IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


පළමුවත් දෙවැනුවත් තාක්ෂණය පාසලට

දීර්ඝ නිවාඩුවකට පසු දරුවන් පාසලට කැඳවන තීරණයක් ඇත. කොවිඩ් වසංගතයේ බලපෑම මත අවස්ථා ගණනක්, සංචරණ සීමා යටතේ පැවැතිණි. අධ්‍යාපන කටයුතුවලට තියුණු බලපෑමක් එල්ල විය. අන්තර්ජාල පහසුකම් යටතේ ක්‍රමානුකූලව කරගෙන යාමට බලවත් වෑයමක් තිබුණ නමුත් එහිදී ද මතු වූ සංකීර්ණ ගැටලු ගණනාවකි. වෘත්තීය ප්‍රශ්න, ආකල්ප ගැටලු වෙනම සාකච්ඡා කළ යුතුය. පාසල නැවත විවෘත කිරීමෙන් පසු, කළු ලෑල්ලේ ආකෘතියෙන් ඔබ්බට ගමන් කිරීම ගැන ප්‍රතිපත්ති විවාදයක් අවශ්‍යය.

ජංගම දුරකතන හා අන්තර්ජාල භාවිත කිරීම දරුවන්ට තහනම් වී තිබුණි. කොවිඩ් වංසගතය සමග ගුරුන් හා දෙගුරුන්ට ක්‍රමානුකූලව එයින් බැහැර වෙන්නට සිදු විය. වාර්තා වෙන කරුණු අනුව පෙරපාසල පවා ‘ඔන්ලයින්’ ක්‍රමයටය. යුගයට අනුව පරිවර්තනය වීම අගය කළ යුතුය. විදේශ රටවල පවා අධ්‍යාපන කටයුතු තාක්ෂණයට නැඹුරු වී ඇති වකවානුවකි. දුරස්ථව ඉගෙනීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. උතුර දකුණ බේද රහිතව අධ්‍යාපනය ලබා දිය හැකි ක්‍රමයකි.

පාසල් නැවත ආරම්භ කළ පසු පවා දෙමුහුන් ක්‍රමයකට අධ්‍යාපන පහසුකම් සකස් කිරීම උචිතය. පොත් මුද්‍රණය, බර පාසල් බෑග් සහ වාහන තදබදය හේතුවෙන් කාලය නාස්ති කරන පාසල් වෑන් සංස්කෘතිය වෙනස් කරන්නේ කෙසේ ද යන්න මධ්‍යස්ථව අධ්‍යයනය කළ හැකිය. පෙළ පොත් අන්තර්ජාලයට එකතු කිරීම හා සාමාන්‍ය පරීක්ෂණ අන්තර්ජාලයෙන් කළ හැකිය. සටහන් පොත් පමණක් දරුවන්ට සෑහේ.

අවශ්‍ය විෂය කරුණු ලියාගත හැකිය. පාසලට එන දින ගණන වෙනස් කිරීමෙන් අධ්‍යයනයේ කොටසක් නිවෙසේ සිට කරගෙන යන හැකියාව තිබේ. ප්‍රායෝගික හැදෑරීම් සඳහා පාසලට පැමිණිය හැක. එවැනි පියවර තුළින් සෞඛ්‍ය ආරක්ෂාව පමණක් නොව දරුවන්ගේ මානසික තත්ත්වය ද උසස් කෙරේ. ඍජු අධීක්ෂණය හා නිසි මග පෙන්වීම සම්බන්ධයෙන් ගුරුවරුන්ටත්, දෙමාපියන්ටත් විශාල වගකීමක් පැවැරෙන බව ද මෙහි ලා සඳහන් කරන්නට අවශ්‍යය. ගුරු පුහුණු ක්‍රම වහාම වෙනස් කළ යුතු අතර දුරස්ථ අධ්‍යයනය ගැන සැසි පවත්වා අලුත් පසුබිමක් සකස් කළ යුතුව තිබේ.

තාක්ෂණය හේතු කොටගෙන සමාජ බෙදුම් රේඛාවක් නිර්මාණය නොකිරීමට වග බලාගැනීම ඉතාම වැදගත් කාරණයකි. ඇති නැති පරතරය හැදෙන්නේ අන්තර්ජාලය භාවිත කරන්නට ඇති පහසුව සමග බව ජාත්‍යන්තරයේ අද පවතින පිළිගැනීමයි. ‘කොළඹට කිරි - ගමට කැකිරි’ යන ප්‍රකට ව්‍යවහාරය එන්නේ පාසලේ ගොඩනැගිලි, විද්‍යාගාර හා පිහිණුම් තටාක වැනි පොදු පහසුකම් පරතරය සමගය. එවැනි දේ වෙනුවෙන් අසීමිත ධනයක් වැය කරන්නට සිදු වූ අතර දෙමාපියන් සහ පෞද්ගලික අංශය එහි දී එකතු වී ක්‍රියා කළ ආකාරය ද සිහිපත් කරන්නට අවශ්‍යය.

