IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


කඩාවැටුණු රතිඤ්ඤා කර්මාන්තය මෙදා යළි හිස ඔසවලා

 

මීගමුව, කිඹුලාපිටිය කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාප්තවී ඇති රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි කර්මාන්තය ගෙවීගිය පසුගිය වසර දෙකක කාලය තුළ මුළුමනින්ම කඩාවැටී තිබුණ ද එළැඹෙන මෙම සිංහල හින්දු අලුත් අවුරුද්දේ නොසිතූ අයුරින් අලෙවියක් සිදුවූ බව එම කර්මාන්තයේ නියැළෙන පිරිස් පවසති.

වසර සියයකට වැඩි ඉතිහාසයක් ඇති බව පවසන මෙම කර්මාන්තය ඉකුත් වසර දෙක තුළ මෙරට සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරය සහ කොවිඩ් වසංගත තත්ත්වය නිසා එසේ කඩාවැටුණු බවත් ඔවුහු කියති.

කිඹුලාපිටිය ප්‍රදේශය ප්‍රධාන කරගෙන දාගොන්න, පීල්ලවත්ත, කටාන, කළුඅරිප්පුව, කටුවැල්ලගම, තිඹිරිගස්කටුව ඇතුළු ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇති මෙම කර්මාන්තයෙහි පවුල් 2500 ත් 3000 ත් අතර පිරිසක් ඍජුව සහ වක්‍රව නිරතවන බව ද ඔවුහු සඳහන් කරති.

ගිනිකෙළි කර්මාන්තයේ වත්මන් තත්ත්වය පිළිබඳව සමස්ත ලංකා ගිණිකෙළි නිපදවන්නන්ගේ සංගමයේ සභාපති දිනේෂ් පෙරේරා මහතා මෙසේ සඳහන් කළේය.

අද වෙද්දී බලපත්‍ර තියෙන රතිඤ්ඤා නිෂ්පාදකයන් 250 ක් විතර අපේ මේ සංගමයට සම්බන්ධ වෙලා ඉන්නවා. අපට අවශ්‍ය වෙඩි බෙහෙත් ඇතුළු අමුද්‍රව්‍ය සපයලා දෙන්නේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ඔස්සේයි.

මේ රතිඤ්ඤා කර්මාන්තය ප්‍රධාන වශයෙන් තියෙන්නේ නත්තලයි සිංහල අලුත් අවුරුද්දයි මූලික කරගනිමින්. නත්තල තියෙන්නේ බොහෝ විට කළුතර ඉඳන් පුත්තලම දක්වා මුහුදුබඩ සීමාවේ විතරයි. සිංහල හින්දු අලුත් අවුරුද්ද මුළු දිවයිනම ආවරණය වන අයුරින් ව්‍යාප්ත වෙලා තියෙනවා. යුද්ධය පැවතීමට පෙර යාපනය ඇතුළු උතුරු නැගෙනහිර ප්‍රදේශවල අපේ රතිඤ්ඤාවලට හොඳ වෙළෙඳපොළක් තිබුණා.

පසුව යුද්ධයත් සමග ඒ තත්ත්වය නැතුව ගියා. ඒත් යුද්ධය නිමාවීමත් සමග පෙර පැවැති තත්ත්වයට අපේ නිෂ්පාදන අලෙවි වුණා. ඒත් පසුගිය වසර දෙකක කාලය තුළ පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් 19 වසංගතය නිසා මේ රතිඤ්ඤා කර්මාන්තය මුළුමනින්ම කඩා වැටුණා. 
මේ 2021 වසර ගැන අපේ ලොකු විශ්වාසයක් තිබුණේ නැහැ. අපි  60% ක් 70% ක් වගේ ප්‍රමාණයක් තමයි නිෂ්පාදනය කළේ. ඒත් අපි නොසිතපු දෙයක් මෙහිදී සිදුවුණා. 

රතිඤ්ඤා අද වෙද්දී ඉල්ලුමේ හැටියට සැපයුම ලබාදෙන්න අපට නොහැකිවෙලා තියෙනවා. විශාල ලෙස රතිඤ්ඤා ගැනුම්කරුවන් ආවා. මේ වෙද්දී කිඹුලාපිටිය ප්‍රදේශයේ සිටින සියලුම රතිඤ්ඤා නිෂ්පාදකයන්ගේ මල්වෙඩි, බඹර චක්‍ර, නිලාකූරු, අහස්කූරු, බට්ටෝ ඇතුළු නිෂ්පාදනවල මෙදා සැරේ හොඳ වෙළෙඳපොළක‍ෙඅපට තිබුණා. ඒක අපට ලොකු අස්වැසිල්ලක්.

රතිඤ්ඤා කර්මාන්තය ඔවුන්ගේ පරම්පරාවෙන් ලැබුන දායාදයක් බව පසුවන ජී. සංජය දිනූෂ ප්‍රනාන්දු මහතා මෙසේ කීය.

