IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


රටේ ඉදිරිගමනට නිසි මං විවර කළ ලලිත්

හිටපු අමාත්‍යවරයකු මෙන්ම ප්‍රවීණ දේශපාලනඥයකු වූ අභාවප්‍රාප්ත ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 28 වැනි ගුණසැමරුම අදට (23) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

1977 ජූලි මස 21 වැනිදා පැවති  මැතිවරණයේදී අභිනව රත්මලාන කොට්ඨාසයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ ලලිත් ඇතුලත්මුදලි මහතා ජයග්‍රහණය කළේ ඡන්ද 19,972 ක් ලබා ගනිමිනි. ලලිත් ඇතුලත්මුදලි මහතා වෙළෙඳ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී වැඩ බාර ගත්තේය.

වෙළෙඳ ඇමති ධුරය දරමින් සිදු කළ මෙහෙවරෙහි ප්‍රගතිය දුටු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ලලිත්ට තවත් අමාත්‍ය පදවියක් 1978 සැප්තැම්බර් 07 වැනිද‌ා පැවරුවේය. ඒ නාවුක අමාත්‍ය පදවියයි. ඒ අනුව ලලිත් වෙළෙඳ හා නාවුක ඇමති විය.

ලලිත් කොළඹ වරාය සංවර්ධනයට ගතසිත යෙදුවේ දැනුම් තේරුම් ඇතිවය. ඒ අනුව 1979 වසරේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය පිහිටුවන ලදී.

මහපොළ අධ්‍යාපන ශිෂ්‍යත්ව ක්‍රමය අරඹා සිදු කළ මෙහෙවර තුළින්ද වෙළෙඳාම ද අධ්‍යාපනය ද එක්තැන් කළ සිදු කළ සේවය අද ද ලක්වැසි ජනතාවගේ සරසවි දූ පුතුන්ට සෙත සලසන ක්‍රමයක් වී ඇත. 1980 ජනවාරි මස 2 වැනිද‌ා දින ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ප්‍රදේශයෙන් ඇරඹුණු මහපොළ වෙළෙඳ ප්‍රදර්ශනය රට පුරාම ව්‍යාප්ත විය.

උතුරේ ත්‍රස්තවාදය උත්සන්න වන විට ජාතික ආරක්ෂක අමාත්‍ය පදවියද ලලිත් වෙත පැවරුණි. ලංකාව තුළ එක් සිංහලයකු හෝ ඉතිරිව සිටිනතුරු මෙරට බෙදන්නට ඉඩ නොදෙන බව රටටත්, ලෝකයටත් අභීතව ප්‍රකාශ කළ ලලිත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුධ සේවයේ යෙදී සිටින සොල්දාදුවන් දිරිමත් කිරීමට කඳවුරෙන් කඳවුරට, බංකරයෙන් බංකරයට ගියේ ජීවිතය පරදුවට තබමිනි. ලලිත්ගේ මෙම නව තනතුරත් සමග ඔහු කොටින්ගේ ඝාතන ලැයිස්තුවේ ප්‍රධානියකු බවට පත් විය. දකුණේ දේශප්‍රේමී ත්‍රස්තවාදීන්ගේ ද ඉලක්කයක් බවට පත් වූ ලලිත් පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරයෙන් දිවි බේරාගත්තේ යාන්තමිනි.

ජේ.ආර්. ජයවර්ධන මහතාගේ දේශපාලන විශ්‍රාම ගැනීමත් සමගම පක්ෂයේ නායකයා වූයේ රණසිංහ ප්‍රේමදාස මහතාය. රණසිංහ ප්‍රේමදාස, ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි යන නායකයන් තුළ තිබුණු සීතල යුද්ධය වූයේ පක්ෂයේ දෙවැන්නා බවට පත්ව නායකයා වීමය. 1989 ජනාධිපතිවරණය සමග එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කළේ ජේ.ආර්. ජයවර්ධන මහතා විසිනි. එම යෝජනාව ගාමිණී, ලලිත් දෙදෙනා විසින් නැගිට ස්ථිර කරන්නට යෙදුණි. එම ජනාධිපතිවරණයේදී ගාමිණී හා ලලිත් යන දෙදෙනාම ජීවිතය පරදුවට තබමින් රට පුරා රැස්වීම් අමතමින් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයට උදව් කළේ පක්ෂයේ විනය, ගෞරවය ආරක්ෂා කරමිනි. ජනපති වූ ප්‍රේමදාස මහතා නව අගමැති පදවියට පත් කරගනු ලැබුවේ ඩී.බී. විජේතුංග මහතාය. මෙම තත්ත්වය පක්ෂ අර්බුදයක් දක්වා ගියේ බළලුන් ලවා කොස් ඇට බාවන්නට හැකියාව ඇති අය අද මෙන් එදත් පක්ෂයේ සිටි නිසාය. දෝෂාභියෝගය යන අදහස ලලිත් හා ගාමිණීට පෙන්වා දුන්නේ එවන් කුමන්ත්‍රණකාරයන් විසිනි.

