කොරෝනා වසංගතයෙන් රට බේරාගැනීම සඳහා සියලු පක්ෂ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික සමුළුවක් වහා කැඳවන්නැයි සමගි ජන බලවේගය ජනාධිපතිවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කර තිබිණි. සමගි ජන බලවේගයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡාවකදී මේ ඉල්ලීම කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, තලතා අතුකෝරාළ, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්ම මහත්මීන් විසිනි.
මේ අතර කොළඹදී විශේෂ ප්‍රකාශයක් කරමින් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සඳහන් කර තිබුණේ කොරෝනා මර්දනය සම්බන්ධයෙන් දැනට පත්කර ඇති ක්‍රියාන්විත මධ්‍යස්ථානය අසාර්ථක වී තිබෙන හෙයින් ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය කොරෝනා මර්දනය සම්බන්ධයෙන් සම්පූර්ණ බලතල අතට ගෙන ජනතාවගේ ජීවිත බේරාගැනීමට කටයුතු කළ යුතු බවය. එසේම පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තැබූ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු අමාත්‍ය කරු ජයසූරිය මහතාද කියා සිටියේ මේ වන විට සංකීර්ණ බරපතළ සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අපගේ මාතෘභූමියත් ජනතාවත් එම ව්‍යසනයෙන් ගලවාගැනීම සඳහා දේශපාලන මතවාද පසෙකට දමා මුළු රටම එක්ව කටයුතු කළ යුතු බවය.
විපක්ෂයත් විපක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයන් දෙදෙනකුත් විසින් කරනු ලබන මේ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ දැඩි අවධානය යොමු කරන්නේ නම් එය අවස්ථාවේ හැටියට ඉතා වැදගත් පියවරක් වනු ඇතැයි අපි විශ්වාස කරමු. රටක් වශයෙන් මාරාන්තික උවදුරක අමිහිරි, කටුක අත්දැකීම් ලබමින් සිටින අපට දේශපාලන පසමිතුරුකම්වලින් තොරව ඒවා විසඳාගැනීමේ ක්‍රියාමාර්ගයකට ප්‍රවේශ විය හැකි නම් එයින් විපුල ඵල නෙළාගැනීමට බැරිකමක් නැත. රටේ සියලු ජනතාව නියෝජනය වන පරිදි තීන්දු, තීරණ ගැනීමේ ක්‍රියා පිළිවෙත පුළුල් කළ හැකි නම් එය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන්ටද මහත් අස්වැසිල්ලක් වනු ඇත. සැකය සහ අවිශ්වාසය බලපෑම් කරද්දී හදිසියේ ගත යුතු තීන්දු තීරණවලටද එය ආරෝපණය වීම වැළැක්විය නොහැක. මේ අවස්ථාවේදී කළ යුත්තේ රට මුහුණදෙන භයානක අවදානම වළක්වා ගැනීමට හැකි හැම පියවරක්ම නොපමාව ගැනීමය. එක්ව කටයුතු කිරීම එය තවදුරටත් ශක්තිමත් කරන ධනාත්මක සාධකයක් වනු ඇත.
රටක් පාලනයේදී රජයකට බරපතළ ගැටලුවලට මුහුණදීමට සිදුවෙයි. එය ඕනෑම රටකට පොදු කරුණකි. එහෙත් යම් ගැටලුවක් ප්‍රසාරණය වී එය ජාතික ව්‍යසනයක් බවට පත්වන විට මොනම බලවත් රජයක් වුවද අපහසුතාවට පත්වීම වැළැක්විය නොහැක. එවැනි අවස්ථාවකදී රජයේ කකුලෙන් අදිමින් ගැටලුව තවත් ව්‍යාකූල කොට දේශපාලන වාසි ලබාගැනීමේ පිළිවෙතින් බැහැරව රජයට සහාය පළකිරීමට විපක්ෂය සූදානම් නම් ඔවුන් සමඟ රජය එකට සිටගැනීමේ වැරැද්දක් අපි නොදකිමු. විපක්ෂයද මේ රටේම ජනතාවගේ ඡන්දයෙන් තෝරාපත් කරගනු ලැබූ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් බව මේ මොහොතේදී සැලකිල්ලට ගත යුතුය.
