ආර්ථිකය ගිනියම් කළ තෙල් මිල
පසුගිය දිනෙක ඉන්ධනමිල වැඩි කිරීමට රජය කටයුතු කළේය. ඒ අනුව ඩීසල් රු. 08.00කින් ද, පෙට්රල් රු. 20.00කින් ද වැඩි වීඇත. සංශෝධිත මිල ගණන් අනුව වෙළඳපොළේ තෙල් මිල ගණන් වනුයේ ඔක්ටේන්-92 පෙට්රල් ලීටරයක් රු. 157.00ක්, ඔක්ටේන්-95 පෙට්රල් ලීටරයක් රු. 184.00ක්, ඔටෝ ඩීසල් ලීටරයක් රු. 111.00ක්, සුපර් ඩීසල් ලීටරයක් රු. 144.00ක් හා භූමිතතෙල් රු. 77.00ක් වශයෙනි. මෙම මිල ගණන් වැඩිවීම ප්රතිශතයක් ලෙස සලකා බැලීමේ දී ඔක්ටේන්-92 සියයට 14කින් ද, ඔක්ටේන්-95 සියයට 14