වසංගත තත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරෙමින් තිබියදී සෞඛ්‍ය අංශ රජයට දැඩි බලපෑම් එල්ල කරන්නට පටන් ගත්තේය. කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිනකට දෙදහස ඉක්මවීම මරණ සංඛ්‍යාව සැළකිය යුතු ලෙස ඉහළ යාම ආදී කරුණු පාදක කරගනිමින් මෙරට ප්‍රධාන පෙළේ වෛද්‍ය සංගම් කීපයක්ම දැඩි සංචරණ සීමා පනවන ලෙසත් අඩුම තරමේ සති දෙකක පමණ කාලයකටවත් රට වසා තබන ලෙසටත් රජයට බලපෑම් එල්ල කරන්නට පටන් ගත්තේය.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෛද්‍ය සංගම්වල කරුණු පැහැදිලි කිරීම නිසා අවසානයේ ආණ්ඩුව සති දෙකකට රට තුළ දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමට තීන්දුවක් ගත්තේය.
ඉදිරියේදී සංචරණ සීමා තවත් දැඩිවනු ඇතැයිද ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
වෛද්‍ය සංගම්වලට අමතරව විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂද රටතුළ දැඩි සංචරණ සීමා පනවන ලෙස හෝ අඩුම තරමේ සති දෙකකටවත් රට වසා තබන ලෙස හෝ රජයෙන් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් දැඩි සංචරණ සීමා පැනවීමෙන් පසුව ජනතාවට සිය රැකියා අවස්ථා අහිමිවීම එදිනෙදා ජීවනෝපාය සරිකරගත නොහැකිවීම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගත නොහැකි වීම යන කරුණු පිළිබඳව ප්‍රායෝගික ගැටලුවලට විසඳුම් සෙවීමටද රජයට සිදුවිය. මේ අතර විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ යළි ආණ්ඩුව විවේචනය කිරීමට පටන් ගත්තේ ආණ්ඩුව ගත් පියවර ප්‍රායෝගික නොවන බවට චෝදනා කරමිනි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කීවේ ‘‘වයිරසය රටපුරා බරපතළ තත්ත්වයෙන් පැතිර යනවා. සෞඛ්‍ය අංශ සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමැතිවරිය දැඩි සංචරණ සීමා පනවන ලෙස ආණ්ඩුවට දැන්නුවා. විශේෂඥ වෘත්තීයවේදී සංගම් ඒ ගැන ලිඛිතව ජනාධිපතිවරයාට දැන්වූවා. ප්‍රමාද වී හෝ ජනාධිපතිවරයා එම තීන්දුව ගැනීම හොඳයි. හැබැයි එදාවේල සරිකරගන්නන්ගේ ජීවිතවලට මොකද වෙන්නේ? ඔවුන්ගේ දෛනික ආදායම් අහිමි වෙලා. ගොවීන්ට, ධීවරයන්ට නිෂ්පාදන අලෙවිකරගන්න සැලැස්මක් ආණ්ඩුව ඉදිරිපත් කළේ නැහැ. ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදෙන්න ගොවීන්ගේ නිෂ්පාදන මිලදී ගන්න විධිමත් යාන්ත්‍රණයක් සකස් කරගන්න රජයට බැරි වුණා යැයිද අනුර දිසානායක කියන්නේය.
ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ ගිනිගනිමින් තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව ඉකුත්දා ඉන්දියාවෙන් සහාය ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා නාවික හමුදාව කළ ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දක්වමින් කොළඹට ඔබ්බෙන් නැංගුරම්ලා තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිවීමට උපකාර කිරීම සඳහා ඉන්දියාව ඉකුත් අඟහරුවාදා අවශ්‍ය පියවර ගත්තේය. ගුවන් මගින් නිරීක්‍ෂණ කටයුතු සිදුකිරීම සඳහා එවන ලද ඩෝනියර් ගුවන් යානයට අමතරව ඉන්දීය වෙරළාරක්‍ෂක බළකාය විසින් නෞකාවන් දෙකක් සහ බෝට්ටුවක්ද එවා තිබිණ.
ඒවා ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්වී පර්ල් නෞකාවේ ගින්න නිවීමට උත්සාහ ගනිමින් තිබිණි. ඉකුත් 2020 වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවක් ගිනි ගැනීමට ලක්වූ අවස්ථාවේදී ද ඉන්දියාව ශ්‍රී ලංකාවට නෞකා එවමින් උපකාර කර තිබිණි.
