IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


ඇගලුම් කම්හල් වැසීයාමේ අවදානම

ඉන්ධන මිල ඉහළ යෑමේ බලපෑම රටේ සෑම පවුලකටම දැනෙනු ඇතිය යන්න රහසක් නොවේ. ඉහළ යන්නට ඉඩ තිබෙන ප්‍රවාහන වියදම් අත්‍යාවශ්‍ය ආහාරවල මිල සහ වෙනත් භාණ්ඩ හා සේවා මිල සමගම එන්නට ඉඩ තිබෙන තවත් අවදානමක් වන්නේ යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට එල්ලවීමට ඉඩ තිබෙන තර්ජනයයි. 

යුරෝපා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ යෝජනාවලියක් ප්‍රකාරව මෙරටට ලබා දී තිබෙන ජීඑස්පී ප්ලස් බදු සහනය ඉවත් කරගැනීමට කටයුතු කරන්නේ යැයි ඔවුන් තර්ජනය කර ඇත. ගෙවුණු සතියේ දේශපාලන තීරුවේ, යුරෝපා පාර්ලිමේන්තුව පිහිටා ඇත්තේ ලක්සම්බර්ග් නුවර යැයි සදහන්වූයේ වැරදීමකිනි. යුරෝපා පාර්ලිමේන්තුව පිහිටා තිබෙන්නේ ස්ට්‍රාස්බර්ග් නුවරය.

යුරෝපය යනු ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන වෙළදපොල වන අතර, ජීඑස්පී බදු සහනය ඉවත් කළහොත් මෙරට බොහෝ ඇගලුම් කම්හල් වැසී යාමේ සහ දහස් ගණනකට රැකියා අහිමිවීමේ දැඩි අවදානමක් පවතී.

මෙසේ යුරෝපා පාර්ලිමේන්තුව හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවලියක් සම්මතව තිබෙන්නේ ගෙවුණු මාර්තු මාසයේ දී ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ යෝජනාවලියක් සම්මතව තිබෙනවාට අමතරවය. ගෙවුණු සතියේ යුරෝපා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ යෝජනාවලියේ අන්තර්ගතය - ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්ව සම්මත වූ යෝජනාවලියේ අන්තර්ගතය හා බෙහෙවින් සමානය. මේ හා සමාන තවත් යෝජනාවලියක් එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලය හමුවටත් මේ වන විට ඉදිරිපත්ව ඇත.

යුරෝපා පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ උප සභාපති ජෝසප් බොරෙල්, 30.1 යෝජනාවලියෙන් ශ්‍රී ලංකාව ඉවත්වීම ගැන කණගාටුව පලකළේ ය.
සංහිදියාව බරපතල ලෙස සළකනවාය යන්න තහවුරු කිරීමේ සමත් දේශීයව ගැනුණු පියවර කිසිවක් නොමැති තත්ත්වයකත් සහ නව යෝජනාවලියට සම අනුග්‍රහකත්වය දැක්වීම ප්‍රතික්ෂේප කළ නිසාත් 46.1 යෝජනාවලිය ගෙවුණු මාර්තු මාසයේ කවුන්සිලයේ දී සම්මත විය.

පසුගිය දශක කිහිපය පුරාම ශ්‍රී ලංකාව සමග සංවර්ධනය කරගැනීමට හැකිවූ පුළුල් සහ බහුවිධ සබඳතාවයේ වටිනාකම හඳුනාගන්නා යුරෝපා සංගමය එය බෙහෙවින් අගයනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යුරෝපා සංගමය සෑම අවස්ථාවකම ගනුදෙනු කර තිබෙන්නේ වටිනාකම් සහ අන්තර්ජාතික තත්ත්වයන්ට මුල් තැන දෙමින් සහ ඒ අතරවාරයේ මානව හිමිකම් ආරක්ෂා කරගැනීම, සියලුදෙනා සියලු කටයුතුවලට අදාළ කරගැනීම සහ සංහිදියාව යන කාරණාවල වැදගත්කම අවධාරණය කරමින්.