දේශපාලකයකුට තිබිය යුතු ඉවසීම හොඳින්ම ප්‍රගුණ කළ තැනැත්තා ජේ.ආර්. ජයවර්ධන මහතාය. දෙවැන්නා රනිල්ය. එහෙත් ගාමිණී, ලලිත් දෙපළ ඉවසිය යුතුම තැන නොඉවසා සිටීම මෙරට දේශපාලනය උඩු යටිකුරු වී ඔවුන්ගේ ජීවිතවලින් වන්දි ගෙවීමට තරම් ඛේදජනක විය. ඉන්පසු ප්‍රතිඵලය වූයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත්‍රවාදයෙන් එම දේශපාලන වියරුව ඔවුන්ගේ අරමුණු සඳහා ඉලක්ක කර ගැනීමය. මේ නිසා මෙරට සිටි එඩිතර බුද්ධිමත් දේශපාලන නායකයකු මීට වසර 28 කට පෙර අදවන් දිනක ජාතියෙන් සමුගත්තේ පිරිමැසිය නොහැකි පාඩුවක් රටට, දැයට ඉතිරි කරමිනි.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා එවකට හිටපු අධ්‍යාපන ඇමතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාට පැවසුවේ ලලිත්ගේ මහපොළ වැඩසටහනට පාසල් ලබා දීමට උපකාර වන ලෙසය. ඒ අවස්ථාවේදී අධ්‍යාපන ඇමති රනිල් වික්‍රමසිංහ මහත්මා ලලිත් ඇතුලත්මුදලි මහතාට උවමනා ආකාරයට මහපොළ සංකල්පය ක්‍රියාත්මක කිරීමට පාසල් ලබා දීමට විරෝධතාවයක් නොදක්වා මුළු හදින්ම එකඟ විය. එනිසා මහපොළ සංකල්පය ව්‍යාප්ත කිරීමට පාසල් ලබා ගැනීම ප්‍රශ්නයක් නොවීය.

දෙවනුව ඇති වූ ගැටලුව වූයේ මහපොළ භාරකාර අරමුදල සම්පූර්ණයෙන්ම සරසවි අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ලබා දීම ආදී වැඩසටහන් වෙනුවෙන් වැය කිරීමය. එහෙත් මෙය සිදු කරන්නේ නාවුක හා වෙළෙඳ අමාත්‍යාංශය නිසා අධ්‍යාපන විෂය සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යංශය මැදිහත් වීම පිළිබඳව ගැටලුවක් පැන නැගුණි. මේ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා ඇමතිවරයා වශයෙන් මහපොළ භාරකාර අරමුදල පාලනය කිරීම සඳහා වෙළෙඳ හා නාවුක අමාත්‍යාංශයට අවශ්‍ය අවසරය නොපැකිළිව ලබා දීම නිසා මහපොළ වැඩසටහන තමාට අවශ්‍ය පරිදි ශක්තිමත්ව ක්‍රියා කර ගැනීමට ලලිත් ඇතුලත්මුදලි මහතාට ඉඩ ප්‍රස්තාව උදාකරදීම විශේෂ සිද්ධියක් විය.

අද එතුමා සිහිපත් කරන්නට ඉතිරිව ඇත්තේ එක්සත් ජාතික පක්ෂය පමණක් බව අපට අමතක කළ නොහැකිය. ඇතුලත්මුදලි මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ගියත්, එක්සත් ජාතික පක්ෂයේ නායක කාරකාදීන් සහ පාක්ෂිකයන් ඔහුගේ ගුණ සෑම වර්ෂයකදීම අනුස්මරණය කරනු ලබන්නේ පක්ෂයෙන් ගිය කෙනෙකු ලෙස සලකා නොව පක්ෂයේ සිටින පුද්ගලයෙකු ලෙස සිතාය. ඒ එක්සත් ජාතික පාක්ෂිකයන් තුළ තිබෙන කෘතගුණය මිස වෙන කුමක්වත් නොවන බව සඳහන් කරනු කැමැත්තෙමි. ඇතුලත්මුදලි මහතා ඇතුළු පිරිසට එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී යෑම සඳහා වින කළ අය, කටයුතු කළ අය පසුව එතුමාගේ ශ්‍රී නාමය මේ වන විට අමතක කර දමා ඔවුන්ගේ වැඩක් බලාගෙන සිටින ආකාරය තුළින් අපට පෙනී යන්නේ දේශපාලනය මොනතරම් පිදිය යුත්තන් අමතක කර ඇද්ද යන්නයි. එබැවින් ඇතුලත්මුදලි මහතාගේ ශ්‍රී නාමය තවත් යුග ගණනකට එක්සත් ජාතික පක්ෂය තිබෙනතුරු අමතක නොකර අනුස්මරණය කරන බව සනිටුහන් කරමි.