ඉදිරියේදී රටේ ඇතිවිය හැකි භයානක තත්ත්වය පිළිබඳව අමෙරිකානු සමීක්ෂණ වාර්තාවක් මගින් සිදුකර ඇති අනතුරු ඇඟවීමද මේ රටේ සියලු දේශපාලන නායකයන්ගේ ඇස් ඇරවීමක් බව පැහැදිලිය. අමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සමීක්ෂණ ආයතනයක් මගින් රට රටවල කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිකුත් කර ඇති අදාළ සමීක්ෂණ වාර්තාවෙන් පුරෝකථනය කර ඇත්තේ පවතින තත්ත්වය පාලනය නොකළොත් ලබන සැප්තැම්බර් මාසයේ 01 වැනිදා වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 20,000ක් ඉක්මවා යනු ඇති බවය. කොරෝනා ව්‍යාප්තිය අතින් ශ්‍රී ලංකාව ලබන ජූනි මාසය මැද වන විට උච්ඡ ස්ථානයට පත්වනු ඇති බවද ඒ වන විට දෛනික මරණ සංඛ්‍යාව 200ත් 300ත් අතර අගයක් ගනු ඇති බවද සඳහන් කරන එම සමීක්ෂණ වාර්තාව ලබන ජූනි 14 වැනිදා වන විට දෛනික මරණ 260 සීමාව ඉක්මවා යනු ඇති බවද කියයි.
මෙය රටේ කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් රතු නිවේදනයක් බවට කතා දෙකක් නැත. මේ වාර්තාවේ අනුමාන කෙරෙන තත්ත්වය එලෙසින්ම සිදුවනු ඇතැයි අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවෙමු. එසේ නොවේවායි කියා ප්‍රාර්ථනය කරමු. එහෙත් අද ගත යුතු තීන්දු, තීරණ නොගැනීම මෙවැනි තත්ත්වයකට පහසුවෙන් පාර කපාදීමක් බව කීම අතිශයෝක්තියක් නොවනු ඇත. සියල්ලටම පළමුව කළ යුත්තේ පවතින කොරෝනා තත්ත්වය පාලනය කළ හැකි මට්ටමකින් තබාගැනීමය. ඒ සඳහා සියලු දෙනාගේම එක්වීම ශක්තියක් වනු ඇති බවත් පෙන්වා දිය යුතුය. එසේම ජනතාවගේ පූර්ණ සහයෝගයද අවශ්‍යව ඇත.
අපේ රට කොරෝනා රෝගය සම්බන්ධයෙන් ගමන් කරමින් සිටින මාවත කුමක්දැයි මේ කරුණු මගින් පහසුවෙන් අවබෝධ කරගත හැක. මේ රටේ ජාතික ගැටලුවලදී මීට පෙරද ආණ්ඩුවත් විපක්ෂයත් එක්වී කටයුතු කළ අවස්ථා ඉතිහාසගතව තිබේ. තනි තනිව දේශපාලන වාසි ලබාගන්නවාට වඩා රටේ ජනතාවගේ ජීවිත රැකදීම මේ මොහොතේදී ආණ්ඩුවෙනුත් විපක්ෂයෙනුත් ඉටුවිය යුතු ප්‍රධානම යුතුකම සහ වගකීම බව පෙන්වා දීමට කැමැත්තෙමු.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජාතික ප්‍රශ්නවලදී ජාති - පක්ෂ බේද එපා
Gayan Thursday, 13 May 2021 06:01 PM
අම්මෝ එවට රැවටුණ කාලේ ගියා
duminda Friday, 14 May 2021 04:03 AM
පහුගිය විපක්ෂය කාලේ හාල් පොල් ගණන් කියමින් පන්සල් ගානේ ගියේ ඒකනේ ඒ් අතින් සජිත් කරන දේවල් ප්‍රායෝගිකයි
KooralageSaturday, 15 May 2021 05:04 AM
දුමින්ද සහතික ඇත්ත. කොරෝනා රටට මුලින්ම ආපු වෙලාවේ... සජිත් පාර්ලිමේන්තුවේ කිව්ව වැක්සීන් දැම්මාම ඇණවුම් කරන්න කියලා. කොහේද ආණ්ඩුවේ බූරුවන් ටික සජිත්ට බැනලා. විහිළු කතා කියන්න එපා කිව්වා. දැන් රටම විනාශයි.
hesa Friday, 14 May 2021 02:41 PM
අගනා යෝඡනාවක් ! නමුත් සමුළු මොකටෙයි ඔබ අදහස් කියන්න සර්. රටටම ඇහෙන්න
sujithMonday, 17 May 2021 04:18 PM
ඒ මක්කටෙයි?
fairoos Tuesday, 18 May 2021 10:02 AM
බයියන් කියයි මෙයාලා හිටියා නම් මීට වඩා රට ඉවරයි කියලා. දැන්වත් සමහරකට තේරෙන්නේ නැහැ ... කවුරු ආවත් එච්චරයි කියලා.