IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


කොරෝනාවෙන් අතරමං වූ සංචාරක මඟ පෙන්වීම

මම ඉංජිනේරු විද්‍යාව හදාරා එක්සත් රාජධානියේ වසර නවයක් වාසය කිරීමෙන් පසු පෙරළා ශ්‍රී ලංකාවට පැමිණ, පරිගණක අලෙවි සමාගමක කළමනාකරුවකු ලෙස සේවය කරන්නට පටන් ගත්තෙමි. ඒ අතරතුර අන්තර්ජාතික අධ්‍යයනයන් පිළිබඳ බණ්ඩාරනායක මධ්‍යස්ථානයේ අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳව මම වැඩිදුර අධ්‍යයනයක නිරත වූයෙමි.

දිනක් අපගේ භාෂා නිපුණතාව පිළිබඳව භාෂා කථිකාචාර්යවරයෙක් විමසා බැලුවේය. මට ඉතාලි භාෂාව මැනවින් කතා කළ හැකි බව මම කීවෙමි. එම අවස්ථාවේ පටන් මගේ මිත්‍ර සිසුවෙක් ඉතාලි භාෂා හැකියාවෙන් වැඩ ගන්නා හැටි මට කියා දෙන්නට පටන් ගත්තේය.

ඒ (1988) කාලයේ ශ්‍රී ලංකාවේ ඉතාලි බස කතා කිරීමේ හැකියාව ඇති අය විරළය. හැම අස්සක් මුල්ලකම ඉතාලි බස කතා කරන උදවිය ඒ කාලයේ සිටියේ නැත. මා රට වටා බොහෝ සෙයින් ගමන් යායුතු බව ඔහු කීවේය. මා එය එකහෙලා ප්‍රතික්ෂේප කළේ ලන්ඩනයේ දෙමළ ඩයස්පෝරාවේ කොටස් ගැන මා අමිහිරි අත්දැකීම් ලබා තිබූ නිසාය. ඒ වනවිට ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය ඇවිලී තිබුණි.

එහෙත් එම පුද්ගලයා පසුකලෙක මගේ හොඳම මිත්‍රයකු බවට පත් වූ අතර ඔහු මගේ ඉරණම තීන්දු කරන්නකු බවට ද පත් වූයේය. ඒ කාලයේ මගේ රැකියාව මා බලාපොරොත්තු නොවූ විරූ ලෙස පරිගණක කළමනාකාර තනතුරෙන් වෙනත් අංශයකට මාරු වූයේය.

දිනක් මම කොළඹ පිහිටි ඊට අද‌ාළ කාර්යාලයට පිවිසියෙමි. ඔවුනට අවශ්‍ය වූයේ ඉතාලි ජාතිකයන් දෙදෙනකු සමග ගමන් යෑමට මා මුදල් ගෙවා යොද‌ා ගැනීමය. එම කාර්යාලයේ මනබඳන සුඛෝපභෝගී ස්වරූපය දැක මම ඒ වෙත ඇදී ගියෙමි. සතියක් තුළ මා කළ යුතු වූ කාර්යය ප්‍රධාන විධායක නිලධාරී තැන මට පැහැදිලි කළේය. වායුසමනය කළ කාර් රථ, වායුසමනය කරන ලද හෝටල් කාමර, තරු පහේ හෝටල් කෑම, සෑම තැනම මිනිසුන් වෙතින් ලැබෙන ආකර්ෂණය මේ සියල්ලෙන් මම මවිත වූයෙමි.

මට පැවරුණු කාර්යයට අදාළ කටයුතු මම මතක් කර ගත්තෙමි. කරුණාවන්ත හදවතක් ඇති පැරැණි තාලේ සංචාරක රියැදුරකු වූ රූපේ මහතා සංචාරක මඟ පෙන්වීමේ කාර්යයට අදාළ සියලුම උපදෙස් ගුරු මුෂ්ඨි නොතබා මට කියා දුන්නේය.

අලුත් පරම්පරාවේ සංචාරක රියදුරන් දුටුවිට පැරැණි තාලේ සංචාරක රියදුරන් තම රට ගැන ආඩම්බරයෙන් කළ අවංක සේවය හා අනුපමේය සේවාවේ අවශ්‍යතාව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට අද දින කෙතරම් අවශ්‍ය දැයි මට සිතේ.

