ලෝක බලවතුන්ගේ රහස් ගිණුම් හෙළි කළ පැන්ඩෝරා පේපර්ස්
ලෝක නායකයන්, දේශපාලකයන්, ප්රකෝටිපතියන් ඇතුළු ලොව ප්‍රබලයන් බොහෝ දෙනකුගේ අයථා මුදල් රැස් කිරීම්, බදු පැහැර හැරීම්, මුදල් විශුද්ධිකරණ කටයුතු ඇතුළු රහස්‍ය ධනය සහ රහස් මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් අනාවරණයක් සිදු විය. මේ අනාවරණය නම් කර ඇත්තේ ‘පැන්ඩෝරා පේපර්ස්’ (පැන්ඩෝරා පත්‍රිකා) යන නමිනි.