IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


එංගලන්තයට අපේ රසය බෙදන ආච්චිගේ කේටරින් සේවය'

 

 

යම් කිසි සංචාරක ගමනාන්තයක හොඳම කොටස්වලින් එකක් වන්නේ දේශීය ආහාර රස බැලීමයි. සෑම රටකටම සුවිශේෂී යමක් තිබිය හැකි අතර, අපි සැමවිටම ඒ ඒ රටවල අවේනික ආහාරවල අත්දැකීම සොයන්නෙමු. වීදි ආහාර නිසැකවම කෙනකුට වඩාත්ම දැරිය හැකි ආහාර වේලකි. රසවත් කෑම වර්ග නියෝජනය කරන නිසා මිල අධික හා විලාසිතාමය අවන්හල්වලට ඇලී සිටීමට අවශ්‍ය නැත. 

 
ඒ ඒ රටවලට ආවේණික කෑම වර්ග තිබියදී ශ්‍රී ලංකාවේ නිර්මාංශ දේශීය ආහාර ජනප්‍රිය කරවීමේ අපූරු උත්සාහයක නිරතව සිටින ලෝක දේශපාලනඥයෝ ද සිටිති. ඒ අතරින් ඕස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන් ඉදිරියෙන්ම සිටින්නේය.   


එවැනි ලෝක නායකයන් ලාංකික ආහාර ප්‍රචලිත කිරීමට විශාල උනන්දුවක් දක්වද්දී, ලෝක ප්‍රසිද්ධ ලාංකික සුපවේදී දර්ශන් මුනිදාස, බොලිවුඩ් තරුවක වන ශ්‍රී ලාංකික ජැකලීන් ෆර්නැන්ඩස් වැන්නවුන් ලොව පුරා ශ්‍රී ලංකා ආහාර අඩංගු අවන්හල් විවෘත කරද්දී, බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්ලෝයි සහ මයික් නමැති මධ්‍යම පාන්තික විවාහක යුවළ ලංකාවේ සිටින සිය මිත්තණියගේ සියලු‍ ආහාර වට්ටෝරු ජනප්‍රිය කිරීමේ කාර්යයට අත ගසා ඇති පුවතක් බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් ෆයින්ස්ට් නෙට්වර්ක් ආයතනය විසින් ඉකුත් දා අන්තර්ජාලයට නිකුත් කර තිබිණි.   


බ්‍රිතාන්‍යයේ පවතින දැඩි කොවිඩ් වසංගත සීමා හමුවේ මේ අපූරු කේටරින් සේවාව ලියාපදිංචි කර ඇත්තේ සිංහල භාෂාවේ සාමාන්‍ය ව්‍යවහාරයේ කියැවෙන “ආච්චී”‍ (ARCHCHI) යන යෙදුමෙනි. මෙම කේටරින් සේවාවේ අයිතිකාරිය වන ක්ලෝයි මෙහි ලාංඡනයට යොදා ඇත්තේ ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ පදිංචිව සිටින සිය මිත්තණියගේ රුව වීම තවත් විශේෂත්වයකි. තවමත් තරුණ වියේ පසුවන ක්ලෝයි ශ්‍රී ලංකාවට නෑකම් කියන්නේ සිය මව් පාර්ශ්වයෙන් බව ඇය මැන්චෙස්ටර් ෆයින්ස්ට් වෙත පවසා තිබිණි. ඇයගේ මව ශ්‍රී ලාංකික කාන්තාවකි. ක්ලෝයිට තවත් සහෝදරියක් ද සිටින්නීය.   