පැරැණි උරුමයන් කිසිවිට ස්ථාවරව පවතින්නේ නැත. ඒවා ගතික තත්ත්වයේ පවතින බැවින් නිරන්තරයෙන්ම වෙනස් වීමට ලක්වේ. එහෙත් මින් පෙර දශකවල පැවති ඉහළ ප්‍රමිතිය අප පවත්වාගෙන යා යුතු වන්නේ එසේ නොකළහොත් අපගේ ජාතියට ඇති කීර්ති නාමයට හානිවීමට ඉඩ ඇති බැවිනි. එද‌ා සිට මේ දක්වා දශක තුනක් ගෙවී ගොසිනි. සංචාරක කර්මාන්තය වටා දහස් ගණනක් නවකයෝ එක් වූහ. මා මුලින්ම මෙම කර්මාන්තයට පිය තැබූ සැටි මා කීවේ දැන් සිදුවන දේ පැහැදිලි කිරීමටය. මෙය සේවා මූලික කරගත් කර්මාන්තයක් නිසා මම මෙහිදී සේවාව යන වචනය භාවිත කරන්නෙමි.

සංචාරක මාර්ගෝපදේශකයකු නැතහොත් ජාතික සංචාරක මාර්ගෝපදේශ කතිකාචාර්යවරයකු (NTGL) වන රජයේ සංචාරක අධිකාරියේ බලපත්‍රය දරන පුද්ගලයකුට එය ලැබෙන්නේ ඔහු ඊට අද‌ාළ පාඨමාලාවක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුවය. ඔහුට රටේ සංස්කෘතිය, පෞරාණික උරුමය, පුරාවිද්‍යාව, ශාක හා සත්වයන් පිළිබඳව, භූමි රටාව, ඉතිහාසය, ස්වභාවික සම්පත් හා කෘෂිකර්මාන්තය පිළිබඳව කතා කිරීමේ හැකියාව පාඨමාලාවෙන් අනතුරුව ලැබේ. කෙටියෙන් කිවහොත් ගැටලුව ඇත්තේ එතැනය. සති කිහිපයකට පෙර අන්තර්ජාතික සංචාරක මාර්ගෝපදේශක දිනයේ ගෝල්ෆේස් පිටියේ උද්ඝෝෂණයක් පැවතියේය. සංචාරක මාර්ගෝපදේශකයෝ යම් යම් පුවරු ප්‍රදර්ශනය කරමින්, සංචාරක මාර්ගෝපදේශකවරයකුගේ අවම දෛනික දීමනාව ඩොලර් 35 (රු. 5000 පමණ) දක්වා වැඩි කරන ලෙස ඉල්ලා සිටියහ.
ගොඩනැගිලි ඉදිකිරීම් කර්මාන්තයේ හෝ වෙනත් ආකාරයක ගරුකටයුතු රැකියාවක නිරත වන පුද්ගලයකු උදේ 8.00 සිට 5.00 දක්වා වැඩ කිරීමෙන් අවම වශයෙන් රු. 2500 ක් පමණ උපයාගනී. එහෙත් සංචාරක මග පෙන්වන්නකු පැය 24 ක් පුරා සේවයේ යෙදෙන අතර ඔහුට නිශ්චිත මාසික වැටුපක් ලැබෙන්නේ නැත. එය දෛනික වැටුප් ලැබෙන වෙනත් ඕනෑම රැකියාවක් හා සමාන වූවකි.

සංචාරක මග පෙන්වන්නන්ගේ තත්ත්වය වර්ධනය කිරීමෙන් සංචාරක කර්මාන්තයේ ප්‍රමිතියද ඉහළ යයි. ගෝලීය මට්ටමෙන් බැලුවද එය අනිවාර්යය. ප්‍රමිතිය වර්ධනය කළවිට, සංචාරක මඟපෙන්වන්නන් සිදුවන අගතියද දුරුවී යායුතුය.

ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් අතර අන්තරක්‍රියා ඇති කරවන මූලික කාර්ය භාරයක් සංචාරක මග පෙන්වන්නන් විසින් ඉටු කරනු ලැබේ. මෙම සේවාවේ ප්‍රතිඵලයක් ලෙස දිවයිනේ උත්පාදනය වන ආද‌ායම බොහෝ සෙයින් වැඩිවේ. ඔවුනට අගතියක් සිදුවේ නම්, නිතරම සිදුවන්නා සේ ඔවුන් කළකිරීමට පත් වන්නේ නම් දීර්ඝ කාලීනව ගෝලීය වශයෙන් මෙම කර්මාන්තය ඉහළ මට්ටමෙන් වර්ධනය වන්නේ නැත. රටේ පවතින හොඳම සම්පත වන්නේ, මෙරට කුසලතා පූර්ණ තරුණ පරම්පරාවය. එය නාස්ති වී යායුතු නොවේ. මෙම සංචාරක කර්මාන්තය සමග ලාබය සොයා කේවල් කළහොත් සිදු වන්නේ අනාගත පරපුර විනාශමුඛයට යාමය. නීත්‍යනුකූල නොවන, බලපත්‍ර නොමැති සංචාරක මග පෙන්වන්නන් සෑම තැනම සිටිනු පෙනේ. ඔවුන් නවතාලන්නට බලධාරීන් පියවර ගන්නේ කවද‌ාද?
සැමදෙනාම ජීවිකාව උදෙසා උපයාගත යුතු නමුත් රටේ ගරුත්වය උකසට තබා එය කළ යුතු නොවේ.