 

(***)
එක්සත් ජාතික පක්ෂයේ සභාපති
 වජිර අබේවර්ධන



අදහස් (8)

රටේ ඉදිරිගමනට නිසි මං විවර කළ ලලිත්

Raveendra Friday, 23 April 2021 01:26 PM

දුර දක්නා ඥාණයෙන් ක්‍රියා කළ මෙතුමා වචනයේ අර්ථයෙන්ම දේශපාලඥයෙකි...

:       0       32

Sirith Friday, 23 April 2021 04:05 PM

ගාමිණීලා, ලලිත්ලා තාම ජීවතුන් අතර හිටියා නම් එජාපයටත්, ලංකාවටත් මෙවන් විපතක් වෙන්නේ නැත. ප්‍රභාකරන්ට සහ එල්ටීටීයට වත්මන් විපක්ෂය පුද පූජා පවත්වන්නේ ඔවුන් ලූලා නැති වලට කනයා පණ්ඩිතයා කර දුන්නේ එල්ටීටීය නිසායි.

:       1       18

Royfedricks Friday, 23 April 2021 09:51 PM

මේ ඔක්කොම රටට හිතවත් දේශප්‍රේමියන්. ඒ වුණාට රට සදාකල්ම දුප්පත්. දුප්පතා සාගින්නේ. මේ මුසා දෙසීමෙන් ඵලක් නොවේ. යූඑන්පී.. යට අන්ත පරාජයක් හිමිවුනේ කෙලෙසද කියා සිතා බලන්න හිටපු මන්ත්‍රීතුමා?

:       0       1

dhamneth Saturday, 24 April 2021 04:56 AM

කිව්වාට අමනාප වෙන්න එපා. මේ වගේ දක්ෂ ඇමැතිවරු අද රටේ නැහැ.

:       0       25

RaveendraSaturday, 24 April 2021 06:27 AM

අපගේ කිසිදු අමනාපයක් ඔබ කෙරෙහි නොමැත. ඔබ සදහන් කර ඇත්තේ "500%" නිවැරදි මෙන්ම පරම සත්‍යකි.අද දියවන්නාවේ ඉන්නේ රතු, කොළ ,නිල් වලින් වර්ණ ගැන්වූ "බුරුවන් රැලකි". කුඩා දරුවෙකුට පුතේ දුවේ මේ ඉන්නේ නියම දේශපාලඥයකි යයි කීමට "එකෙක් " නොමැතිවීම කනගාටුවකි..

:       0       4

Perera Saturday, 24 April 2021 05:15 AM

මෙතුමන්ලා පාර්ලිමේන්තුවේ හිටපු කාලෙත් එක්ක බලනකොට දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේ දියාරු අපතයන්ගේ

:       0       2

මිලින්ද Wednesday, 28 April 2021 03:01 AM

මේ අය හිටපු UNP එක නෙමේ දැන් ඉන්නේ..., මෙලෝ වැඩක් බැරි මරගාත ටිකක් තමයි දැන් නම් ඉන්නේ. UNP විනාශ කිරීමේ වගකීම රනිල් බාරගත යුතුයි.

:       0       0

ලලිත් පන්නිල Wednesday, 28 April 2021 04:56 AM

ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාගේ සංකල්පයකට අනුව ඇතිකල “මහපොල“ සංකපයෙහි නම “ලලිත් ඇතුලත්මුදලි අණුස්මරණ ශිෂ්‍යත්ව අරමුදල “ ලෙස සංශෝධනය කර එතුමාට ගෞරවයක් දැක්වීමට කටයුතු සලස්වන්න. අද මහපොල අරමුදල ලබාගන්නා කිසිඳු අයෙකු එතුමාගේ සංකල්පයක් නොදැනීමයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 260 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 302 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 236 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1073 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 59 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 624 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 504 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 134 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1154 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site