IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


බැසිල් අදින් හෙටට

රජයේ කාර්යාලවල කාර්යක්ෂමතාව පිළිබඳ රටේ එතරම් ප්‍රසාදයක් නැත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ජනාධිපති ධුරයේ වැඩ භාර ගත් විගසම අවධාරණය කළ කරුණක් වූයේ මෙම කාර්යාලවල කාර්යක්ෂමතාව නැංවීමයි.

එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා එම ධුරයෙන් ඉවත් වී ඒ වෙනුවට බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමේ වේගය දෙස බලන විට නම් රජයේ කාර්යාලවල කාර්යක්ෂමතාව ගැන ඕනෑම කෙනකු පුදුම වනු ඇත.

කැටගොඩ මහතා තමන් මන්ත්‍රී ධුරයෙක් ඉවත්වීම, පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට දැනුම් දීම, පාර්ලිමේන්තු මහලේකම්වරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයාට දැනුම් දීම, පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා එම පුරාපාඩුව සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කොට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දැනුම් දීම, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ නම පිළිගෙන ගැසට් පත්‍රයේ පළකිරීම යන වැඩ කටයුතුවලට ගත වූයේ දිනක පමණ කාලයකි.

බැසිල් රාජපක්ෂ මහතා පෙරේදා (8) පළමුව මුදල් ඇමැතිවරයා ලෙසත්, පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත් දිවුරුම් දුන්නේය. මෙය ඔහු පසුගිය දිනවල ඇමෙරිකාවේ සිටින විටම බොහෝ දෙනා අපේක්ෂා කළ දෙයකි. වෙනෙකක් තබා ඔහු මුදල් ඇමැතිධුරයට පත් කෙරෙනු ඇතැයි යන්න පවා සමාජ මාධ්‍යවල පළ වී තිබිණි.

ඔහුට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්නට අවකාශ සලස්වමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට සිව් දෙනකු සුදානමින් සිටින බවටද ඒ දිනවල රාවයක් පැතිර ගියේය. මුලදී ඒ සම්බන්ධයෙන් කියවුණේ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ නමයි. පසුව මර්ජාන් ෆලීල්, ජයන්ත කැටගොඩ හා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් යන අයගේ නම් සඳහන් විය.

බැසිල් රාජපක්ෂ  මහතා ශ්‍රී ලංකාවට  පැමිණි පසු ද  විවිධ ආරංචි පැතිර ගියේය. ඒ මහතා මර්ජාන් ෆලීල් මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන් බවත් එහෙත් ඊට අගමැති මහින්ද රාජපක්ෂ මහතා එකඟ නොවූ බවත් එක් කතාවකින් කියවිණි.

පසුගිය සතියේ දී දේශපාලනයේ නිරත රාජපක්ෂ පවුලේ සියලුදෙනා ජනාධිපතිවරයාගේ නිවසේ දී රැස්වී මේ කාරණය සාකච්ඡා කළ ද එය අවසන් තීරණයකින් තොරව අවසන් වූ බව ද තවත් පැතිර ගිය කතාවකි.

බැසිල් රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතව සිටින කුඩා පක්ෂවල නායකයන් අතර ඇති වී තිබෙන බවට ඉතා පැහැදිලිව පෙනෙන ආරවුල්වල ප්‍රකාශනයක් ලෙස මුලින්ම රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ප්‍රවේශය පිළිබඳ ප්‍රවෘත්ති පළ වන්නට විය.

ආණ්ඩුව පසුගිය මස මුල දී ඉන්ධන මිල ඉහළ දැමීය. එවිට බැසිල් රාජපක්ෂ මහතාට  හිතවත් සාගර කාරියවසම් මහතා තෙල් මිල වැඩි කොට ආණ්ඩුව අපකීර්තියට පත් කරන්නට කටයුතු කළ බවට චෝදනා කරමින් බල ශක්ති ඇමැති පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා එම ඇමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි කියමින් ජුනි 12 වැනිදා නිවේදනයක් නිකුත් කළේය.

විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ ඇතුළු ආණ්ඩු පක්ෂයේ සුළු පක්ෂවල නායකයෝ එම ප්‍රකාශයට විරෝධය දැක්වූහ. එවිට බැසිල් රාජපක්ෂ මහතාට හිතවත් තවත් පුද්ගලයකු වන  රාජ්‍ය  ඇමැති නිමල් ලාන්සා මහතා ජූනි 14 වැනිදා ප්‍රකාශයක් කරමින් බැසිල් රාජපක්ෂ මතා රටේ සිටියේ නම් ඉන්ධන මිල වැඩි නොකෙරෙනු ඇති බව කීවේය.