යුරෝපා පාර්ලිමේන්තුවේ මෙම යෝජනාවෙන්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් පෙන්වා දෙනවා. එමෙන්ම, මාර්තු මාසයේ පැවැති ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ද, විශේෂයෙන්ම මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ කාර්යාලය නිකුත් කළ වාර්තා පරිශීලනයෙන් ද, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ තත්ත්වය ක්‍රමයෙන් පහත වැටෙමින් පවතින ප්‍රවණතාවයක් වර්ධනය වෙමින් පවතිනවාය යන්න හදුනාගන්නට පිළිවන් වුනා. මෙසේ පහත වැටෙමින් තිබෙන මානව හිමිකම් අතරට, සංක්‍රාන්තික ප්‍රජාවේ මානව හිමිකම් ද, අයත් නිසි අධිකරණමය ක්‍රියාමාර්ගයකට යොමුවීමට තිබෙන අයිතිය අත්අඩංගුවට ගන්නවුන්ගෙන් ඉවත් කැරෙන, චෝදනාවක් නොමැතිව යමෙක් අත්අඩංගුවේ තබාගෙන සිටින්නට විධායකයට අවස්ථාව සළසා දෙන, මෙන්ම වදහිංසා පැමිණවීමට අවකාශ ලබාදෙන, ත්‍රස්ත මර්දන පණත තවදුරටත් භාවිතා කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටිනවාය යන කාරණය, පාර්ලිමේන්තුව ඉතා නිවැරදිව හදුනාගෙන, ඊට බර තබා තිබෙනවා. ත්‍රස්ත මර්දන පණතට අදාළ සංශෝධන සිදුකොට, එය අන්තර්ජාතිකව පිළිගත් තත්ත්වයකට රැගෙන එන බව, ජීඑස්පී ප්ලස් සහනය 2017 වසරේ නැවත හිමිකරගැනීමට අවස්ථාව ලබාගත් අවස්ථාවේ, එහිලා ශ්‍රී ලංකාව දුන් ප්‍රධාන පොරොන්දුවක්.

ජීඑස්පී ප්ලස් බදු සහනය යටතේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ යුතු ප්‍රඥප්තීන්, රටේ නීතිය හා අනුගත වන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් අපි නව බලධාරින්ගේ අවධානය යොමුකර තිබෙනවා. ත්‍රස්ත මර්දන පණතේ අදාළ සම්පාදනයන් නැවත විමසුමට ලක්කර, සුදුසු සංශෝධන සිදුකිරීමට පියවර ගන්නා බවට ඔවුන් සහතික කර තිබෙනවා. නමුත් මේ දක්වා එහි කිසිදු ප්‍රගතියක් හදුනාගන්නට නැහැ. කොටින්ම, ආගමික, ජාතික හෝ වාර්ගිකමය සාමය කඩකිරීමකට තුඩු දෙන යමක් කරන පුද්ගලයෙක්ව, නඩු පැවරීමක් නොමැතිව වසර දෙකක කාලයක් රදවා තබාගැනීමට හැකියාව ලබාදෙන අයුරින් එම පණතේ භාවිතාව ගෙවුණු මාර්තු මාසයේ දී, පුලුල් කැරුණා. මේ කාරණය, ජීඑස්පී ප්ලස් ව්‍යුහය සැළකීමේ දී අප ශ්‍රී ලංකාව සමග පවත්වාගන්නා සම්බන්ධතාවල, මුල් තැනෙහිලා සැළකෙන ගැටලුවක් ලෙස තවදුරටත් එසේම පවතිනු ඇති.

යෝජනාවලියට යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සහාය හිමිවන බව, බොරෙල්ගේ ප්‍රකාශයෙන් මනාව පැහැදිලි විය. ජීඑස්පී බදු සහනයේ අනාගතය අවිනිශ්චිතය යන්න ඔහු පැහැදිලිව පෙන්වා දී, ඇත.

මෙකී යෝජනාවලිය යුරෝපා පාර්ලිමේන්තුවේ සම්මතවීමට ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය ගෙවුණු පසුගිය සතියේ සදුදා පිටු දෙකකින් යුක්ත වූ ප්‍රකාශයක් නිකුත් කළේය. යුරෝපා සංගමය සමග තවදුරටත් සංවාදයක් පවත්වාගැනීමේ වුවමනාවක් ඇතැයි ඇඟවෙන පරිද්දෙන් එය සකස් කර තිබුණේ, එහි සිටින වෘත්තිකයන්ගේ ද අදහස් ලබාගනිමිනි.