කුඩා කාලයේ සහ තරුණ අවධියේදී වරින් වර කොළඹට ගොස් සිය මිත්තණිය හමු වූ ක්ලෝයි සහ මයික් යුවළ මිත්තණියගේ ආහාර වට්ටෝරු මෙන්ම, ක්ලෝයි ගේ මවගේ ආහාර වට්ටෝරුවල සුසැදියෙන් සැකසෙන පොල් රොටි, කට්ලට්, පැටිස්, ආප්ප හා බිත්තර ආප්ප වැනි ලාංකීය කෙටි ආහාර මෙන්ම බත්, පරිප්පු වෑංජනය, තුනපහ වැඩියෙන් මුසු කළ කුකුල් මස් වෑංජනය, කොළ මැල්ලු‍ම, අල බැදුම, ගෝවා මල් බැදුම දැන් මැන්චෙස්ටර් නගරයේ පාරිභෝගිකයන් ආකර්ෂණය කරගෙන හමාරය. ඊට අමතරව ක්ලෝයි විසින් බෝතල්වලට ඇසුරුම් කළ ලාංකීය ලූනු බැදුම් හා විවිධ රසයෙන් යුතු මුරුක්කු ද ඇය විකුණන්නීය.   
ශ්‍රී ලාංකිකයෝ පොල් සම්බෝලවලට අමතරව තම ප්‍රධාන ආහාර වේලට “මැල්ලු‍ම්”‍ ද එකතු කරගනිති. මැල්ලු‍ම් සාදා ගන්නේ සිහින්ව කපා ගන්නා ලද පලා කොළ, සිහින්ව ගා ගත් පොල් හා රතු ලූනු සමඟ මිශ්‍ර කිරීමෙනි. ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික අහාර බොහෝමයක ඒවාට ආවේණික වූ විශේෂිත රසයක් ඇති අතර, එම රසය ලබාගැනීමට පොල් කිරි බහුලව භාවිත වේ. මේ සියල්ල නොඅඩුවම ක්ලෝයි අතින් පිළියෙල වන ආහාර වේල්වල ද අඩංගු වේ.   


සාමාන්‍යයෙන් මෙම ආහාර පවුම් තුන, පහ සහ හතේ සිට සාධාරණ මිල ගණන්වලට ලබාගත හැක. මැන්චෙස්ටර් නගරය හා ඊට තදාසන්න ප්‍රදේශවල පවතින කොවිඩ් සංචරණ සීමා හේතුවෙන් එකම ආහාර වේල ගැනීම නිසා පීඩාවට පත් වූ බොහෝ දෙනකු තමාගේ මෙම ලාංකික ආහාර ඇනවුම් කළ බව ඇය සඳහන් කරනුයේ මහත් සතුටිනි.   


ක්ලෝයි මෙම ලාංකික ආහාර සැපැයීමේදී ආහාර සුරක්ෂිතතාව හා පරිසර හිතකාමී ආහාර ඇසුරුම් කට්ටල යොදා ගැනීම ගැන ද වැඩි සැලකිල්ලක් දක්වන්නීය. 

 
මේ ආහාර සැකසීමේ ප්‍රධාන සුපවේදිනිය වන්නේ ක්ලෝයි ය. ඇයට මේ ආහාර සැකසීමේදී සිය ලාංකික මව සහ කොළඹ සිටින මිත්තණිය කිසිසේත්ම අමතක කළ නොහැකි බවත්, තමා ඔවුන්ට සදා ණයගැති බවත් ඇය කියා සිටියාය.   


වසංගත තත්ත්වය හමුවේ ක්ලෝයි සහ ඇයගේ සැමියා කලින් ලබාදෙන ඇනුවම් මත නිවෙස්වලට මෙම ආහාර බෙදාහරියි. මැන්චෙස්ටර් අවට වීදිවල වීදි ආහාර උත්සවවලට ද ඊට අමතරව නිවෙස්වලට කේටරින් සේවාව ද සපයමින් සිටින්නේ පවතින දැඩි ඉල්ලු‍ම නිසාය. 