කොවිඩ් එන්නත් අවශ්‍ය තරම් රටට නොලැබීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව වෙතින් හා දේශපාලන කණ්ඩායම්වලින් ආණ්ඩුවට දොස් අසන්නට සිදුව තිබේ.
විශේෂයෙන් ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් අවශ්‍ය තරම් නොමැති බව කියමින් හා ඒවා කල්තියා මිලදී ගැනීමට ආණ්ඩුව කටයුතු නොකළ බවද කියමින් එම කණ්ඩායම් ආණ්ඩුව විවේචනය කළේය. මේ අතර චීනය ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ එරට නිෂ්පාදිත සයිනොෆාම් එන්නම් මාත්‍ර ලක්ෂ පහක් ශ්‍රී ලංකාවට ලැබීමට සැළැස්වීය. චීනයෙන් නොමිලයේ ලැබුණු ආධාරය පිළිගැනීම සඳහා සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග, ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ, රාජ්‍ය ඇමැති චන්න ජයසුමන, රාජ්‍ය ඇමැති ඩී.වී. චානක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග කටුනායක ගුවන්තොටුපළට ගොස් සිටියහ. එහිදී ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හුන්ග් එම එන්නත් තොගය නිල වශයෙන් ඇමැතිවරුන්ට බාරදුන්නේය. එන්නත් තොගය බාරදෙමින් චීන තානාපතිවරයා පැවසුවේ අත්‍යවශ්‍ය අවස්ථාවක සිටින මිතුරා සැබැවින්ම මිතුරෙකු බවය.
විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස කොරෝනා ආසාදිතයන් බව ඉකුත්දා තහවුරු වූයේය. මුලින්ම නිවසේ සිටියදී රෝග ලක්‍ෂණ මතුවූයේ ජලනි ප්‍රේමදාසටය. ඇයට කඩිනමින් පී.සී.ආර්. පරීක්‍ෂණයක් සිදුකළ අතර, එහිදී ආසාදිතයකු ලෙස හඳුනා ගත්තේය. ඉන්පසුව සජිත් ප්‍රේමදාසද පී.සි.ආර්. පරීක්‍ෂණයකට ලක් වූයේය. පසුව විපක්‍ෂනායකවරයා සිය මුහුණු පොතේ සටහනක් තබමින් තමාට හා බිරිඳට කොරෝනා ආසාදිතව තිබෙන බව සඳහන් කර තිබිණ. එහෙත් තමාට කිසිදු රෝග ලක්‍ෂණයක් නැතැයිද විපක්‍ෂ නායකවරයාගේ එම සටහනේ විශේෂයෙන් සඳහන්කර තිබිණ. විපක්‍ෂනායකවරයා සහ ඔහුගේ බිරිඳ කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක තබමින් ප්‍රතිකාර ලබමින් පසුවෙති. විපක්‍ෂනායකවරයා ළඟින් ආශ්‍රය කළ බව කියන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරටත් ඔහුගේ බිරිඳටත් පසුව කොරෝනා ආසාදිතවී තිබිණ. පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක කාර්යාලයේ සහ කොළඹ විපක්‍ෂනායක කාර්යාලයේ දස දෙනෙකුට වයිරසය ආසාදනය වූ බව තහවුරු වූයේ ඉකුත් බදාදාය. කෙසේ වෙතත් විපක්‍ෂනායක කාර්යාලය තාවකාලිකව වසාතැබීමට පාර්ලිමේන්තු බලධාරීහු පියවර ගත්හ.