යුරෝපා සංගමයට දැනුම් දුන් ආකාරයටම, ත්‍රස්ත මර්දන පනතේ අදාළ සම්පාදනයන් සංශෝධනය කරන බවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කිරීමේ ක්‍රියාවලියේ ශ්‍රී ලංකා රජය නියැළී සිටී. මේ අරබයා රජය, නීති සහ පවත්නා නීති අධ්‍යනය කරමින් සිටින අතර, වෙනත් රටවල භාවිතයට ගෙන ඇති අන්තර්ජාතිකව පිළිගත් හොඳම පිළිවෙත්ද, විමසුමට ලක්කරමින් සිටී, යැයි එහි සදහන් විය. 

කෙසේවෙතත්, නීතියෙන් පරිබාහිර අත්අඩංගුවට ගැනීම් සහ මුස්ලිම් සහ අනෙක් සුලුතර ජනකොටස්වල පුද්ගලයින් රදවාගෙන සිටීම්වලට ත්‍රස්ත මර්දන පණත භාවිතා කර ඇතැයි යන කාරණය, එම නිවේදනයෙන් තරයේම ප්‍රතික්ෂේප කර තිබිණ.

කෙහෙළියගේ කතාව 

නමුත් අහෝ, සාමාන්‍යයෙන් සිදුවන්නාක් පරිද්දෙන්ම විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශය අරබයා යුරෝපා සංගමයේ දැඩි සැකසංකා මතතුව තිබේ. එසේවීමට හේතුව වී තිබෙන්නේ රජයේ නිල ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කළ ආන්දෝලනාත්මක කරුණු දැක්වීමකි. සතිපතා කැබිනට් මණ්ඩල රැස්වීම අවසානයේ පැවැති මාධ්‍ය හමුවක දී, ඔහු මෙසේ අදහස් දැක්වූයේ ය.

ජීඑස්පී සහනය බොහෝ දුරට අදාළ වෙන්නේ ඇගලුම් කර්මාන්තයට. ඒක යම් විෂයකට අදාළ වෙන දෙයක් නම්, උදාහරණයක් ලෙස ළමා ශ්‍රමිකයන් හෝ වෙනත් ගැටලුවක් ගැන නම්, මට තේරුම්ගන්නට පුලුවන්. සපුරාලිය යුතු බවට යුරෝපා සංගමය නියම කරන තිබෙන සුදුසුකමක් නම් එයත් මට තේරුම්ගන්නට පුලුවන්. එහෙම තත්ත්වයක, එය හෝ වෙනත් සංවිධානයක් හෝ අපේ ව්‍යවස්ථාව වෙනස් කරන්නැයි කියා නීති හදුන්වාදීමට කටයුතු කිරීම ගැන අවංකව මම නම් සාධාරණයක් දකින්නේ නැහැ (සටහන- යුරෝපා සංගමය හෝ වෙනත් විදෙස් ව්‍යුහයක් හෝ ව්‍යවස්ථාවට වෙනස්කම් සිදුකරන්නැයි කිසිදු ඉල්ලීමක් කර නැත)

ව්‍යවස්ථාව ශ්‍රී ලංකා පුරවැසියන්ගේ අයිතියක්. විෂයට අදාළ කාරණයක් නම් ඔවුන් මතුකරන්නේ, මම අත් ඔසවා ඔව් යැයි පවසනවා. නමුත්, මෙය වෙනයම් වුවමනා තිබෙන පාර්ශවයන් කරන ලද විකෘති කිරීමක්. මේ ගැන විදේශ කටයුතු අමාත්‍යංශයේ අවධානය යොමුවනු ඇතිය කියා මට විශ්වාසයි වගේම මෙය වහාම කටයුතු කළ යුතුව තිබෙන දෙයක් කියා මම සිතනවා. ඔවුන් අනිත් පැත්ත හැරලා, ව්‍යවස්ථාවේ තිබෙන මෙම සම්පාදනය ඔබ වෙනස් කළ යුතුයි කීවොත්, විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ ස්වෛරීයත්වයට සිදුවන්නේ කුමක් ද?, ව්‍යවස්ථාවෙන් එවැනි ව්‍යුහයන් ඇතිකර තිබෙන්නේ, අප ජනතාවට උත්තර බැදිය යුතු වන තත්ත්වයට පත්කරන්නට.