මේ රතිඤ්ඤා කර්මාන්තය මගේ සීයගෙන් තාත්තට ලැබුණ දෙයක්. අද ඒක කරන්නේ මම. කිඹුලාපිටියේ රතිඤ්ඤා කරන හැමෝම ගත්තොත් ඒ විදිහයි. පරම්පරාවෙන් තමයි අපට මේ ස්වයං කර්මාන්තය ඇවිත් තියෙන්නේ. විශ්වවිද්‍යාලයේ නොගියාට මමත් අධ්‍යාපන මට්ටම අතින් ඉහළටම ගියා. වෙනත් රැකියාවක් කරන්නත් සුදුසුකම් තිබුණා.

ඒත් මට හිතුණා තාත්තලා කරපු දේ මමත් කරන්න ඕනෑ කියලා. අන්න ඒක නිසයි මේක තෝරගත්තේ. ඇත්තටම කියනවා නම් අපි මෙදා අවුරුද්දේ ගොඩ. හොඳ අලෙවියක් තිබුණා. පසුගිය අවුරුදු දෙකේ මේ කර්මාන්තය හොඳටම කඩාවැටිලයි තිබුණේ. අපේ මිනිස්සු දහ අතේ ණයවුණා. බැංකු ලෝන් ඇරියස් වුණා. වාහන ලීසින් ගෙවා ගන්න බැරිවුණා.

අද රටේ තිබෙන වාතාවරණයත් එක්ක මේ අවුරුද්ද ගැනත් අපේ ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මිනිස්සු ලොකුවට රතිඤ්ඤා හදලා ස්ටොක් කරගත්තේ නැහැ. ඒත් අපේ ඒ සිතුවිලි සියල්ල මේ අවුරුදු සීසන් එකේ වෙනස් වුණා. හදල තිබුණ බඩු සියල්ලම වගේ ඉවරයි.

අපෙන් ඉස්සර ඉඳන්ම රතිඤ්ඤා මිලදී ගන්න පිරිසක් ඉන්නවා. අන්න ඒ අයට දෙන්න විතරක් මගේ ළඟ රතිඤ්ඤා ටිකක් තියෙනවා. ඇත්තටම කිව්වොත් මේ අවුරුදු සීසන් එකේ අපේ රතිඤ්ඤා නිෂ්පාදකයන්ට හොඳටම හොඳයි.

 

කිඹුලාපිටිය ප්‍රදේශයේ සේපාල ප්‍රනාන්දු මහතා ද සිය ගිනිකෙළි ව්‍යාපාරය පිළිබඳව මෙසේ පැවැසීය.

 

මටත් මේ ව්‍යාපාරය ලැබුණේ අපේ සීයගෙන්. මම තුන්වැනි පරම්පරාව. පසුගිය වසර දෙකක කාලය තුළ ඇත්තටම අපේ ව්‍යාපාරය හොඳටම කඩාගෙන වැටුණා. ඒත් මේ අවුරුද්දේ කවුරුත් නොහිතපු විදිහට බිස්නස් එක හොඳම තත්ත්වයෙන් තියෙන්නේ. පුදුම පිබිදීමක් ඇතිවෙලා. ඒත් ඉල්ලන ප්‍රමාණයට දෙන්න අපේ ළඟ බඩු නැහැ. රටේ මොන ප්‍රශ්න තිබුණත් අවශ්‍ය වෙඩි බෙහෙත් ඇතුළු අමුද්‍රව්‍ය ටික නියම වෙලාවටම අපට ලැබුණා.

මම දන්න කාලෙක රතිඤ්ඤා ව්‍යාපාරයටය හොඳම අවුරුද්ද මේක. අපටත් හිතාගන්න බැහැ මොකද ඒ කියලා. බොහෝ විට මිනිසුන් හිතුවේ මේ කොරෝනා වසංගතය නිසා මෙදා අවුරුද්දත් අවුල්වෙයි කියලා.

ඒත් ඒකෙ අනෙක් පැත්ත වුණේ. රතිඤ්ඤා නිෂ්පාදකයන්ට මේක සාර්ථකම අවුරුද්දක් කියලා මට කියන්න පුළුවන්.

 

ජයමිණි නිරෝෂා මහත්මිය රතිඤ්ඤා කර්මාන්තය පිළිබඳව මෙසේ අදහස් දැක්වූවාය.

මම ඉපදෙන්න ඉස්සරවෙලා ඉඳන්ම අපේ අම්මලා තාත්තලා කළේ මේ රතිඤ්ඤා හදන එක. මේ කර්මාන්තය නිසා මගේ තාත්තට සහෝදර සහෝදරියන් ඇතුළු හත් දෙනෙක්ම එක සැරේ අහිමි වුණා. සතුට වගේම කඳුළත් අපේ ජීවිතවල තියෙනවා. අදටත් තාත්තා රතිඤ්ඤා වැඩ කරනකොට මගේ දරුවන්ටවත් ළඟට එන්න දෙන්නේ නැහැ. එයාට ඒ බය තවම තියෙනවා. මේ වගේ සිද්ධීන් විශාල ප්‍රමාණයක් කිඹුලාපිටිය ප්‍රදේශයේ සිදුවෙලා තියෙනවා.


මේ සැරේ හොඳ වෙළෙඳපොළක් තියෙනවා. ගමේ කාගාවවත් මේ වෙද්දී බඩු ඉතුරුවෙලා නැහැ. රතිඤ්ඤා හදන එක දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. බම්බු ටික හදාගන්න ඕනෑ. වෙඩි නූල්ටික, ආකාසනම් ඒ ආකාස බම්බුටික, ඉරටු, මේ වගේ පියවරෙන් පියවර කරන්න ඕනෑ. අපි  අවුරුදුවලට රතිඤ්ඤා හදන්න ගන්නේ දෙසැම්බර් මාසයේ ඉඳන්.


ඒ වගේම තමයි ඔය කොයි ව්‍යාපාරයත් හොඳ සල්ලි තියෙන මිනිසුන්ට. එක සැරේ මුදල් ටිකක් යෙදෙව්ව නම් අපටත් සල්ලි හොයන්න තිබුණා. පොඩි ඉඩමක් තියෙන කෙනකුට කවදාවත් වෙඩි බෙහෙත්වලට බලපත්‍රයක් ගන්න බැහැ. අඩුම තරමින් පර්චස් 40ක් වත් තියෙන්න ඕනෑ. මොකද අවදානම වැඩි නිසා. 


පොඩි අත්වැරදීමකින් ලොකු විනාශයක් වෙන්න පුළුවන්. මේ කර්මාන්තයේ යෙදිලා ඉන්න පොඩි මිනිහට සහන ක්‍රමයකට වෙඩි බෙහෙත් ටික හරි දෙනවා නම් ඒකත් ලොකු දෙයක්. එතකොට අප වගේ පොඩි මිනිහටත් විශාල ශක්තියක්.

 

සටහන සහ ඡායාරූප
සඳලංකාව හේමලතා ඩී. හේවගේ

 



අදහස් (5)

කඩාවැටුණු රතිඤ්ඤා කර්මාන්තය මෙදා යළි හිස ඔසවලා

demiyan Monday, 12 April 2021 10:29 AM

මහ පුදුම මිනිස්සු ඉන්න, මහම පුදුම රටක් මේ ශ්‍රී ලංකාව කියන්නේ... රටේ ජනගහනයෙන් 60% දවසකට එක වේලයි කන්නේ... ඒ මදිවට රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් සමෘධිය කියන ඡන්දයට මෝඩයින් බාගන්න ඇමට පාවිච්චි කරනවා. හිඟන ලේබලය නැතත් ඇත්තටම හිඟන්නන්ගෙන් ගහන රටක මේ වගේ මුදල් පුච්චන මෝඩයින් සිටීම පුදුමයක් නොවේ. ඔය පුච්චන සල්ලිවලින් දරුවෙකුට ඇඳුමක්, බඩට කන්න යමක් දෙන්න බැරිද?

:       72       20

samanMonday, 12 April 2021 12:37 PM

ඇයි එතකොට ඔය බාර් ගානේ පෝලිම්වල ඉඳලා මත්පැන් ගන්න උදවිය ඒ සල්ලිවලින් දරුවෙකුට ඇඳුමක්, බඩට කන්න යමක් නොදෙන්නේ..?

:       1       122

NIMALMonday, 12 April 2021 04:55 PM

පරම්පරාවෙන් ලැබුණු දායාදයක්.. වූවත් මෙයට වඩා ක්‍රමවේදයකට කරගෙන යා යුතුවේ. සේවකයන් හට දැනට තිබෙන පහසුකම් වැඩිකළ යුතුවේ. සේවකයා වැඩකරන ආකාරය ඉතාම කණගාටු දායකය.

:       0       3

Ruhunu Monday, 12 April 2021 11:13 AM

ඔබලාගේ සතුට අපේත් සතුට. ඔබ සැමගේ ව්‍යාපාර තවතවත් දියුණු වේවා..!!!

:       2       48

vidya Tuesday, 13 April 2021 02:26 AM

මට හරිම සතුටුයි.. නැවතත් ඔබලාගේ කර්මාන්තය කරගෙන යන්න පුළුවන් වූ බව දැන ගැනීම. කරුණාකර සියලුම ආරක්ෂිත පිළිවෙත් පිළිපදිමින් නිෂ්පාදනය කරන්න. ඔබ සැමට ජය සහ සතුට පතමි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඡන්ද ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව
2025 මැයි මස 13 3 0

වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි


ජීවිතය බබළවන බුදු සිරිතේ ආදර්ශ
2025 මැයි මස 13 6 0

සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි


බුදු දහමේ නියම රසය සොයා යමු
2025 මැයි මස 13 4 0

අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්


ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 458 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 373 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 173 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1257 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1525 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 399 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site