පොහොර: විද්‍යාත්මක විමසුමක්
මෙතෙක් කල් ශ්‍රී ලංකාව තුළ භාවිතා කළ රසායනික පොහොර වර්ග ආනයනය සහ භාවිතය තහනම් කරමින් ගන්නාලද තීරණයේ විනාශකාරී ප්‍රතිඵල දැක මේ ලිපිය ලියන්නට මට සිත්විය. විද්‍යාඥයකු ලෙස, ශාක සහ කෘෂිකර්මයට අදාළ විද්‍යාත්මක තතු පිළිබඳව රටේ ජනතාව දැනුම්වත් කිරීමේ වගකීමක් හා බැඳීමක් මා හට ඇතැයි මම සිතමි. මෙම තහනම නිසා රට පුරා පැතිරෙන ආහාර හිඟයක් සහ තේ, රබර්, පොල් ඇතුළු අපගේ අනෙකුත් කෘෂි අපනයනවල වෙළඳපොළ බිඳවැටීමකුත් නිර්මාණය වනු නියතය.