දැන් කාලෙ පරිවර්තන පොත්වල භාෂාව අන්තිමයි
චන්ද්‍ර ශ්‍රී රණසිංහ අප අතර සිටින ප්‍රවීණ පරිවර්තකයෙකි. ජනශ්රැති, කාව්‍ය, නවකතා, කෙටිකතා, මානව විද්‍යා හා ශාස්ත්‍රීය, ළමා කතා හා යොවුන් කතා ආදි අංශ නියෝජනය කරමින් පරිවර්තන පොත් රැසක් චන්ද්‍ර ශ්‍රී මහතා මෙරට පාඨකයාට ලබාදී ඇත. ඔහු සිංහලට පරිවර්තනය කළ කෘති බොහෝමය අතුරින් අහිගුණ්ඨික ජනකතා, ලංකාවේ ගැමි ජනකතා (i-iii වෙළුම්), වැද්දෝ, සිංහල සමාජයේ කුල ක්‍රමය යන කෘති රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබාඇත.