IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


දයාසිරිගෙන් චන්ද්‍රිකාට සැර ලිපියක්

සුගිය අගහරුවාදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් භාරදූර කාර්යයකට අත ගැසුවේ ය. එය, බැසිල් රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවකි. පක්ෂය සම්බන්ධයෙන් පවතින ගැටලු ඔහු හා සාකච්ඡා කර විසදාගන්නා ලෙසට, ජනපති ගෝඨාභය මෙන්ම අගමැති මහින්දත්, අවස්ථා කිහිපයකදීම, නිදහස් පක්ෂ නායකත්වයට දැනුම් දී, තිබිණ. 

සියලුදෙනා හොදින්ම දන්නා ආකාරයට, බැසිල් රාජපක්ෂ යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා මෙන්ම පැවැති ජනපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පක්ෂයට ජයග්‍රහණය ගෙන ඒමට උර දී කටයුතු කළ තැනැත්තා ද වේ. ඔහු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැති සාකච්ඡා විසඳුමකින් තොරවම අවසන් විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පාලක සන්ධානය අතර පවතින ගැටලු විසදාගත යුත්තේ පක්ෂය සහ සන්ධානය ලෙස ද්විපාර්ශවීය ආකාරයට මිස අනෙක් පක්ෂ නායකයින් ද, එයට අදාළ කරගැනීමෙන් නොවන බව බැසිල් රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට මෙම සාකච්ඡාවේ දී දැනුම් දුන්නේ යැයි, ඒ පිළිබද දැනුම්වත් ආරංචි මාර්ගයක් පැවසුවේ ය. 

එසේ කිරීම මගින්, අනෙක් පක්ෂ නායකයින් මෙයින් ඉවත් කිරීම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන න්‍යායාචාර්යවරයාගේ අරමුණ වූ බව, එම ආරංචි මාර්ගය වැඩිදුරටත් පැවසුවේ ය. අවසන, උණුසුම් අයුරින් සිදුවූ වචන හුවමාරුවක් මෙම රැස්වීම අවසානයකට ගෙනවිත් තිබේ. නමුත්, තවත් රැස්වීමක් පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙමින් පවතින්නේ යැයි ඉහත ආරංචි මාර්ගයම කීවේ ය.

ගෙවුණු සතියේ වූ වෙනත් සිදුවීමක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමගත් වචන හුවමාරුවක නිරත විය. එය සිදුවූයේ, ගෙවුණු 5 වැනිදාට යොදා තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කමිටු රැස්වීම අවලංගු කරන්නැයි ඉල්ලා ඇය, ඔහුට එවා තිබූ ලිපියක් මුල්කරගෙනය. එයට යැවූ පිළිතුරු ලිපියේ, ජයසේකර මෙසේ සදහන් කර තිබිණ.

පක්ෂයේ විනය සෑම අයෙකුටම එකසේ ක්‍රියාත්මක විය යුතු බව ඔබ අවබෝධ කරගෙන ඇතැයි මම සිතමි. පක්ෂ සමුලුව අවස්ථාවේ දී, පක්ෂයේ දේශපාලන මණ්ඩලය, විධායක කමිටුව සහ සමස්ත ලංකා කමිටුව එක්ව ගෝඨාභය රාජපක්ෂගේ ජනපති අපේක්ෂකත්වයට ආධාර කිරීමට තීරණයය කළ අවස්ථාවේ, වෙනත් අපේක්ෂකයකුට ආධාර කිරීම, වෙනත් අරමුණක් වෙනුවෙන් පෙනී සිටින්නැයි කණ්ඩායම්වලින් ඉල්ලා සිටීම සහ ඒවාට නායකත්වය දීම, පක්ෂයේ විනය දැඩිව උල්ලංඝණය කිරීමකි.

2020 ජනවාරි මස 16 වැනිදා පැවැති රැස්වීමට සහභාගී වූ, මැතිවරණ කොට්ඨාස සහ දිස්ත්‍රික් නායකයින්, ඔවුන්ගේ තනතුරුවලින් පහකිරීමේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දු තීරණ ගැනීමේ ව්‍යුහයන්වලින් තමාට ලබා දී තිබෙන බව ජයසේකර මහතා පැවසුවේ ය. එම රැස්වීම සංවිධානය කර තිබුණේ චන්දි්‍රකා කුමාරතුංග මහත්මියගේ නායකත්වය යටතේ බවත්, එම සමයේ ඇය මිනුවන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස කටයුතු කරමින් සිටි බවත්, ඔහු පෙන්වා දුන්නේ ය. 

තවද, කුමාරතුංග මහත්මිය සහ රුවන් රණතුංග දෙදෙනා, කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී සජිත් ප්‍රේමදාස මහතා සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම, පක්ෂයේ ප්‍රතිපත්ති උල්ලංඝණය කිරීමක් යැයි ද දයාසිරි ජයසේකර මහතා සිය ලිපියෙන් පෙන්වා දී, තිබිණ. 

ජයසේකර මහතා පක්ෂය විනාශ කරමින් සිටින්නේ යැයි හිටපු ජනපතිනිය නඟා තිබූ චෝදනාව බැහැර කර තිබූ නිදහස් පක්ෂ මහලේකම්වරයා එයට ප්‍රතිචාර දක්වා තිබුණේ මේ අයුරින්ය.

වසර 17 ක දූෂිත එක්සත් ජාතික පක්ෂ පාලනය බිඳ දමා, අපේ පක්ෂය බලයට ගෙන ඒමට කටයුතු කළ නායිකාව ඔබයි. නමුත් ඔබ කටයුතු කර තිබෙන්නේ පක්ෂයේ මධ්‍යම කාරකසභාවට එරෙහිවය. විනය කඩකර කර තිබීම සම්බන්ධයෙන් පියවර ගත යුතුව තිබෙන්නේ පෙර දැරූ තනතුරු සළකා ද? නැතිනම් අදාළ හැසිරීම සළකා ද? යයි මහලේකම්වරයා ප්‍රශ්න කර තිබිණ. 

පාලක සන්ධානය හමුවේ පවතින ගැටලු දෙකකි. එකක් පවතින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගය. අනෙක, විමල් වීවරංශගේ කණ්ඩායම සමගය. 

මෙම ගැටලු දෙකම තවමත් විසදුමක් කරා එළැඹ නොමැත. එය පාලක සන්ධානයේ නායකයින්ගේ සිත පෙළමින් සිටින්නක් යැයි සැළකුවහොත් ඒ අතරවාරයේ ඔවුන්, පාලක සන්ධානයේ කටයුතු කෙරේ සිත් තැවුලින් පසුවන්නන්ගේ දුක්ගන්නාරාළ බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත්වන්නට ඉඩහැරීම සහ එය මත යැපීමට පුරුදුව සිටීම, ඔවුන්ට ඊටත් වඩා ගැටලුවකි. මෙම දුක්ගන්නාරාළගේ චරිතය, වීරවංශ මෙන්ම ඔහුගේ අමාත්‍ය සගයා වන උදය ගම්මන්පිල මහතාත් අර්ථ දක්වා තිබෙන්නේ, රජය ඇතුළත සිටම විපක්ෂය වන්නට ඔවුන්ට වුවමනාය ලෙසය.

ඔවුන් එසේ පවසන්නේ රටේ විපක්ෂයක් නොමැති වීම නිසාද නැතහොත්, තමන්ගේ හඩ පක්ෂ නායකත්වයේ කණ නොවැටෙන නිසාද යන්න ගැටලුවකි. ඇතැම් අවස්ථාවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අරමුණුවලට පටහැනි න්‍යාය පත්‍රයකට ඔවුන් කටයුතු කරන්නේය යන්න රහසක් නොවේ. 

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ අවස්ථාවේ දී ද්විත්ව පුරවැසියන්ට මැතිවරණවලට තරග කිරීමට අවකාශය සළසා දෙමින් එයට අන්තර්ගත කර තිබූ සම්පාදනයට ඔවුහු තරයේම විරුද්ධ වූහ. ඒ කෙසේවුවත් ඔවුන්ගේ විරෝධයක් ඵලක් වූයේ නැත. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට යාමේ දී ඔවුහු නැවත වරක් සිය විරෝධය පළකළහ. එම අවස්ථාවේ නම් දෙපළ සාර්ථක විය.

මෙසේ පක්ෂයේ මතයට පටහැනි මත දරන කණ්ඩායම් සහ පුද්ගලයින්, බිදී නොයා ඔවුන් තවදුරටත් ප්‍රධාන මතවාදය සමග රදවා තබාගෙන සිටින්නේ අන් කිසිවෙක් නොව අගමැති මහින්ද රාජපක්ෂය. වෙනත් වචනවලින් කියතොත්, තිරය පසුපස සිටගෙන, බරපතල අන්දමින් පක්ෂයේ සාමාජිකයන් අතර මතුවන ගැටලුවලට, ඔව් හෝ නැහැ හෝ ප්‍රතිචාර දක්වමින් සිටින්නේ ඔහුය. 

තනිවම, තවත් කොතරම් කාලයකට නම් ඔහුට මෙම භූමිකාවට පණ පෙවිය හැකිදැයි යන්න ගැටලුවකි. පසුගිය අගහරුවාදා පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී, මෙයට අදාළ ඇතැම් කරුණු කාරණා ඉස්මතු විය. කෙසේවුවත්, රැස්වීම අවසානයේ අලුත් අවුරුද්ද සංකේතවත් කරමින් අගමැතිවරයා සංවිධානය කර තිබූ රාත්‍රී ආහාර වේලකට, පැමිණ සිටි සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා ලැබිණ.

ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ ගැටලුව


හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ප්‍රමුඛ විමර්ශන කොමිසම් සභාවකින් අනාවරණය කර තිබෙන කරුණු ප්‍රකාරව, දේශපාලනික පළිගැනීම්වලට ලක්ව සිටින්නන් සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කළ යුතුව තිබෙන ආකාරය ගැන රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සාකච්ඡා කළහ. එසේ තවත් අයවලුන්ගෙන් දේශපාලනික වශයෙන් පළිගැනීමට කටයුතු කර තිබෙන පුද්ගලයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු ද? යන පැනය සාකච්ඡාවට ගෙන ආවේ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතාය.

පක්ෂ නායකයින් සමග පැවැති රැස්වීමකින් පසුව, දේශපාලනික පළිගැනීම් සම්බන්ධයෙන් වන යෝජනාවලිය අප්‍රේල් 21 සහ 22 යන දිනවල, දෙදින විවාදයකට යොමු කිරීමට කතානායකවරයා එකගව තිබූ අතර, මෙම සාකච්ඡාවට පසුබිම සකස් කර තිබුණේ එම විවාදයයි. සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එවක රජය කටයුතු කළ ද වත්මන් රජය එවැනි පිළිවෙතක් අනුගමනය කිරීම වරදක් බව කුමාරතුංග මහතා පැවසුවේ ය. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද, එය අනුමත කළේ ය. මේ අතර, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේ රජය විශාල ජයග්‍රහණයක් ලබාගෙන තිබෙන බවය.

කතානායකවරයා සමග පැවැත්වෙන රැස්වීමකින් පසුව ඔවුන් කල්තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරනු ඇත. ඒක ලොකු සටනක්, ඔහු පැවසුවේ ය.

අදහස් දක්වන්නැයි මෙහිදී, අගමැතිවරයා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගෙන් ඉල්ලා සිටියේ ය.

“මමත් ඒකට එකගයි. ප්‍රජා අයිතිය අහෝසි නොකළ යුතුයි. එය අපේ න්‍යාය පත්‍රයේ කොටසක් නොවිය යුතුයි” ඔහු පැවසුවේ ය. 
තමා දේශපාලන පළිගැනීම්වල වින්දිතයෙක් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේ ය.

“මාව රිමාන්ඩ් බන්ධනාගාරගත කළේ තනිකරම බී වාර්තාවක් මත පදනම්ව” යයි කී ඔහු, දේශපාලන පළිගැනීම් සිදුකර ඇතැයි වරදකරුවන් වන පුද්ගලයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි නොකළ යුතුව ඇතැයි අවධාරණය කළේ ය.

“ඔව්, ඔව්” යයි අගමැතිවරයා මහ හඩින් පැවසුවේ ය. “අපි පූර්වාදර්ශයක් සපයන්න හොද නැහැ” යයිද වැඩිදුරටත් කීවේය. 

කෙසේ වෙතත් අදාළ කොමිසම් සභා වාර්තාවෙන් ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ නිර්දේශයක් ඉදිරිපත් කර තිබෙන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙහිදී පෙන්වා දුන්නේ ය. එසේවුවත්, මෙතැන දී දිය යුතු පිළිතුර වන්නේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම නොව වරදකරුවන්ට දඩුවම් ලබාදීම යැයි තර්ක කළ පිරිසක් විය. එක්තරා නඩු කටයුත්තක්, දේශපාලන කරුණු නිසාම කඩුවෙල අධිකරණයට මාරු කළ අවස්ථාවක් එම එක් අයෙක් සිහි කැදවූයේ ය. එම සිදුවීම තමා ද දන්නා බව අගමැතිවරයා කීවේ ය.

අගවිනිසුරු තනතුරින් මොහාන් පීරිස් මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සාකච්ඡා කළහ. එක් මන්ත්‍රීවරයෙක් එහිදී, දැනට සිරභාරයේ සිටින එක්තරා ආන්දෝලනාත්මක දේශපාලකයෙක්, අගවිනිසුරු පීරිස්ගේ නිල නිවසට ගොස් ඔහුව බියගන්වා වහාම අගවිනිසුරු තනතුරින් ඉවත්වන්නැයි ඔහුට බලපෑම් කර තිබෙන බව, සැළ කළේ ය. එම අවස්ථාවේ දී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතූ අගමැතිවරයා සාක්කි හෝ පදනමක් නොමැතිව කිසිදු අවස්ථාවක අපේ මිනිසුන්, සම්බන්ධයෙන් අදහස් නොදැක්විය යුතුයැයි දැඩිව අවධාරණය කළේ ය. 

අගමැතිවරයා එසේ කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය නියෝජනය කරන වෙනත් දේශපාලන පක්ෂවල නායකයින් අපහසුතාවයට පත්වීමෙන් වැළැක්වීමට බව රජයේ ආරංචි මාර්ගයක් සදහන් කළේ ය. පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දෙදින, දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් වූ යෝජනාවලිය පාර්ලිමේන්තුවේ විවාදයට බදුන්වූයේ මෙවන් වටපිටාවකය.

දේශපාලන පළිගැනීම් සිදුකර ඇතැයි චෝදනා නැගී තිබෙන විපක්ෂ දේශපාලඥයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි නොකරන්නේ යැයි අගමැතිවරයා අවධාරණය කර ඇතත්, එහිලා අලුත් පිළිවෙතක් හදුන්වාදීමට රජය පියවර තබා අවසන්ය. එය නම්, විමර්ශන කොමිසමක් හරහා එසේ සිදුව තිබෙන ‘දේශපාලනමය පිළිගැනීම්‘ ‘හඳුනාගෙන‘, වරදකරුවන්ට එරෙහිව ගතයුතුව තිබෙන පියවර සම්බන්ධයෙන් ද, නිර්දේශ ලබාගෙන තිබීමය.

කෙසේවුවත්, ‘දේශපාලන පළිගැනීම්‘ යැයි එම හදුනාගෙන තිබෙන සිදුවීම්වලට අදාළව ගොනුකර තිබෙන නඩු සහ චෝදනා ඉවත්කරගන්නා ලෙස කොමිසම ඉල්ලා තිබෙන්නේ නීතිපතිවරයාගෙන්ය. එය, රටේ නීතිය සහ අධිකරණය ගොඩනැගී තිබෙන ප්‍රතිපත්ති දෙවැනි තැනට දැමීමක් වැන්න. මෙම පූර්වාදර්ශය, නිදහස ලබා වසර 72 ක් ගෙවී තිබෙන තැන, පොලිසිය සහ අධිකරණය තවදුරටත් අවැසි ද? යන පැනය අප හමුවේ තබන්නකි. මේ යන ආකාරයට සියල්ල කොමිසම්වලටම තීරණය කළ හැකිවා නොවේ ද?, ශ්‍රී ලංකාව සියල්ලන්ගේ හාස්‍යයට ලක්වීමේ එක්තරා අතකට පුදුමයක් ද නැත.

ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර

 

 



අදහස් (4)

දයාසිරිගෙන් චන්ද්‍රිකාට සැර ලිපියක්

NM Friday, 30 April 2021 11:09 PM

දයාසිරි දේශපාලනයට පැමිණියේ SLFP නිසා. චන්ද්‍රිකා ජනාධිපතිනියගේ රජයේ ඇමැතිවරයෙකි. පසුව ඔහු චන්ද්‍රිකා ජනාධිපතිනිය විවේචනයට ලක්කරමින් මහාචාර්යවරයා සහ තවත් කිහිපදෙනෙකු සමග එක්සත් ජාතික පක්ෂයට එක්විය. පසුව සජිත් සමග එක්ව රනිල් පක්ෂයෙන් නෙරපා සජිත් පක්ෂ නායකත්වයට පත්කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධාන හවුල් කරුවකුව සිට එය අසාර්ථක වූ පසු යළිත් 2013 SLFPයට එක්විය. රාජපක්ෂලාට දෝෂාරෝපණය කරමින් යලිත් 2015 වසරේදී යහපාලන රජයට එක්විය. ඇමති තනතුරු පවා ලැබීය. යහපාලන රජය පරාජයෙන් පසු යළිත් මොවුන් රාජපක්ෂලා සමග එක්විය. මොවුන්ට ප්‍රතිපත්තියක් නොමැති අවස්ථාවාදී දේශපාලකයින් බව මේ වනවිට මුළු රටම දනී. ජයසේකර මහතා SLFP පක්ෂය විනාශ කරමින් සිටින්නේ යැයි හිටපු ජනපතිනිය නඟා තිබූ චෝදනාව සත්‍යයකි. දයාසිරිලා වැනි ප්‍රතිපත්තියක් නොමැති අවස්ථාවාදී දේශපාලකයින් සිටින තුරු ලංකාවට සෙතක් වේද? ඔවුන් රටට කිසිදු සෙතක් කරනැති නමුත් පක්ෂ මාරු කරමින් සියලු වරප්‍රසාද ලබමින් ඔවුනොවුන් වෙනුවෙන්ම බොහෝ දේ කරගෙන ඇත. SLFP පක්ෂයට නව තරුණ නායකත්වයකට ලබාදිය යුතු කාලය පැමිණ ඇත...

:       0       0

NM Saturday, 01 May 2021 07:31 PM

මංගල සමරවීර දේශපාලනයට පැමිණෙනුයේ 80 දශකයේ අගභාගයේය. චන්ද්‍රිකාට එක්වන ඔහු එහි ඇමතිකම් දැරීය. 2001 දී රනිල් රජයක් බිහි කළේය. සෘණ අගයක් තිබූ ආර්ථිකය ශක්තිමත් කළේය. 2004 දී රනිල් ඇමරිකාවට ගොස් සිටියදී ඔහුගේ කැබිනෙට්ටුවේ ඇමතිවරුන් 3 දෙනෙක් ජනාධිපතිනිය විසින් ඉවත් කරනලදී. පසුගියදා මංගල කිව්වේ එදා ඔවුන් කලේ බරපතල දේශපාලන වරදක් බවයි. එය දේශපාලනයට වඩා සමස්ථ රටටම බලපෑවේය. රටේ ආර්ථිකය යලිත් කඩාවැටුණේය. කුහක, ඉරිසියාකාර දේශපාලනය නිසා රටට එදා ඔවුන් සිදු කළදේ අද ඔවුන් ප්‍රසිද්ධියේ පිළිගනියි. ඉන්පසු ඔහු මහින්දට එක්විය. 2005දී මහින්දගේ මැතිවරණයේ රජුන් තනන්නන්ගේ රාජකාරිය කළ බව ඔහුම ප්‍රචාරය කළේය. එම මැතිවරණයේදී රනිල් සහ මහින්ද අතර ඡන්ද පරතරය එක්ලක්ෂ අසූදහසකි. එය ඔවුන් ලබාගත්තේ LTTE සංවිධානයට මුදල් ලබාදී උතුරු, නැගෙනහිර සහ කොළඹ සියලු ද්‍රවිඩ ඡන්ද වැලක් වීමෙනි. එසේ වූකලී LTTE යට පගාව ලබාදී මහින්ද ජනාධිපති කරවීමට වර්තමානයේ කිඹුල් කඳුළු හෙලන මංගල කොටස් කරුවෙකුව සිටියේය. LTTEය සමග රජය යුද්ධ කිරීමට පටන් ගත්පසු ඔහුට ඇමතිකමට වැඩ ජීවිතය වටිනාකම තේරුම් යන්නට ඇත...

:       0       0

nm Saturday, 01 May 2021 07:36 PM

මංගල එම රජයෙන් ඉවත්විය. අද ඔහු කියන්නේ කවුරු නැතත් ඔහු රනිල් ළඟ සිටින බවකි. රටට වෙනසක් බලාපොරොත්තුවෙන් වෙනසක් ඇතිකිරීමට ඔහු අකමැතිය. අලුත් කණ්ඩායමකට රට බාරදීම ඔහු හඳුන්වන්නේ මහා විනාශයක් බවයි. එම නිසා ඔහු උපදේශක මණ්ඩලයක් ගැන කියා සිටියේය. එමෙන්ම මංගලගේ කතාව අනුව වර්තමාන දේශපාලනයට ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී අඩිතාලමක් අවශ්‍ය බවයි. එය රටම දන්නා කාරණයකි. නමුත් ඉදිරි මැතිවරණයේදී රජුන් තනන්නන් අවශ්‍ය නැත. එය රටේ ජනතාව විසින්ම ඉටු කරනු ඇත. උපදේශක මණ්ඩල ඇති වුවත් මංගලට එම උපදේශක මණ්ඩලවල අවස්ථාවන් නොලැබෙනු ඇත. ඒ සඳහා අනවශ්‍ය බලාපොරොත්තුද තබා ගැනීමට අවශ්‍ය නැත.

:       0       0

Ruwan Sunday, 02 May 2021 03:23 AM

එතුමියගේ දේශපාලනය ගැන ප්‍රශ්න තියෙනවා.. මොනවා වුණත් අනූ ගණන්වල බස්නාහිරට ඉල්ලා දිනලා ගෙනාපු රැල්ල නැත්නම් අද ඔය ඉන්න නායකයින් කවුරුත් නෑ... තාමත් එජාපයේ තමයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 260 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 302 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 236 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1072 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 59 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 624 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 504 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 134 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1154 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site