ඇන්දවීමේ ඇඳගැනීමේ දේශපාලනය පසුගිය දිනවල මෙරට මාධ්‍ය ලෝකය තුළ නව මාතෘකා කීපයක් ම ඇවිළී ගියේ එක පෙළට සහ එකකට එකක් දෙවැනි වෙන්නේ නැතිව ය. වන්දි ලබා දීමේ අරමුණින් මෙරට ප්‍රධාන නැව්තොට අසලට පැමිණ ගිනිබත්ව මුහුදුබත් වූ නැව පිළිබඳ පුවත ඉන් එකකි. එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය තුළ නගරාධිපතීන් ඇතුළු පිරිස් අශිෂ්ටව හැසිරීම පිළිබඳ පුවත තවත් එකකි. 18 June 2021
පෝර මිටියෙනුත් ගසාකන චෞර රාජ්‍ය නිලධාරියෝ වාරියපොළ ගොවිජන සේවා මධ්‍යස්ථානයට ගෙන ආ පොල් පොහොර මිටි 47ක් එම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන නිලධාරියාගේ පෞද්ගලික වෙළෙඳසැලට වංචනිකව රැගෙන ගොස් එම පොහොර වැඩි මිලට ගොවීන්ට විකිණී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම ගොවිජන සංවර්ධන නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 18 June 2021
ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර රටවල් පෙළගැසෙති සජිත් ප්‍රේමදාස මහතා සමගි ජනබලවේගයේ නායකත්වයට පත්වූයේ ද අනතුරුව විපක්ෂ නායකධූරයට පත්වූයේ ද, කිසිසේත්ම සුමට සහ සන්සුන් කාලපරිච්ඡේදයක නම් නොවේය යන්න පිළිගත යුතු කාරණයකි. පක්ෂ නායකයා ලෙසත්, විපක්ෂ නායකවරයා ලෙසත් භූමිකා දෙකකට පණ පෙවීමට ඔහුට සිදුව ඇත්තේ රටම කෝවිඩ්-19 වසංගත තත්ත්වයෙන් වෙළී තිබෙන අවස්ථාවකය. 17 June 2021
ඕස්ට්‍රේලියා සහල් ප්‍රාතිහාර්යයෙන් අපට පාඩමක් ශ්‍රී ලංකාවේ ජනතාව ඈත අතීතයේ පටන්ම වී වගාකොට බත් අනුභව කළහ. මහාවංශයට අනුව වසර දෙදහස් පන්සියයකට පමණ පෙර කුසගින්නේ හෙම්බත් වී තම්මැන්නා වෙරළින් ගොඩබට විජය කුමරු සහ ඔහුගේ පිරිවරට, බිඳී ගිය නෞකාවේ තිබූ සහල් ගෙන කුවේනිය බත් පිස කන්නට දුන්නාය. 16 June 2021
බියගමින් අහිමිවූ පවුලේ කොරෝනා ඛේදවාචකය බියගම ගෝනවල ප්‍රදේශයේ නිවසක එකම පවුලේ තිදෙනකු කොරෝනා ආසාදිතව මියයාමේ සංවේග ජනක ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. එම නිවසේ ගෘහ මූලිකයා ඉකුත් 1 වැනිදා රාගම රෝහලේදී ද ඔහුගේ පියා 4 වැනිදා එම රෝහලේදීම මව නිවසේදීම ද මියගොස් ඇතැයි බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා මහතා ප්‍රකාශ කළ බව ද අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය. 16 June 2021
කොරෝනාට බිය නොවූ සජිත්ගේ අවිනිශ්චිත බිය කෝවිඩ්-19 වෛරසය ආසාදිතව සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දින කිහිපය ගතකළේ නගරයේ කාර්යබහුල පෙදෙසක පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින්ය. 15 June 2021