දැන් මෙතන, යම් සංවිධානයක් ඇවිල්ලා යමක් කියනවා. එක් අවස්ථාවක අප ත්‍රස්තවාදීන් සමග සාකච්ඡා කළ යුතු යැයි ඔවුන් පැවසුවා. එය, ඔවුන් ගෙනහැර දැක්වූ එක් කොන්දේසියක්. 
මගේ පෞද්ගලික මතය කියන්නට මට අයිතියක් තියෙනවා. විදේශ කටයුතු අමාත්‍යංශය මේ ගැන අවධානය යොමු කරාවිය කියා මට විශ්වාසයි. විෂයට අදාළව ඕනෑම කොන්දේසියක් ඉදිරිපත් කරන්නය කියා මම මෙතැන ඉන්න නියෝජිතයන්ට කියනවා. ඔවුන් ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් කියා සිතනවා ද, යන්නත් මට සැකයි. කාරණය එය නම්, අපේ සවෛරීයත්වය පැත්තකට දමා, කිසියම් සංවිධානයකට මේ දෙය කරන්නැයි අපට කියන්නට හැකියාවක් තියෙනවා ද? රට පාලනය වන මූලික නීතිය වන්නේ ව්‍යවස්ථාව කළ යුතු හා නොකළ යුතු දෙය ඉතා පූර්ණව ව්‍යවස්ථාවෙන් තීරණය කර තිබෙනවා. ඒ නිසයි ඒ කුලුණු 3 ස්ථාපිත කර තිබෙන්නේ. 

විධායකය යමක් තීරණය කළ විට, එය පාර්ලිමේන්තුවට පැමිණෙනවා. අනතුරුව ජනතාව අධිකරණයට යනවා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක චක්‍රය, ස්වෛරීයත්වය සහ ව්‍යවස්ථාව අදාළ කරගනිමින්, ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයට. ඔවුන් තවත් යමෙකුගේ ස්වෛරීයත්වයට ඇඟිලි ගසනවාය යන්න මට සහතිකයි,

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සිය පෞද්ගලික මතය ප්‍රකාශ කිරීමට තිබෙන අයිතිය ගැන කිසිදු සැකයක් හෝ ගැටලුවක් නොමැත. ගැටලුව වන්නේ ඔහු එසේ සිය පෞද්ගලික අදහස් ප්‍රකාශ කළ යුත්තේ, තමන් කැබිනට් අමාත්‍ය මණ්ඩලය, කොටින්ම ශ්‍රී ලංකා රජය, නියෝජනය කරමින් සහභාගීව සිටින මාධ්‍ය හමුවකදී ද? යන්නයි.

“කුමන ප්‍රකාශය අනුව, විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කර තිබෙන ප්‍රකාශය අනුව ද? නැතිනම් කැබිනට් මණ්ඩලය නිකුත් කර තිබෙන ප්‍රකාශය අනුව ද?, කටයුතු කළ යුතුව තිබෙන්නේ කියා අපට හරි අදහසක් නැහැ. ඔබගේ රටේ නිල ස්ථාවරයක් සම්බන්ධයෙන් රජයේ එක් පාර්ශවයකට වඩා අදහස් දක්වනවා නම් සහ මත ඉදිරිපත් කරනවා නම්, එයින් සිදුවන්නේ යහපතකට වඩා අයහපතක්” යයි නම සදහන් නොකිරීමේ පොරොන්දුව මත අදහස් දැක්වූ යුරෝපා සංගමයේ දූතයෙක් පැවසුවේ ය.

තවත් කාරණයක් විය.

විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට යුරෝපා සංගමයේ දූත පිරිසකට ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා ආරාධනා කිරීමටත්, ඒ හරහා රජය කර තිබෙන දේ ඔවුන්ටම දැකබලා ගැනීමට ඉඩ සැළැස්වීමටත් වුවමනාවී ඇතැයි වාර්තා පළව තිබිණ. අමාත්‍යවරයාගේ මෙම අදහස සම්බන්ධයෙන් කොළඹ හෝ බ්‍රසල්ස් නුවර හෝ අදාළ නිලධාරීන් දැනුම්වත් කිරීමක් සිදුව නොමැත. 

