අභියෝග බුද්ධියෙන් ජයගැනීම
රටක විදේශ ප්‍රතිපත්තිය හා එය ලෝකයේ සෙසු රටවල් සමඟ කෙසේ පවත්වාගෙන යන්නේ ද යන කාරණය වටා බලය සංසරණය වේ. රටවල් ඉහළම ප්‍රමුඛතාව දී ඇත්තේ, ජාත්‍යන්තර ආර්ථික සම්බන්ධතා විදේශ සම්බන්ධතා, ආර්ථික හා දේශපාලන පැවතුම්වලට අදාළ ප්‍රතිපත්ති, දේශපාලන පැවැත්ම, ආර්ථික කළමනාකරණය හා ආර්ථිකය පවත්වාගෙන යෑම හා යහපත් මිත්‍රශීලි විදේශ සම්බන්ධතා කෙරෙහිය. ඒ සියල්ල මත රටේ තත්ත්වයත්, ආර්ථිකයෙන් උකහාගත හැකි වාසි සහගත ස්වභාවයත් පිරික්සා බැලිය හැකි වේ.