සාහිත්‍ය ක්ෂේත්රය අද වඳ පීදිලා වගෙයි කවියකු, කෙටිකතා රචකයකු, නවකතාකරුවකු, විචාරකයකු, පුවත්පත් කලාවේදියකු මෙන්ම තීරු ලිපි රචකයකු ද වන තිඹිරියාගම බණ්ඩාර මහතා පාඨක විචාරක සමාජයේ සංවාදයට තුඩු දෙන කෘති රැසක් ලියා පළ කළ අයෙකි. 15 June 2021
ථෙරවාදී ත්‍රිපිටක සංරක්ෂණ පනතක් අවශ්‍ය ඇයි? ථෙරවාද ත්‍රිපිටක සංරක්ෂණ පනත කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු දැනට නීති කෙටුම්පත් අංශයේ කෙටුම්පත් වෙමින් පවතී. යෝජිත මෙම පනත සම්බන්ධයෙන් සමාජය තුළ පක්ෂව හා විපක්ෂව විවිධ ආකාරයේ කතාබහ සිදු වෙමින් පවතින බව පෙනේ. මේ ඒ පිළිබඳ විමසුමකි. 15 June 2021
දැවැන්ත අර්බුදයකට බ්රේක් දැමීමක් තෙල් මිල ඉහළ දැම්මේ ඇයි? මීට වඩා අඩු මිලට තෙල් අලෙවි කළ නොහැකිද? මිල සූත්‍රය තිබුණා නම් මෙතරම් පීඩනයක් ඇතිෙවන්නේ නැහැ නේද? බස් ගාස්තු ඇතුළු අනෙක් වියදම් වැඩි වීම, රට වසා තැබීමේ ආර්ථික පාඩුව යනාදී කරුණු සම්බන්ධව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග කළ සාකච්ඡාවකි මේ. 15 June 2021
ජනතාවට විහිළු සපයන ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දැමීම ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් බවට හඟවන ලකුණු පහළ වෙමින් තිබේ. ආණ්ඩුව මගින් ගනු ලැබූ තීරණය ප්‍රකාශයට පත්කළ විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉල්ලා අස්විය යුතු බව සඳහන් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයත් එයට ප්‍රතිචාර දක්වමින් ගම්මන්පිල ඇමැතිවරයා විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ලබාදුන් පිළිතුරත් හේතුවෙන් මේ තත්ත්වය ඇතිව තිබෙන බව බැලූ බැල්මට පෙනී යයි. 15 June 2021
කෙළින් වැඩකර රහසක් ඉතිරිකර සමුගත් රජීව මහා ඛේදනීය සිදුවීමකින් අපගේ සොයුරා අපට අහිමි වී දැන් වසරක් ගෙවී තිබේ. කාලය විසින් සියල්ල සුවපත් කරනු ඇතැයි කියමනක් තිබුණද ඔහුගේ වියෝවෙන් සිතට දැනුණු ශෝකයත් කම්පනයත් මෙතෙක් වියැකී ගොස් නැත. එම ශෝකය වියැකී යාම වෙනුවට සිදුව ඇත්තේ ඔහුගේ වියෝවෙන් හිත හදා ගැනීමට අප නේකවිධ අරගලයක යෙදීමය. මෙම වියෝව සිදුවූයේ පසුගිය දශකයේ අපට අපගේ දෙමාපියන් සහ තවත් ඥාතියකු අහිමි වීමෙන් අනතුරුවයි. ඔහු අපගෙන් වෙන්ව ගිය ශෝකය කිසිම අයුරකින් දුරුකරගත හැකි නොවන තරම්ය. 14 June 2021
ගාසා තීරයේදී අසාර්ථක වුණු ජාත්‍යන්තරය හමාස්වරුන් එල්ල කළ ප්‍රාථමික ගණයේ රොකට් ප්‍රහාර හා සැසඳූ විට ගාසා තීරයට ඊශ්‍රායල්වරුන් එල්ල කළේ අනුකම්පා විරහිත, හැඟීම් විරහිත, කොහෙත්ම ඒ හා සමානුපාතික නොවන දරුණු ප්‍රහාරය. 14 June 2021
