දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයට අයත් කැබ් රථයකින් ගිනි අවි හා තියුණු ආයුධ රැගෙන තම්බෝව අභය භූමියේ දකුණු මායිමේ නරිඔය ආසන්නයේ දඩයමේ යමින් සිටි තිදෙනකු අත්අඩංගුවට පත්වීමේ පුවත අප පුවත්පත ඊයේ වාර්තා කළේය. පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයකු සහ කිරිබත්ගොඩ හා කරුවලගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගත් අය බව ද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.
මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කරන විට දේවානම්පියතිස්ස රජතුමා මුවන් දඩයමේ යමින් සිටියහ. අවසානයේ දුනු හී පසෙකලා තෙරුවන් සරණ ගිය උපාසකයකු බවට රජතුමා පත්වූහ. ලොව අනගිතම සංස්කෘතික උරුමයක් සහිත ජාතියක් බවට පත්වීමේ අසමසම වරම අපට හිමි වූයේ එමගිනි. එම අභිමානවත් උරුමය දෑසක්ව සුරැකීම සෑම පුරවැසියකුම ඉදිරිපිට ඇති අනුල්ලංඝනීය වගකීමකි. එහෙත් ඇතැම් පුරවැසියෙක් එමග නොයා අතීත ගල් ගුහා වෙත ගමන් කරති. තබ්බෝව අභය භූමියේදී කරුවලගස්වැව අඩවි වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට කොටුවී ඇත්තේ එබඳු තක්කඩියෝ තිදෙනෙකි.
සමාජයේ විවිධ පුද්ගලයන්ට විවිධ ආශාවන් පහළ වේ. එබඳු ආශාවන් අතර තමන්ම කැලෑවැදී තමන්ගේම අතින් සතුන් මරා ඒ මස් බුදීමේ ආශාව එකකි. තමන්ට අයත් නොවන දේපොළ පරිහරණය කිරීමේ ආශාව තවත් එකකි. අන්සතු ඉඩම් අල්ලා ගැනීමේ සිට රජයේ වාහන අවභාවිත කිරීම දක්වා එය විහිද යයි. ගිනි අවි, කඩු කිණිසි, කිරිච්චි, සයිකල් චේන්, ඩප්පි ආදියෙන් හරඹ දැක්වීමේ ආශාව ද එබඳු අමුතු ආශාවකි. තබ්බෝව අභය භූමියේදී කොටු වූයේ එබඳු අමුතු ආශාවන් ඇති තක්කඩියෝ තිදෙනෙකි. මෙබඳු තක්කඩියන්ගේ තවත් එක් පොදු ලක්ෂණයක් වනුයේ රටේ නීති රීති තඹ දොයිතුවකට මායිම් නොකිරීමය. වන සතුන්ට භයෙන් තොරව ජීවත් වීමට ඇති අභය භූමියකට ගිනි අවි හා තියුණු ආයුධ රැගෙන භයකින් තොරව ඇතුල් වන්නේ එහෙයිනි.
මිනිස් මනසේ සාමාන්‍ය ස්වරූපය වන්නේ වැරැදි දේ කිරීමෙන් අපමණ සොම්නසට පත්වීමය. එමගින් තම මනස මුදාගෙන වඩාත් යහපත් දෙය කිරීමෙන් සොම්නසට පත්වන මනසක් නිර්මාණය කර ගැනීමට ශිෂ්ට මිනිසා සමත් වේ. මිනිසා යන්නෙහි අර්ථය වන්නේ ද මනස උසස් කළ හැකි යන්නය. එහෙත් මනස එසේ උසස් තත්ත්වයට පත් කර ගත නොහැකි ගෝත්‍රිකයෝද සිටිති. තබ්බෝව අභය භූමියේදී කොටු වූයේ එබඳු ගෝත්‍රිකයෝ තිදෙනෙක් වෙති.
රාජ්‍ය අමාත්‍යාංශයක වාහනයක් මෙම තක්කඩියන් තිදෙනාට පරිහරණය කිරීමට අවස්ථාව හිමිවූයේ කෙසේද යන්න හෙළිකර ගත යුතුය. රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් මෑත කාලයේ තරම් ප්‍රාණවත් සංවාදයක් ඊට පෙර නොතිබුණි. එයට හේතුව රාජ්‍ය දේපොළ සඟසතු දේපොළ මෙන් සලකා කටයුතු කළ දේශපාලනඥයන් මෙන්ම නිලධාරීන්ද බහුල වීමය. එහෙත් පසු සමයේදී රාජ්‍ය දේපොළ දන්සැල් බවට පත් කර තම ඥාති හිතමිත්‍රාදීන් අතරේ හිරිකිතයකින් තොරව බෙදා හැරීමේ ප්‍රවණතාවක් මතු විය. ඉකුත් යහපාලන සමයේදී ඊට පෙර පැවැති ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් විශාල පිරිසකට රාජ්‍ය දේපොළ අවභාවිත කිරීමේ චෝදනා එල්ල විය. ඇතැම් දේශපාලනඥයන්ට හිරේ විලංගුවේ වැටීමට ද සිදු විය.
එකී අතීතය මෙතරම් ඉක්මනට අමතක වීම කිසිසේත්ම යහපත් නැත. රජයේ වාහන අවභාවිත කිරීම මෙන්ම එයට ආධාර අනුබල දීම ද සාපරාධී වරදකි. විශේෂයෙන්ම උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ රජයේ වියදම් සීමා කරන්නැයි උපදෙස් දී ඇති පරිසරයක රාජ්‍ය අමාත්‍යාංශයක වාහනයක් මෙසේ අයාලේ යාමට ඉඩ හැරීම එම අමාත්‍යාංශයේ පරිපාලනය කෙබඳු දැයි ඔප්පු කිරීමකි. එහෙයින් මෙම සිදුවීම සරලව නොගෙන ගැඹුරින් ගෙන නිසි විමර්ශනයක් කළ යුතුය.
අභය භූමියක් වෙන් කර තිබෙන්නේ වන සතුන්ට නිදහසේ බියකින් තොරව ජීවත් වීමටය. එම වන සතුන්ට බාධාවක් හා හිංසාවක් නොකර එම වන සතුන් නැරඹීමේ අවස්ථාව ජනයාට දී තිබේ. එසේ නොමැතිව ගිනි අවි හා තියුණු ආයුධ රැගෙන ගොස් එම වන සතුන් මරා, මස් අනුභව කිරීමේ ම්ලේච්ඡ ක්‍රියාකාරකම්වලට ඉඩ නැත.
අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් එක් අයකුගේ නිවෙසේ තිබී වියළි මස් ග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් සොයා ගත් බව ද අප ප්‍රවෘත්තියේ සඳහන්ය. ඒ අනුව මොවුන් වෘත්තීය මස් වැද්දන් යැයි හඳුනා ගැනීම වැරැදි නැත. පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂධුරය මස් වැද්දාගේ නිරුවත වසා ගැනීමට යොදා ගත් පිරුවටයක් විය හැකිය. මෙම පිරුවටය ගලවා ඉවත් කර උපරිම දඬුවම් පැමිණවිය යුතුය. ඒ අනාගත පරපුරට ඉගෙන ගැනීම සඳහාය.
(***)
ශ්රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ
පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.
1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව
ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද
ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සතුන් දඩයමට ආණ්ඩුවේ වාහන සැපයීම රාජ්‍ය පිළිවෙතක්ද?
pakeer Thursday, 29 July 2021 02:05 AM
ඇඳුම් නැතිව කැලේ ඇවිද්දවන්න ඕනේ... සත්තුන්ට පේන්න.