ශ්රී ලංකාව හා මිතුරුවීමේ බලවතුන්ගේ උත්සාහය
එන්නත් ලබාගැනීම සදහා ශ්රී ලංකා රජය මිතුරු රටවල් ගණනාවකින් ඉල්ලීම් කර තිබෙනවා, යැයි මහාචාර්ය චන්න ජයසුමන සන්ඩේ ටයිම්ස් සමග පැවසුවේය. යහපත් ප්රතිචාරයක් එම ඉල්ලීම්වලට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, ඔහු කීවේ ය.
පුද්ගලයින් 9,25,000 දෙනෙක් ඇස්ට්රාසෙන්කා එන්නතේ පළමු මාත්රාව යටතේ එන්නත්කරණය කර තිබෙන බව සදහන් කළ ඔහු, ඉතිරිව තිබෙන එන්නත් 3,50,000න්, එහි දෙවන මාත්රාව මේ වන විට ලබාදෙමින් පවතින බව පැවසුවේය.