ජාතික අර්බුදයක්: පංගුපේරු එපා සැවොම එක්වෙමු කොවිඩ් වයිරස ව්‍යාප්තියෙන් ශ්‍රී ලංකාව ද නරක තැනකට දෛනිකව තල්ලු වෙමින් තිබේ. නිදසුනකට ජනගහණයට සාපේක්ෂව විමසා බැලුවොත් මෙරට දෛනිකව වාර්තා වන ආසාදිතයන් ගණන ඉන්දියාවේ මෙන් දෙගුණයකි. ඊට ප්රමුඛ විසඳුමක් හැටියට සැලකෙන එන්නත්කරණයෙන් ද අපේක්ෂිත ඉලක්ක කරා යන්නට තවම අපට හැකි වී නැත. සැබැවින්ම ගෝලීය වශයෙන් ගත්තත් එන්නත්කරණය ප්රශස්ත ලෙස කළ රටවල් හා නොකළ රටවල් ලෙස කාණ්ඩ දෙකක් දැකිය හැකිය. 14 June 2021
සංචරණ නීතියට අවනතව උවදුර ඉක්මනින් පිටුදකිමු සංචරණ සීමා දික් කරනවා ද ලිහිල් කරනවා ද යන තීරණ අතරේ රට දෝලනය වෙමින් තිබියදී කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ලබන 21 වැනිදා අලුයම 4.00 දක්වා සංචරණ සීමා දීර්ඝ කරන බවය. 14 June 2021
ලෝකයේ ධනවත්ම රංගන ශිල්පියා ටයිලර් ටයිලර් පෙරී චිත්‍රාගාරය නිසාම උපයාගත් මුදලින් ප්‍රකෝටිපතියකු වී සිටින ඇමරිකානු නළු ටයිලර් පෙරීගේ සම්පූර්ණ වත්කම මේ වන විට ඩොලර් මිලියන 1000 ක් හෙවත් ඩොලර් බිලියනයක් ඉක්මවා තිබේ. ලෝකය පුරා වෙසෙන රංගන ශිල්පීන් අතරේ අංක එකේ කෝටිපතියා ඔහු බවට පත්ව සිටී. 13 June 2021
එන්නතේ පිළිවෙතේ අපිළිවෙත ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගයේ වත්මන් ස්වභාවය අනුව අපට මෙම රෝගය පාලනය කර ගැනීමට හැකිවේදැයි කෙනකු සැක සිතීමද සාධාරණය. 12 June 2021
අවශ්‍යතාව දැන දැනම නිරෝධායන නීති කඩන අමනයෝ කැස්බෑව හල්පිට ප්‍රදේශයේ මංගල උත්සව ශාලාවක් සහිත හෝටලයක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන්දින සාදයක් පැවැත්වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම හෝටලයේ හිමිකරු ඇතුළු දස දෙනකු කැස්බෑව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන කැස්බෑව මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතාට ඉදිරිපත් කිරීමෙන් පසුව චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගැනීම නිසා අයකුට රුපියල් හාරදහසක් බැගින් පොදුවේ රුපියල් 40,000ක දඩ මුදලක් නියම කරනු ලැබීමේ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර 12 June 2021
“හයිවේ” පස් ජාවාරම ගම්පහ ‘පස්’ දැන් රත්නපුරයේ මැණික්වලටත් වඩා ඉල්ලමක් වී තිබෙන ආකාරය දක්නට හැකිය. වාණිජමය වශයෙන් ඉහළ වටිනාකමකින් යුත් කොළඹ හා ගම්පහ ‘ඉඩම්’ ලෙස කුඹුරු හා වගුරු බිම් ගොඩ කරන්නට යොදාගත් පස්වල වටිනාකම තවත් වැඩි වූයේ කොළඹ-නුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම ආරම්භයක් සමගය. 12 June 2021
අපේ පොළොවේ නාය යන තැන් අධික වර්ෂාවත් සමග සුළං හැමීම නිසා විශාල ගස් කඩා වැටීම, පස් කඳු නාය යාම සාමාන්‍යයෙන් සිදුවන සුලබ දසුන්ය. එහෙත් කඳුකර ප්‍රදේශවල ජීවත්වන මිනිසුන් බියට පත් වන්නේ ඒ අන් කිසිවක් නිසා නොව තම ගෙවල් දොරවල් සමග ගම් බිම් කුමන මොහොතක හෝ නාය යයි දැයි නොදන්නා බැවිනි. ඇත්තෙන් ම සෑම කඳුකර ප්රදේශයක්ම නාය යනවාද, එසේ නම් ඊට බලපාන හේතු සහ නාය යන දිස්ත්‍රික්ක මොනවාද යන්න ගැන දැන ගැනීම කාලීන අවශ්‍යතාවකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහතා 12 June 2021