විපක්‍ෂනායකවරයා කොරෝනා මර්දන එන්නත් ලබා ගත්තේ නැහැ. තමන් එන්නත් ලබානොගන්නා බව ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. රටේ ජනතාවගෙන් වැඩි පිරිසකට එන්නත් ලැබෙන තුරු තමා එන්නත් ලබා නොගන්නා බව ඔහු කීවා. එහෙත් ප්‍රසිද්ධ පුද්ගලයකු විශේෂයෙන් දේශපාලනඥයකු එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමේදී දෙවරක් සිතන්න ඕනේ. පාර්ලිමේන්තුව අධි අවදානම් ස්ථානයක්. පාර්ලිමේන්තු සභාවේ මීටරයක් දුර තබා ගන්න බැහැ. සභාවේ පුටු සවිකරලයි තියෙන්නේ. වායු සමනය කළ ස්ථානයක වයිරසය ගැවසීම වැඩියි. නිතරම මහජනතාව සමඟ ගැටෙන කාර්යාලයක වැඩි පිරිසක් ආශ්‍රයකරන කෙනෙකු මුලින්ම එන්නත් ගන්න ඕනේ. එසේ නොගැනීම මෝඩකමක්. තමන් ගත්තේ නැහැ කියන්නේ තවත් වැඩි පිරිසකට අවදානමක් ලබාදෙනවා කියන එකයි. සජිත්ලා එන්නත් නොගැනීම වීරකමක් නොවෙයි’’ යැයි සෞඛ්‍ය අංශයේ ඉහළ නිලධාරියෙක් පැහැදිලි කළේය. මේ අතර ආණ්ඩුවේ දේශපාලනඥයෙක් පැවසුවේ “දැන් බලන්න ඇමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩන් එන්නත ගත්තා. ලෝකයේ තවත් රාජ්‍ය නායකයන් මුලින්ම එන්නත ගත්තා. එන්නත පිළිබඳව ජනතාව තුළ විශ්වාසය ගොඩනගන්න වගේම දේශපාලනඥයෙක් නිසාම අනෙක පිරිස ආරක්‍ෂා කරගන්නත් එවැනි පියවර වැදගත් වෙනවා’’ කියාය.
කොරෝනා සංචරණ සීමා හේතුවෙන් ඉකුත් සතියේ එක්සත් ජාතික පක්ෂයේ සාකච්ඡා සියල්ල සූම් තාක්ෂණය ඔස්සේ මෙන්ම දුරකතනය ඔස්සේ පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ පියවර ගත්තේය. පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් මෙන්ම දේශපාලන කටයුතු සම්බන්ධයෙන්ද රනිල් එ.ජා.ප. ක්‍රියාකාරීන් සමඟ අදහස් හුවමාරු කරගත්තේ සූම් තාක්ෂණය ඔස්සේය.
මේ අතර එජාපයේ පළාත් පාලන නියෝජිතයන් පිරිසක් එජාපයෙන් නෙරපා හැරීමට පක්ෂය ගෙන තිබූ තීන්දුවට එරෙහිව පිරිසක් අධිකරණයට ගියහ. එහෙත් අවසානයේ සනාථ වූයේ පක්ෂයේ සාමාජිකයන් නෙරපා හැරීමේ බලය පක්ෂ මහලේකම්වරයාට තිබෙන බවටය.
ඒ අනුව පළාත් පාලන ආයතනවල නියෝජිතයන් 49 දෙනෙකු අලුතින් නම් කිරීමට ද පක්ෂය පියවර ගෙන තිබිණ. ‘‘පක්ෂය සමඟ දිගටම රැඳී සිටි පිරිසට ප්‍රමුඛතාවය දෙනවා. ඒ අයට අලුත් පත්වීම් හිමිවෙනවා. පළාත් පාලන ආයතනවල ලේකම්වරුන් දැනුම් දෙන පරිදි අපි මේ පුරප්පාඩු සම්පූර්ණ කරනවා’’ යැයි එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර කීවේය.
‘‘අභියාචනාධිකරණය ලබාදී ඇති තීන්දුවට එරෙහිව ඕනෑම අයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. අපට ඒකට බාධාකරන්න බැහැ. ඔවුන් අධිකරණයට ගියත් නැතත් අපි අභියාචනාධිකරණ තීන්දුවට අනුව කටයුතු කරන්න ඕනෙ. පළාත් පාලන ආයතනවල තිබෙන පුරප්පාඩු ටික ඉක්මනට සම්පූර්ණ කරන්න. ‘‘නායකයා පක්ෂ මහලේකම්වරයාට උපදෙස් දුන්නේය.
සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවේදී නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන අදහස් දැක්වූයේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ගැනය. ‘‘පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කරගෙන යනවා. පක්ෂයේ මාධ්‍ය ඒකකය, ලක්වනිතා සංවිධානය, ප්‍රාදේශීය සභා, යොවුන් පෙරමුණ ආදී පක්ෂයේ සංවිධානවල නියෝජිතයන් සමඟ අපි සාකච්ඡා කළා. අපට ගමේ ජනතාව හමුවන්න ලැබෙන්නේ කොවිඩ් අවදානම පහව ගිය පසුවයි. එතෙක් තාක්ෂණය ඔස්සේ හැකි අයුරින් අදහස් හුවමාරු කරගන්නවා’’ යැයි රුවන් විජයවර්ධන කීවේය.