එය යහපත් දෙයක් වුවත්, කලින් කළ යුතුව තිබුණු දෙයක් බව සදහන් කළ යුතුය. කෙසේවෙතත්, එවැනි සංචාරයකින් වුව, යුරෝපා පාර්ලිමේන්තුවේ සම්මතව තිබෙන යෝජනාව ආපසු හැරීමක් සිදුනොවනු ඇත. ජීඑස්පී ප්ලස් සහනය නැවත ශ්‍රී ලංකාවට ලබා නොදෙන තැනට යුරෝපා සංගමය එළැඹෙමින් සිටීම හෝ ආපසු හරවනු නැත. පරස්පර ස්ථාවරයන් අනුගමනය කිරීමේ පුරුද්ද රජය, තමන්ම ඇතිකරගෙන සිටින ලොකුම සතුරා වේ.

එවැනි කිසිත් ස්ථාවරයක් ප්‍රකාශ නොකර, නිහඩ පිළිවෙතක් අනුගමනය කැරුණු අවස්ථාවක් ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර පසුගිය 8 වැනිදා, බදාදා, පවත්වන්නට කටයුතු සංවිධානය කර තිබූ හමුවක් පෙන්වාදිය හැකිය. ඒ සදහා දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන්ට ආරාධනා කර තිබුණ ද අවසානයේ දී හේතුවක් නොදන්වාම රැස්වීම අවලංගු කෙරිණ. 

අනතුරුව, දෙමළ සන්ධානයේ නියෝජිත පිරිස ඔවුන් යොදාගෙන සිටි ඊළග රැස්වීමට, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ සහ ඔහුගේ නියෝජ්‍ය මහකොමසාරිස් විනෝද් ජාකොබ් සමග පැවැත්වීමට සංවිධානය කර තිබූ රැස්වීමට සහභාගී විය. 

දෙමළ සන්ධානයේ නියෝජිත පිරිස හා ජනපතිවරයා අතර හමුවක් සංවිධානය කර තිබීමත්, ත්‍රස්ත මර්දන පණත විවරණය කැරෙමින් පැවතීමත් එකිනෙක සම්බන්ධ කරගත් මතයකින් නිගමනය කෙරුණේ, ජිනීවාහි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ මීළග සැසිවාරයට යන්තම් තවත් මාස 2ක පමණ කාලයක් ගතවීමට තිබෙන තැනය. රජය සිය පිළිවෙත ගැන නැවත සිතා බැලීමට යොමුව තිබෙන බවද එයින් කියැවිණ. එවැනි පසුබිමක, කරුණු නොදන්වාම දෙමළ ජාතික සන්ධානය සමග පැවැත්වීමට සංවිධානය කර තිබූ හමුව අවලංගු කිරීමෙන්, ඒ සම්බන්ධයෙන් සැකසංකා මතුවේ. එහිලා, නිකුත් වන පණිවුඩය රජයට එතරම් යහපත් නොවේ.

අතිශය ගැටලුකාරී ගැටලු ගොන්නක, දේශීය මට්ටමින් මෙන්ම අන්තර්ජාතික මට්ටමින් ද, රජය සිටින්නේ කරවටක් දක්වා එරීය. මේ සියල්ලෙන් ගොඩ ඒමට නම්, ශක්තිමත් ආධාරකයක් ඇවැසිය. 

ආරම්භයක් ලෙස, එසේ ශක්තිමත් ආධාරකයක ගොඩනැගීම ඇරඹෙනු ඇත්තේ පාලක සන්ධානයේ නායකයාට, විවේචන සුභවාදීව භාරගැනීමට තරම් පවතින හැකියාව සහ ඔහුට තවදුරටත් හෙංචයියන් මත රදා පැවැත්මට අවශ්‍ය නොවන තරම මතය. 

අවශ්‍ය වන්නේ විනිවිදභාවයයි. විනිවිදභාවය යනු රජයේ බොහෝ කටයුතුවලින්, විශේෂයෙන්ම කෝවිඩ්-19 වසංගත මර්දන කටයුතුවලින්, වාෂ්පව ගොස් තිබෙන දෙයකි. මෙසේ අවැසි පියවර නොගතහොත්, නිකුත් කරන පුවත් විශ්වාස කරනු ඇත්තේ, එය සම්පාදනය කරන්නා මිසක ජනතාව නම් නොවේ.

ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය කෝවිද ගුණසේකර



අදහස් (0)

ඇගලුම් කම්හල් වැසීයාමේ අවදානම

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 492 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 387 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 295 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1435 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 75 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 678 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 586 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 152 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1177 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site