අති විශේෂ පුද්ගලයන්ට ප්‍රමුඛතාව
ශ්‍රී ලංකා පොදු ජන නිදහස් සන්ධාන රජයේ පාලනය යටතේ එළැඹි දෙවැනි අලුත් අවුරුද්ද මෙයයි. පෙර වසරේ මෙන්ම මෙවර ද, අලුත් අවුරුද්ද සැමරීමට ශ්‍රී ලංකා ජනතාවට සිදුවූයේ කොවිඩ්-19 වසංගත තත්ත්වය මධ්‍යයේය. ඒ අතරම, මේ වන විට පස් අවුරුදු පාලනයක මාස 17ක් ගෙවා තිබෙන රජය සිටින්නේ, එක් අවුලකින් තවත් අවුලකට යමිනි.