 
බහුතරයකට නොතේරෙන ගෝලීයකරණය, ඒ ඔස්සේ ගොඩනැගුණු ව්‍යාපාරික ආධිපත්‍යය හා නව වෙළෙඳපොළ ව්‍යාප්තිය ආදිය සියල්ල යටපත් කරමින් පැමිණි කොවිඩ් වසංගත තත්ත්වය මාස හයකට වැඩි කාලයක් බ්‍රිතාන්‍යයේ දරුණුව තිබියදී ක්ලෝයි සහ ඇයගේ සැමියා මෙම ලාංකීය ආහාර ඇතුළත් කේටරින් සේවාව දැන් කෙමෙන් කෙමෙන් මැන්චෙස්ටර් නගරය හා ඊට තදාසන්න ප්‍රදේශ පුරා ප්‍රචලිත කරමින් සිටින්නේ මහත් කැපවීමෙනි.   


තම සැමියා වන මයික් ගේ මව්පියන් දක්වන සහාය ක්ලෝයි අමතක නොකරන්නීය. එසේම, ශ්‍රී ලාංකික වට්ටෝරු මැන්චෙස්ටර් වෙත ගෙන ඒමට මුල් වූ ක්ලොයි ගේ මිත්තණිය වයස්ගත වුව ද පියකරු කාන්තාවකි. ක්ලෝයි ඉපිද මාස හතේදී පළමුවෙන්ම ලංකාවට ගොස් ඇති අතර, පසුව වසර කිහිපයක්ම නොකඩවා ලංකාවේ සංචාරය කළ ක්ලෝයි අවසන් වරට තම මිත්තණිය හා මවගේ අනෙකුත් නෑයින් බැලීමට ගොස් ඇත්තේ 2017 සහ 2018 දීය. එම සංචාරවලදී සුන්දර රට වටා සංචාරය කරමින් සති 10ක් ශ්‍රී ලංකාවේ ගත කළ බවත්, වසංගත තත්ත්වය නිසා පසුව සංචාරය කිරීම මගහැරී ගිය බවත් ඇය සිහිපත් කරනුයේ සංවේදී ලෙසිනි.   


ගිය වසරේ ශ්‍රීෂ්ම ඍතුවේ එක් වේලකට පුද්ගලයන් 10කට අඩු පිරිසකට ලාංකික ආහාර පිළියෙල කළ ක්ලෝයි ගේ කේටරින් සේවාව දැන් වේලකට පුද්ගලයන් 50කට වැඩි පිරිසකට පිළියෙල වන්නේය. ඒ ගැන ඇය ස්තුතිය පළ කරන්නේ මෙලෙස කියමිනි.  


“තමන් වෙනුවෙන් යමක් ආරම්භ කිරීමට පෙලඹවීම ගැන සිතන කෙනකුට අපට එක දෙයක් පැවැසිය හැකියි. ඒ නම් ඔබ සිතූ දෙය කරන්න. ඔබ ඒ ගැන පසුතැවෙන්නේ නැත.” යනුවෙනි.   


නවීකරණය වීම අත්‍යවශ්‍ය වුව ද එය පවතින සමාජයට ආගන්තුක නොවන, සරල ලෙසින්, මුදල් වියදම් නොවන ආකාරයට මෙම ලාංකික ආහාර වේල් මැන්චෙස්ටර් පුරා ජනප්‍රිය කරවීම ක්ලෝයි සහ මයික් ගේ බලාපොරොත්තුවය. 

 

 

 
මැන්චෙස්ටර් ෆයින්ස්ට් ඇසුරෙනි. 

 
(ඡායාරූප සැපැයුම - “ආච්චී”‍ (ARCHCHI) කේටරින් සේවාවේ නිල වෙබ් අඩවියෙනි.) 

 

 

සටහන තිළිණි ද සිල්වා     

 



අදහස් (1)

එංගලන්තයට අපේ රසය බෙදන ආච්චිගේ කේටරින් සේවය'

Sisira Sunday, 04 July 2021 01:45 PM

ඔබට සුබපැතුම්..!!!

:       0       79

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site