
ටයිලර් පෙරී චිත්‍රාගාරය නිසාම උපයාගත් මුදලින් ප්‍රකෝටිපතියකු වී සිටින ඇමරිකානු නළු ටයිලර් පෙරීගේ සම්පූර්ණ වත්කම මේ වන විට ඩොලර් මිලියන 1000 ක් හෙවත් ඩොලර් බිලියනයක් ඉක්මවා තිබේ. ලෝකය පුරා වෙසෙන රංගන ශිල්පීන් අතරේ අංක එකේ කෝටිපතියා ඔහු බවට පත්ව සිටී.
ඔහුගේ ආසන්නතම තරඟකරුවා වී සිටින්නේ ජෙනිෆර් සින්ෆීල්ඩ්ය. සින්ෆීල්ඩ්ගේ වත්කම ඩොලර් මිලියන 950 කි. ඉන්දීය සුපිරි තරුව ෂාරුක් ඛාන් තුන්වැනි ස්ථානයේ සිටියද ටයිලර් පෙරී සහ ෂාරුක් අතරේ පරතරය ඩොලර් මිලියන 400 කි.
1969 සැප්තැම්බර් 13 වැනිදා, ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ඔර්ලියන්ස් ප්‍රාන්තයේ ලුසියානාහි උපත ලද ටයිලර්, රංගන ශිල්පියකු පමණක් නොව, චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයකු, නිෂ්පාදකවරයකු මෙන්ම තිරකතා රචකයකු ද වෙයි. සුප්‍රකට ෆෝබ්ස් සඟරාවේ වාර්තා අනුව ඔහු මේ වන විට වැඩිම මුදලක් අයකරන කලාකරුවා වී සිටී.
ටයිලර්ගේ ජනප්‍රියතම නිෂ්පාදන මාලාවක් වූයේ වියපත් කළු ඇමරිකානු කාන්තාවක් ලෙසින් වෙස්ගැන්වී ‘මාදියා’ නමින් කළ නිර්මාණ සමූහයකි. වසර 15 ක් තුළ ඔහු එවැනි නිර්මාණ 15 ක් කළේය.
කෝටි 100 ක් ඉක්මවූ ඉන්දීය ජනගහණයත්, ජනප්‍රියත්වයත් අනුව ෂාරුක් ඛාන් පෙරමුණේ සිටින බව රහසක් නොවූවද ෂාරුක් සහ ටයිලර් අතර පවතින මිලියන 400 ක වෙනසට හේතුව ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ඉන්දීය රුපියලේ අවප්‍රමාණ අගය විය හැකිය. ඩොලර් මිලියනයක් යනු ඉන්දීය රුපියල් වලින් මිලියන 73.2 කි.
ලෝකයේ ධනවත්ම කලාකරුවෝ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයිට වඩා අය මෙහෙ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ධනවත්කම නම් එහෙමයි රංගනය නම් ඒත් එහෙමයි.