සංචරණ සීමා තව තද වේද? පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ඉල්ලා අස්වී ඒ වෙනුවට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්වන බවට ආරංචි ඉකුත් සතියේ පැතිර ගියේය. 11 June 2021
සම්භාව්‍ය කවියකුගේ නිර්මාණවල එන තේමාත්මක අදාළත්වය කලාකීර්ති පණ්ඩිත විමල් අභයසුන්දර සූරීන්ගේ 13 වැනි ගුණ සමරුව හෙටට (12) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 11 June 2021
පොහොර ප්රශ්නයේ කතිකාව මේ සතියේ ලියන්නට මාතෘකා රාශියක් තිබේ. එක පැත්තකින් ගිලුණු නෞකාවේ කතාව තවමත් නිමා වී නැත. තවත් පැත්තකින් කොරෝනා එන්නත්කරණ වැඩසටහන පිළිබඳව සමහර ප්‍රදේශවල තිබෙන ගැටලුය. තවත් පැත්තකින් පාසල් අධ්‍යාපනය සඳහා ඉංග්‍රීසි අනිවාර්ය කළ යුතු ද යන කාරණයය. මේ මාතෘකා අතර සමාජයේ විශාල අවධානයක් ලබාගෙන ඇති කාරණයක් වන්නේ රසායනික පොහොර ගෙන්වීම නැවැත්වීමට රජය ගත් තීරණයයි. මේ තීරණය පිළිබඳව විවිධ පැතිවලින් විවිධ අදහස් සමාජ මාධ්‍ය තුළ මතු වෙන්නට පටන්ගෙන තිබේ. 11 June 2021
සියලුම ක්ෂේත්රවල ගැබිනි මාතාවන්ට උපරිම සහන දෙමු ගර්භණි මාතාවන් සඳහා එන්නත්කරණයේදීත් රාජකාරියේදීත් සුවිශේෂ පහසුකම් ලබාදීමට රජයේ උපදෙස් මත සෞඛ්‍ය අංශ මගින් තීරණය කර තිබේ. මෙය වර්ධනය වෙමින් පවතින කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හමුවේ ගනු ලැබූ ඉතා යහපත් පියවරක් බවත් එම තීරණය ගැබිනි මවුවරුන්ටත් ඔවුන්ගේ පවුල්වල සමීප ඥාතීන්ටත් විශාල සහනයක් බවත් පැවසිය යුතුය. ගැබිනි මවකට ලබාදෙන සහනය ජීවිත දෙකක් සුරක්ෂිත කිරීමක් බවද පෙන්වා දිය යුතුය. 11 June 2021
ආගමික නායකයෝ කිපෙති ජනතා විමුක්ති පෙරමුණ හැරෙන්නට විපක්ෂය අනුගමනය කරමින් සිටින නිහඬ පිළිවෙත හමුවේ වුවත්, ආගමික ක්ෂේත්රයේ පිළිගත් නායකයින් කිහිපදෙනෙකු සමගම ආරෝවක් ඇතිකර ගැනීමට රජය සමත්ව ඇති සෙයක් පෙනෙන්නට තිබේ. නාරාහේන්පිට අභයාරාමයේ ප්‍රධානී තැන්පත් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඒ අතර ප්‍රධානය. 10 June 2021
ප්රශ්නයේ දිග පළල නොදැකීම 1950 දශකය වනවිට ලංකාවේ ඒක පුද්ගල ආදායම ආසියාතිකරයෙන් දෙවැනි වූයේ ජපානයට පමණක් යැයි අපේ ආර්ථික විද්‍යාඥයෝ නිතර කියති. ඊට පෙර අවධිය යනු ඉංග්රීසින්ගේ යටත්විජිත ලංකාවයි. මේ නිසා නිදහසින් පසුව ලංකාව පාලනය කළ ස්වජාතික පාලකයන් රටට අත්කර දුන්නේ කුමක් ද යන්න බොහෝ තැන්වලදී ජනප්‍රිය මාතෘකාවක් වී තිබේ. 09 June 2021