සංචාරකයන්ට මඟ පෙන්වීමේ යෙදී සිටින විදේශිකයෝ ද මෙරට සිටිති. ඔවුන් නොරට රැගෙන යන්නේ මෙරට තිබිය යුතු මුදල්ය.

පසුගිය වසරේ පෙබරවාරියේ පටන් සිදු වූයේ කොවිඩ්-19 නිසා හටගත් විශේෂ සිද්ධියකි. සංචාරක මාර්ගෝපදේශකයන්ගේ රැකියා අහිමි වී ගිය අතර එයට කිසිවකුට දොස් කිව යුතු නැත. සියලුම සංචාරක මාර්ගෝපදේශකයන්, නිදහස් සේවකයන් බැවින් ඔවුන් දශක තුනක් තිස්සේ සේවය කළ අය වුවද, ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල අය ජීවත්වන හැටි සොයා බලන්නට උනන්දු වන අයකු නැත.

මෙය රැකියාවේ සුරක්ෂිතභාවය සහතික නොකරන භයානක රැකියාවකි. සංචාරක මග පෙන්වන්නකු ගුවන්තොටුපළේ සිට සේවාද‌ායකයකු හා ගමන් ඇරඹූ මොහොතේ පටන් ඔහුගේ දුරකථනය නාද වන්නට ගැනීම සාමාන්‍ය ස්වභාවයයි. මේ වනවිට මෙකී කර්මාන්තයේ යෙදෙන වුන්ගේ දුරකථනවලට අවුරුද්දකින් එකදු ඇමතුමක් හෝ ලැබී නැත.

ඔහු දශක තුනක් පුරා මෙම කර්මාන්තයේ සේවයේ යෙදී සිටි අයෙකි. මා කටයුතු කළ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට ඇමතුමක් දුන්විට ඔහුට මා ගැන කතා කරන්න කාලයක් නොතිබූ බැවින් මම උරණ වූයෙමි. එහෙත් දැන් පමාවූවා වැඩිය.

මෙම කර්මාන්තයට පිවිසෙන තරුණ නවකයන්ට මා දෙන උපදෙස නම් මේ තුළ ඔබේ අයිතීන් ස්ථාපිත කරගත යුතුය යන්නය. එවිට කටයුතු නරක අතට හැරෙන විට ඔබට එය නරකට බලපෑම අවම කරගත හැකිය. සංචාරක මග පෙන්වන්නා අප රටේ ආර්ථිකයටත්, සමාජයටත් කෙතරම් වටින්නේද යන්න සමාජයේ පහළ සමාජයේ බොහෝ අය නොදකිති. දැන් අවශ්‍ය වන්නේ මෙම මඟපෙන්වන්නන්ගේ දෛනික වැටුප වැඩි කිරීමය. අවම වශයෙන් එය ඩොලර් 35 ක් දක්වා වැඩි කළ යුතුය. සංගමය ඉල්ලා සිටින්නේ එම ඉල්ලීමය.

දැනට ඔවුන් ගැන මිනිසුන් තුළ පවතින ප්‍රතිරූපයද මෙමගින් ඉහළ යනු ඇත. එය රජය විසින් කළ යුත්තකි. එම තීරණය ගැනීම උදෙසා පියවර ගතයුතු වේ.


(***)
2021 මාර්තු 29 වැනිද‌ා Daily Mirror හි පළවූ ජයන්ත පෙරේරා ලියූ
Tour Guides Straned in Covid-19 Pandemic
ලිපියේ පරිවර්තනය. - සමන් පුෂ්ප ලියනගේ



අදහස් (2)

කොරෝනාවෙන් අතරමං වූ සංචාරක මඟ පෙන්වීම

කුමාරසිරි බදුගේ Friday, 16 April 2021 12:17 PM

ඉතාමත් ඉහළ කරුණු දැක්වීමක්. සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය වරයෙකු වශයෙන් එම ලිපිය ඉතා අගයකොට සලකන්නෙමු. සමාජය දැනගත යුතු කරුණු රාශියක් එහි අඩංගු වීම සතුටට කරුණකි. අභාග්‍යයකට සංචාරක ව්‍යාපාරයේ දැවැන්තයින් හට මෙය නොතේරීම අභාග්‍යයකට කරුණකි.

:       1       15

නලින් සේනක Monday, 19 April 2021 11:38 AM

නිල නොලත් තානාපතිවරයන් වන ඔවුන්ට රටෙහි නිසි ගෞරවය රජය විසින් ලබාදිය යුතුයි...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 130 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 241 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 194 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 807 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 48 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 605 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 460 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 117 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1143 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site