වෙසක් පුන් පොහොය නිමිත්තෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කළ යොවුන් ශීල සමාධි ජාතික වැඩසටහන ඉකුත් දා කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී පැවැත්විණ.
තරුණ හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂගේ සංකල්පයකට අනුව මෙවර පැවතියේ පස්වැනි යොවුන් ශීල සමාධි වැඩසටහනයි. තරුණ පරපුර සුගතිගාමී කරවීමේ අරමුණින් රටපුරා සියලු වෙහෙර විහාරස්ථානවල සෑම පුර පසළොස්වක පොහෝ දිනකම තරුණ තරුණියන් ශීල සමාධියෙහි පිහිටුවීම හා ආගමික වතාවත්වලට යොමු කිරීම මෙම වැඩ සටහනේ අරමුණ වී තිබේ.
නාමල් රාජපක්ෂ ඇතුළු තරුණ තරුණියෝ පිරිසක් ඉකුත් බදාදා එනම් වෙසක් පුන් පොහෝ දින පෙරවරු 6.30 ට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන සීමාමාලකයට පැමිණියහ. දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේඛකාධිකාරී බෙංගමුවේ නාලක හිමියෝ පිරිස ශීල සමාධියෙහි පිහිටුවූහ. ඉන්පසුව පැයක පමණ කාලයක් බුද්ධ පූජා වැඩ සටහනක්ද පසුව ධර්ම සාකච්ඡාවක්ද පැවැත්විණ. තරුණ පිරිස රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කළ අතර ගෝලීය කොරෝනා වසංගතය තුරන් වේවායි ප්‍රාර්ථනාකරමින් සත්‍ය ක්‍රියාවකද නිරත වූහ.
(*** කස්තුරි)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
විපක්ෂ නායක කාර්යාලයට අගුල් වැටේ
CHANDIMA Friday, 28 May 2021 12:49 PM
කාර්යාලයට විතරක් අගුලු දාලා මදි.. කටවල් වලටත් අගුලු දාන්න වෙනවා..
සිරිබිරිස්Monday, 31 May 2021 01:14 AM
ගමේ තියෙන ග්‍රාමීය බැංකුවට වහලයෙන් බැස මංකොල්ල කෑවා වගේ මහ බැංකුවත් කොල්ලකන්න ඇති කියල සිතන මිනිසුන් සිටින මේරටේ විපක්ෂනායක කාර්යාලය වසා කටවල් වලටත් අගුළු දමන්න කියන චන්දිමාටත් රටගැන සිතීමට නැන නුවන පහලවේවා
අනුර දන්තනාරායන Saturday, 29 May 2021 12:59 PM
විපක්ෂ නායකතුමා වැක්සින් නොගත්තේ ප්‍රතිපත්තියක් උඩ. මෙච්චර අවදානමක පාර්ලිමේන්තුව කැඳෙව්වේ ඇයි? අර පෝර්ට් සිටි පනත පාස් කරන්න. කාගේද වරද?
suddaSaturday, 29 May 2021 02:56 PM
ඇයි විපක්ෂ නායකතුමා අනිත් රැස්වීම්වලත් කෑගගහා හිටියේ... ඒවායේදී කෝවිඩ් හැදෙන්නේ නැද්ද...?
අප්පුහාමිMonday, 31 May 2021 01:10 AM
මේදිනවල ගිණිගන්නා නැව කොළම වරායට ආවේ වරාය අපේ රටට අයිතිය තියෙද්දී.අනාගතයේ කොළඹ වරාය පිට රටවලට අයත් වුනාම මොකද වෙන්නේ සිතන්න ශක්තියක් ඇති අය සිතත්වා.කොහොම වුනත් මේරටට ගිනිගත් නැව නිසා කොරෝනා වලටත් වැඩි දරුණු රෝගයක් හැදේනන පුළුවනි.මම එසේ නොවේවා කිය පැතුවත් දැනටම අපේ සාගරය විනාශයි.මත්ස්‍ය සම්පත විනාශයි.වායුගෝලයක් විනාශ ඇති.