ගාල්ලේ කොරෝනා එන්නත් හුටපටය උණවටුන පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයට පිට පළාත්වලින් පැමිණි විශාල පිරිසක් ඉකුත් 7 වැනිදා ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගත් බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. ප්‍රදේශවාසීන් අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ගමේ පදිංචිකරුවන්ට එන්නත ලබා නොදී කොළඹින් පැමිණි පිරිස්වලට එන්නත ලබා දී ඇති බවය. 09 June 2021
ඩයමන්ඩ් නෞකාවෙන් ලැබුණ වන්දිය කෝ විදේශ කටයුතු අමාත්‍යංශය විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන් අරබයා දැඩි පිළිවෙතක් අනුගමනය කරමින් සිටියදීම අනෙක් පසින් එක්සත් ජනපදයේ බයිඩන් පරිපාලනය සමග සබඳතා වර්ධනය කරගැනීමට ශ්‍රී ලංකාවට කළ හැකි දේ සම්බන්ධයෙන් වන වාර්තාවක් ලබාදෙන්නැයි, මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානවලින් ඉල්ලීමක් කර තිබේ. මෙය නම් උත්ප්රාසය දනවන සුලු කාරණයකි. 08 June 2021
සිංහල-දෙමළ එකමුතුවට සාහිත්‍ය දායකත්වය නොගන්නේ ඇයි? සිංහල හා දෙමළ ජන සමාජයේ සහජීවනය ඇති කිරීම සඳහා සාහිත්‍යයෙන් ඉමහත් මෙහෙවරක් සිදු කරමින් සිටින ආචාර්ය, දෙමළ පණ්ඩිත් මඩුළුගිරියේ විජේරත්න මහතා තම නිර්මාණ වෙනුවෙන් අවස්ථා ගණනාවකදී රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඇතුළු විවිධ සම්මානාදියෙන් පිදුම් ලැබූ අයෙකි. ස්වතන්ත්‍ර නිර්මාණ බොහොමයක් ලියා පළ කළ ඔහු සිංහල කෘති දෙමළ බසටත්, දෙමළ කෘති සිංහල බසටත් පරිවර්තනය කරමින් සිංහල දෙමළ ජන සමාජය තුළ අන්‍යොන්‍ය වශයෙන් එම නිර්මාණ ප්‍රචලිත කිරීමට වැඩි දායකත්වයක් දුන් අයෙකි. 08 June 2021
වික්‍රමාන්විත මාධ්‍යවේදියා ක්වාද්රි 1987 දී සන්ඩේ ටයිම්ස් පුවත් පතේ ජනමාධ්‍යවේදී තනතුරු උදෙසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිහු තිදෙනෙක් අයදුම් කළහ. අපට අවශ්‍ය වූයේ නැවුම් කුසලතාවන්ගෙන් සමන්විත වෙහෙස වී කටයුතු කළ හැකි අයයි. අපේ දැන්වීමට ප්‍රතිචාර දැක්වූ අනෙක් අය පරදා මෙම තිදෙනා ඉදිරියට ආවෝය. එම තිදෙනා නම් ක්වාද්රි ඉස්මායිල්, රොමේෂ් ප්‍රනාන්දු සහ ජේ.එෆ්. තිස්සනායගම් යන අයයි. 08 June 2021
ජනතාවාදී මැතිවරණ ක්‍රමයක් අනපේක්ෂිත කොරෝනා ව්‍යසනය තුළ ගෘහවාසීව සිටින බහුතර ශ්‍රී ලංකේය ජනරජ වැසියන් පසුවන්නේ දැඩි පීඩනයකින් බව නොරහසකි. ඒ එළිපහලියට බැසීමට ඇති ආශාව හා හීන වන ආර්ථික ශක්තිය හමුවේ පුළුල් වන ජීවන අර්බුදය විසින් එකවර පෙළනු ලැබීමෙනි. එවැනි අර්බුදකාරී නිමේෂයක පවා රටවැසියන් වෙත දිගුකාලීනව එකසේ සතුටු වියහැකි යමක් වත්මන් ආණ්ඩුව තිළිණ කොට ඇත්තේය. ඒ අභිනවයෙන් පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවයි. 08 June 2021
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025