අන්තර්ජාලයෙන් අධ්‍යාපනය ලබන්නට නිසි යටිතල පහසුකම් සම්පාදනය කිරීම රජයේ වගකීමකි. දැනට ජාලගත පහසුකම් රට පුරා එක හා සමානව නැත. දුෂ්කර ප්‍රදේශවල අන්තර්ජාල පහසුකම් වෙනුවෙන් විඳින හිරිහැරය වගකිව යුතු අංශ නොදන්නවා නොවේ. නගරයෙන් එපිට දරුවන්ගේ අවශ්‍යතා කෙරෙහි වැඩි අවධානයක් අවශ්‍යය.

අන්තර්ජාල ඉගෙන ගැනීමක දී හොඳම පාසලේ දේශනවලට ශ්‍රී ලංකාවේ එහා කෙළවරක සිටින දරුවකුට පවා ප්‍රවේශ විය හැකිවනු ඇත. එය ඉතාම වටිනා අවස්ථාවකි. පාසල් පන්ති කාමර රටට විවෘත වුවහොත් දැනට විසඳාගත නොහැකිව ඇති ටියුෂන් තරගයට ද උත්තරයක් වෙන්නට බැරි නැත. අවශ්‍ය තීරණ ගැනීම වැදගත්ය. සන්නිවේදන පහසුකම් සපයන ආයතන දිරිමත් කර දුෂ්කර ප්‍රදේශවලට ජාලගත පහසුකම් සැපැයීමේ දී රජයෙන් මුදල් ගෙවන ක්‍රමයක් ඇති කළ හැක. පුරුදු රාමුවෙන් එපිට දෙමුහුන් එනම්, පාසල හා අන්තර්ජාලය එකට එකතු කරන අධ්‍යාපනයක් සඳහා සැලසුම් සකස් කළ යුතු අතර, එයට අධ්‍යාපන බලධාරීන් පමණක් නොව දෙමාපියන් ද ක්‍රියාකාරීව සම්බන්ධ විය යුතුය.


(***)


මිලින්ද මොරගොඩ
www.milindaprashna.wordpress.com



අදහස් (2)

පළමුවත් දෙවැනුවත් තාක්ෂණය පාසලට

Kalana Wednesday, 03 November 2021 12:45 PM

මෙවැනි ලස්සන වචන ලංකාව වගේ රටක ක්‍රියාත්මක නොවන බව හිටපු (කිසිත් කිරීමට නොහැකි වූ) විද්‍යා හා තාක්ෂණ ඇමති වරයාගේ ලිපිය මුවගට සිනහ නංවයි. මේ ලිපි ලියන්නෝ තමන් ලද අවස්ථාවේදී මහපොළවේ ක්‍රියාත්මක කිරීමට හැකි සැලසුම් හැදුවා නම් මේ වනවිටත් කෝවිඩ් නිසා බැටකන දරුවාත් හොඳින් අධ්‍යාපනය ලබන්නට තිබුණි. වචන හරඹ කර වසර 70ක් අපි නොමග ගොස් ඇතිබව දැන්වත් වටහා ගනු මැනවි...

:       0       1

Renuka Illangakoon Thursday, 04 November 2021 09:45 AM

මොනතරම් සුන්දරද කියවීමට. 2020 මාර්තු 12 දින සිට වසා දමා ඇති පාසල් දින කීපයකට විවෘත වුවත් අවුරුදු දෙකකට ආසන්න කාලයක් දරුවන්ට අහිමි වූ පාසල් අධ්‍යාපනය වෙනුවෙන් සාධනීය පිළිතුරක් සෙවීම හෝ ප්‍රායෝගික ක්‍රමවේදයක් යෝජනා කිරීමටවත් මේ වනතෙක් කිසිවෙක් සමත් වී නැත. ලඟම පාසල් හොඳම පාසල කියූ මිත්‍යාවට එහා දෙයක් නොපෙනේ. ඇති හැකි අයට පමණක් නොව ජාතියේ සියලුම දරුවන්ට අධ්‍යාපනය සමව හිමි විය යුතු යැයි අදහමි. සීයට 25 කටත් අඩු කොටසකට හිමිවූ මාර්ගගත ඉගැන්වීම් ගැන කතා කරන අය ගැන ඇත්තටම දැනෙන්නේ පිළිකුලක් පමණි. අද රටේ පවතින තත්වය මත වර්චුවල් ලෝකයක ඩිජිටල් සිහින පෙන්වීම විහිළුවකි. ඈත පිටිසර දරුවන්ට පවා එක සමානව ලැබෙන අධ්‍යාපන අවස්ථාවක් ගැන සිහින දකිමි. ඔය කියන ඇති කාරණය එලෙසම ඉටු කලහොත් එය අනිවාර්යයෙන්ම ලෝක පුදුමයක් වනු ඇත. එවන් කාර්යයක් ඉටු කල කෙනෙක් වෙතොත් එදිනට ඔහුට වැද වැටී ආචාරය පුද කරමි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 467 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2216 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1668 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site