සුළු පක්ෂ හා බැසිල් රාජපක්ෂ මහතා අතර ගැටුම් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර සිටම පවතින්නකි. 2015දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වූ විට එහි ප්‍රධාන වගඋත්තරකරුවා බැසිල්  රාජපක්ෂ මහතා යැයි  විමල් වීරවංශ මහතා පවසා තිබිණි. ඉන්පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ නායකත්වය ගත යුතු යැයි වීරවංශ මහතා  පසුගිය පෙබරවාරි 7 වැනිදා පළවූ ඉරිදා ලංකාදීප පුවත්පතට පවසා තිබිණි.

මෙය බැලූ බැල්මට ඒ වනවිටත් පොදුජන පෙරමුණේ නායකත්වය දරමින් සිටි අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ප්‍රකාශයක් සේ පෙනී ගිය ද ඇත්ත වශයෙන්ම එය පොදුජන පෙරමුණේ තීන්දු තීරණ ගැනීමේ දී බැසිල් රාජපක්ෂ මහතාට ඉහළින් ජනාධිපතිවරයා තැබීමට කළ උත්සාහයක් විය යුතුය. ඉදිරි මැතිවරණවල දී තම පක්ෂයට අවාසියක් වීම වළක්වා ගැනීම  එහි අරමුණ බව පෙනිණි.

ඉන්ධන මිල පිළිබඳ ආරවුලෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණි අතර ඉන්පසු ඔහු පාර්ලිමේන්තුවට පැමිණ ඇමැති ධුරයක් භාරගෙන ආර්ථික ප්‍රශ්න විසඳනු ඇති බවට සුළු පක්ෂ හැර ආණ්ඩුවේ මැති ඇමැතිවරු පවසන්නට වූහ.

මෙය ප්‍රායෝගිකව කරන්නේ කෙසේද? යන්න එම මැති ඇමැතිවරුන්ට අදාළ කරුණක් සේ පෙනෙන්නට නොතිබිණි. ඔවුන්ගේ ප්‍රකාශවලින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා  හෑල්ලු කිරීමක් කෙරෙන බව ඔවුනට වැටහුණේ ද යන්න පැහැදිලි නැත.  ඔවුන්ගේ ප්‍රකාශවලින් කියවෙන්නේ ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට දැනට රට මුහුණ දී ඇති ප්‍රශ්න විසඳිය නොහැකිය යන්නයි. සමහරවිට ඔවුනටද මෙය වැටහෙන්නට ඇත. එහෙත් බැසිල් රාජපක්ෂ මහතාට පොදුජන පෙරමුණ තුළ ඇති විශාල බලය නිසා ඔහුගේ  සිත සතුටු වන අයුරින් කතා කිරීමත් එමඟින් අනාගතයේ දී පක්ෂය තුළ තම ස්ථානය ආරක්ෂා කර ගැනීම හා  ශක්තිමත් කර ගැනීමත් ඔවුන්ගේ අරමුණ වූ බව ඉතා පැහැදිලිය.

විරුද්ධ පක්ෂ මේ කාරණයේ දී ඉදිරිපත් කරන තර්කයද ප්‍රබලය.  එනම් බැසිල් රාජපක්ෂ මහතා  පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් හා ඇමැති ධුරයක් නොදැරුව ද  ඔහු 2019 ජනාධිපතිවරණයෙන් පසු වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති හැසිරවීමෙහිලා ප්‍රධාන  ස්ථානයක් දැරූ බවත් තවමත් දරමින් සිටින බවත්ය. පසුගිය වසරේ අප්‍රේල් 25 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආර්ථික පුනර්ජීවන හා  දුගීබව දුරැලීමේ ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවනු ලැබූ අතර එහි සභාපතිත්වය දරන්නේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා වශයෙන් බැසිල් රාජපක්ෂ මහතාය. ආර්ථිකයට අදාළ ප්‍රධාන ආයතනවල ප්‍රධානීන් සහ හිටපු හා වත්මන් හමුදා හා පොලිස් ප්‍රධානීන්ගෙන් මෙම කාර්යය සාධන බළකාය සමන්විත වන අතර කොරෝනා වසංගතය හමුවේ මතු වී ඇති අභියෝග හා අවස්ථා සැලකිල්ලට ගනිමින් ආර්ථිකය නඟා සිටුවීම හා දුගී බව දුරැලීම එම කාර්ය සාධක බළකායේ වගකීමයි.

