඳහා ලිඛිත ඉල්ලීමක් කරන්නැයි ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවත්, මීට කලියෙන් මාධ්‍ය වාර්තා කොට තිබුණේය.