හිඟයක් පවතින විට රටින් ගෙන්වීම සුදුසුය
වෙළෙඳපොළේ සහල් මිල බ්රේක් නැති වාහනයක් බවට පත්වෙමින් තිබේ. සතොස ජාලය තුළ හැර සෙසු අලෙවිසල්, සුපර් මාර්කට්, කඩ, සාප්පු පමණක් නොව ගමේ ගොඩේ වෙළෙඳහල් පවා සහල් අලෙවි කරන්නේ ඉහළ මිලකටය. සතොස රජය අනුමත කර ඇති පාලන මිලකට අනුව සහල් අලෙවි කරයි. සෙසු කඩ, සාප්පුවල මිල ගණන් ඊට වැඩිය. සුපර් මාකට්වල ඊටත් වඩා වැඩියෙන් විකිණෙයි.