සෑම අමාත්‍යාංශයකම කටයුතු හැසිරවීමට අදාළ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට මෙම කාර්ය සාධන බළකායට හැකියාවක් ඇත. එහෙයින් මුදල් ඇමැතිවරයා වශයෙන් වුව ද බැසිල් රාජපක්ෂ මහතාට අලුතින් කරන්නට දෙයක් ඉතිරිවී තිබේදැයි යන්න සැක සහිතය.

අනෙක් අතට කවුරුන් ජනාධිපති වුවද වෙනත් තනතුරක් දැරුවේ වුවද කොරෝනා වසංගතය විසින් නිර්මාණය කරන ලද තත්ත්වයනට මුහුණ දීම සුළු පටු කරුණක්  නොවේ. එසේම එය රට තුළ කටයුතු මෙහෙයවා ගැනීමෙන් පමණක් විසඳිය හැකි ප්‍රශ්නයක් ද නොවේ. විශේෂයෙන්ම මෙරටට විශාල වශයෙන් විදේශ විනිමය උපයා දුන් ක්ෂේත්‍ර ගණනාවක්ම වසංගතය නිසා විශාල බලපෑමකට ලක්වී තිබේ. විදේශ රැකියා වෙළෙඳ​ෙපාළ, නිමි ඇඳුම් කර්මාන්තය, සංචාරක කර්මාන්තය, තේ, පොල් හා රබර් වැනි අපනයන භෝග ක්ෂේත්‍ර ආදිය මෙසේ දැඩි බලපෑමකට ලක්වී  ඇත.

 ඊට අමතරව මානව හිමිකම්  ප්‍රශ්න නිසා ආණ්ඩුව යුරෝපා වෙළෙඳපළෙන් ජී,එස්.ඒ.ප්ලස් බදු සහනය අහිමිවීමේ තර්ජනයකට ද රට මුහුණ දී ඇත. පොහොර ප්‍රශ්නය  නිසා ද ඉදිරි මාස කිහිපයකට පසු ආහාර හිඟයක් ඇතිවීමේ අනතුරක් ද ඇත. මේවා පුද්ගලයකුගේ දක්ෂතා මත නොව ආණ්ඩුවේ ප්‍රතිපත්ති මත රැඳී ඇති තත්ත්වයන්ය.

රට තුළ නිෂ්පාදන ක්‍රියාවලියට ද වසංගතයෙන් අති විශාල බලපෑමක් ඇති වී තිබේ. ප්‍රමාණවත් සේවක සංඛ්‍යා ගෙන්වා ගැනීමට නොහැකි වීම සෞඛ්‍ය නීතිරීති යටතේ නිෂ්පාදන කටයුතු කිරීම, විටින් විට පැනවෙන සංචාරක සීමා, අගුලු දැමීම්, ඇඳිරි නීති ආදිය නිසා ආයතන අක්‍රිය වීම ආදිය නිෂ්පාදන ක්‍රියාවලියට විශාල බාධාවක් වී තිබේ. ඊට අමතරව හුදකලා කිරීම් වැනි ප්‍රශ්නවල දී අදාළ ප්‍රදේවල ජනතාවට සහන සැලසීම ද කළ යුතුය. මේවාට ද පසුගිය කාලයේ මුහුණ දුන්නේ ආර්ථික පුනර්ජීවන හා දුගී බව දුරැලීමේ කාර්ය සාධන බළකාය ද ඇතුළු ආණ්ඩුවයි.

එහෙත් මිනිසුන් සමග හා දේශපාලන පක්ෂ සමඟ ගනුදෙනු කිරීමේ දී බැසිල් රාජපක්ෂ මහතා දක්වන දක්ෂතාව නම් ඔහු කැබිනට් මණ්ඩලයේ සිටියත් නොසිටියත් ඉදිරියේ දී ආණ්ඩුවට වැදගත් වනු ඇත. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර දේශපාලනය හසුරුවා ගැනීමේ දී ආණ්ඩුවේ සිටින වැඩිම හැකියාවක් ඇති පුද්ගලයා බැසිල් රාජපක්ෂ මහතාය. දෙමළ හා මුස්ලිම් දේශපාලනඥයන් ඔහු දෝෂ දර්ශනයට ලක් කිරීමක් දක්නට ලැබෙන්නේ නැත. මෙය පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේදී ද දක්නට ලැබුණු තත්ත්වයකි. එවැනි තත්ත්වයක් ඉදිරි මැතිවරණවලදී ද පොදුජන පෙරමුණට ප්‍රයෝජනවත් විය හැකිය.

ඔහු මුදල් ඇමැතිධුරයට පත්වීම බොහෝ විට බලපාන්නේ ඔහු හා ආණ්ඩු පක්ෂයේ සුළු පක්ෂ අතර ඇති සබඳතාය. සමහරවිට එම පක්ෂ පසුගිය කාලයේ බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩුවේ නිල බලවතෙක් වීම වැළැක්වීම සඳහා කටයුතු කළේ ඒ නිසා විය යුතුය. ඔවුහු පසුගිය ඔක්තෝබර් මාසයේ දී 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමේ දී ද්විත්ව පුරවැසියන්ට මැතිවරණවලට තරග කිරීමට ඉඩ නොදිය යුතු යැයි කියා සිටියහ. එය හුදෙක්ම බැසිල් රාජපක්ෂ මහතා ඉලක්ක කොටගත් විරෝධයක් බව පෙනෙන්නේ ඔවුන් පසුගිය ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වූ විට එවැනි විරෝධයක් නොදැක්වීමෙනි.

ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කළේ 2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වී දින කිහිපයකට පසුවය. ඒ වනවිට ඔහුගේ පුරවැසිභාවය පිළිබඳ රට තුළ විශාල සංවාදයක් ගොඩනැඟී තිබිණි. එහෙත් එවිට පොදුජන පෙරමුණේ හෝ එහි මිතුරු පක්ෂවල කිසිවෙක් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට විරුද්ධ වූයේ නැත.

ඒ අනුව අනුමාන කළ හැක්කේ බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ප්‍රවේශය ඔහු හා පොදුජන පෙරමුණ සමඟ ඒකාබද්ධ වී සිටින සුළු පක්ෂ අතර ඇති ගැටුමේ ප්‍රතිඵලයක් බවය.

(*** එම්.එස්.එම්.අයුබ්)



අදහස් (4)

බැසිල් අදින් හෙටට

ase Saturday, 10 July 2021 03:55 PM

"දියෙන් ඇතිවන මඩ දියෙන්ම සෝදා හරින්නාක් මෙන් කුප්‍රකට දේශපාලනඥයින්ගේ දූෂිත අඥාන ක්‍රියාකාරකම් මැඩලිය හැකිවන්නේද පිරිසුදු පරිණත දේශපාලන ක්‍රියාකාරකම්වලටය. එබඳු මැදිහත්වීමක් ඉතා ඉක්මනින් අවශ්‍ය බව අපි අවධාරණය කරමු."

:       0       82

sena Saturday, 10 July 2021 06:04 PM

ඉදිරි මැතිවරණයේදී රටේ සමස්ත ජනතාව බලා සිටින්නේ ශ්‍රී ලංකා දේශපාලනයේ සැබෑ වෙනසක් කිරීමට වේ. පවුල් දේශපාලනය, පක්ෂ විපක්ෂ මෙන්ම පියාගෙන් පසු පුතා පැමිණෙන දේශපාලන ක්‍රමවේදය වෙනස් කර නව කණ්ඩායමක් පත් කරමු. එසේ නොකළ හොත් තවත් වසර 100ක් ගිය පසුත් ලංකාව මේ ආකාරයෙන්ම පවතීවි. වෙනසක් අවශ්‍ය නම් ජනතාව එම වෙනස වෙනුවෙන් පෙරමුණ ගතයුතුවේ.

:       0       41

saman Saturday, 10 July 2021 06:06 PM

රාජපක්ෂලාට බැන වැදීමෙන් ඵලක් නොමැත. ඔවුන්ව බලයට ගෙන අාවේ රටේ ජනතාව විසිනි...

:       0       22

samapath Sunday, 11 July 2021 08:05 PM

රට හදන්න පුළුවන් ජනතාවට විතරයි... ඒ නිසා ජනතාව හැදෙන්න දේශපාලකයින්ට දොස් කීමෙන් ඵලක් නෑ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 82 1

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 143 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


ටින් අංකය හිස් ටින් එකක්ද?
2025 මැයි මස 07 367 0

1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව


ප්‍රබන්ධය ඉතිහාසයටත් වඩා සැබෑවක්
2025 මැයි මස 07 64 0

ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද


ටයිටැනික් මගියාගේ ලියමන පවුම් තුන්ලක්ෂයකට අලෙවි වෙයි
2025 මැයි මස 07 236 0

ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා


​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 370 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 982 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 245 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1291 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site