IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


විදුලකර බැබළවූ මහ පහන් ටැඹ

කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය අග්ගමහා සද්ධම්මජෝතිකධජ ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමේ පුවත අප සිත් තුළ අතිමහත් සංවේගයක් දැනවීමට හේතු විය.

සීලයෙන්, ගුණයෙන් යුතුව සම්බුදු සසුන ශෝභාමත් කළා වූ ද අප්පිච්ඡුතා, සන්තුට්ඨිතා, සුබරතා යනාදී ගුණාංගයන්ගෙන් සුපරිපූර්ණ වූද, ඤාය පටිපන්න, සාමීචිපටිපන්න, ආහුණෙය්‍යෙ, පාහුණෙය්‍යෙ, දක්ඛිණෙය්‍යෙ, අංජලි කරණීය, පුඤ්ඤඛෙත්තං, ලෝකස්ස අනුත්තරං ගුණයෙන් යුක්තවූද මහා සංඝපීතෲන් වහන්සේ නමක් ලෙස අපගේ මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සම්භාවනාවට පාත්‍රවූහ.
ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ නොමද ගෞරවයට පාත්‍ර වූ මහා තෙරනමක් වූ උන් වහන්සේ මෙරට වැඩ වාසය කළ උදාරතර යතිරුවනක් වූහ. එමතු නොව ශ්‍රී ලංකාද්වීපයේ සියලුම බෞද්ධ ජනතාවගේත් ගරුතර සම සංඝරත්නයේත් ගෞරවාදරයට පාත්‍ර වූ උන්වහන්සේ පැවිදි දිවිය ශෝභාමත් කළ ශ්‍රේෂ්‍ඨ හිමිනමකි.

විදුලකර පිරිවෙන බබළවන මහ පහන් ටැඹ කි. සැනින් සුවහසක් ජනී ජනයා හඳුනන මහා යතිවරයාණෝ වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝය. වර්ෂ 1983පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ අධ්‍යක්ෂ ධුරයට පත්වූ උන්වහන්සේ 1989 දී තත් විද්‍යාස්ථානයේ පරිවෙනාධිපති ධුරයට පත්වූහ. එතැන් සිට විද්‍යාලංකාර පිරිවෙනට නේතෘත්වය ලබාදෙමින් අප්‍රතිහත ධෛර් යයෙන් කාර්ය කටයුතු සොයා බලමින් වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණෝ ආයතනයට, වැඩවෙසෙන පළාතට හා මුළු මහත් රටටම සිදුකර ඇති සේවාව ප්‍රශංසනීය වේ.

වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බෙහෙවින්ම පරිත්‍යාගශීලීයහ. දීම නිසා ලැබීමත්, ලැබෙන නිසා දීමත් කෙනෙකුට පහසුවෙන් කළ නොහැකි වුවද ඉතා නිර්ලෝභීව උන්වහන්සේ පරිත්‍යාගයෙහි යෙදෙති. අප යතිවරයාණෝ, නිහතමාණීත්වයේ ප්‍රතිමූර්තියකි. කවර පළාතකින් ලද කවර තරාතිරමක ඇරැයුමක් වුවද උන්වහන්සේ එය බාර ගත්හ. එමතු නොව. නියමිත වේලාවට ඒවා ඒ අයුරින්ම ඉටු කර දීම උන්වහන්සේගේ වැදගත් ලක්ෂණයකි. සභාවක, හමුවක, ඕනෑම තැනක උන්වහන්සේ ප්‍රභාමත් වූ අතර එම ශෝභාව තුළින් එම අවස්ථාව පිරිපුන් විය. උන්වහන්සේගේ දිනපොතෙහි එක පිටුවක එක දිනකදී ලද ආරාධනා පවා රැසකි. මිනිස් ජීවිතයේ දුර්ලභ පින් කටයුතු උන්වහන්සේට සුලභ විය. සාමාන්‍යයෙන් ජීවිතයේදී එක් වතාවක් පමණක් වත් උදානොවන කොත් පැළඳවීම්, විහාර මන්දිර, බෝධි ප්‍රාකාර, ධර්ම ශාලා විවෘත කිරීම ආදී විවිධ දුර්ලභ උත්සව කුසලධම්ම නාහිමියන්ගේ පින්බර සුරතින් සිදු කළ අවස්ථා අපමණය. ලෝභයෙන් ඇලෙමින්, ද්වේශයෙන් ගැටෙමින්, මෝහයෙන් මුලාව සසර සරණා පුහුදුන් දනා අතුරෙහි කලාතුරකින් උඩුගම් බලා යාත්‍රා කරන බුදු සව්වෝ පහළ වෙති. එවන් වූ මහා සංඝපීතෲවරයාණන් වහන්සේ නමක් ලෙස වැලමිටියාවේ කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හැඳින්විය හැකිය. සම්බුදු සසුනෙහි චිරස්ථිතිය උදෙසා උතුම් ශාසනික සේවාවද ඒ හා සමගම උදාර සමාජයීය මෙහෙවරද ඉටුකරමින් අප යතිවරයාණෝ නූතන භික්ෂූත්වයට පරමාදර්ශී අගයක් එකතු කළ සේක. අප නාහිමිපාණන් වහන්සේ අධ්‍යාපන අමාත්‍යාංශය, ආගමික කටයුතු අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ආදී අමාත්‍යාංශ ගණනාවක උපදේශන කමිටුවල සාමාජිකත්වය දරමින් රටට, ජාතියට, බුදුදහමට හා අධ්‍යාපනයට අනවරත මෙහෙයක් ඉටුකළ බුද්ධ පුත්‍රයෙකි. විදුලකර ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කළ උන්වහන්සේ විවිධ ප්‍රදේශයන්හි ඉතා නිහඬව සිදු කළ මෙහෙවර බොහෝය. ඉතා අප්‍රකටව සිදු කැරෙන එම මෙහෙවර තුළින් උන්වහන්සේ ඉමහත් සතුටට ද පත් වූහ.

පිහිට විය යුතු තැන නොපැකිලිව පිහිට වී හැමටම මහත් ශක්තියක් ලබාදෙන කුසලධම්ම නායක හාමුදුරුවෝ අසරණ ජනතාව සඳහා නිවාස ඉදි කරදීමත්, ඉගෙනීමට දක්ෂ දරුවන් වෙත විවිධ පහසුකම් සලසාදීමත් තුළින් මහත් සතුටක් ලැබූහ.

උන්වහන්සේගේ චරිතය අපගේ ජීවිතයට මහත් වූ පාඩම් කියා දුන් බවත් උන්වහන්සේගේ අවවාද අනුශාසනා අපට මහත්වූ ශක්තියක් වූ බවත් සිහිපත් කරමි. විශේෂයෙන්ම අපගේ නාහිමිපාණන් වහන්සේ මාගේ දයාබර පියාණන් සමග අතිශයින් ලෙන්ගතුව කටයුතු කළ බව අපගේ මතකයේ තිබේ. එතුමන්ගේ සමාජ සත්කාර කටයුතු කෙරෙහි උන්වහන්සේ මහත් ප්‍රසාදයෙන් කතා කළ අතර ඊට හේතුවන්නට ඇත්තේද උන්වහන්සේ තුළ පැවැති සමාජ සේවය උදෙසා වූ මහත් උනන්දුව නිසා වන්නට ඇත. රට පුරා ආගමික සහ සමාජයීය කටයුතුවලට උන්වහන්සේ දායක වූ අතර වෙහෙස නොබලා ඒවාට සහභාගි වීම උන්වහන්සේ  සිදුකළහ.

වරක් අප නාහිමිපාණන් වහන්සේ අනුරාධපුර ප්‍රදේශයේ එවන් ආගමික අවස්ථාවකට සහභාගි වන අතරතුර අදහාගත නොහැකි තරම් බරපතළ රිය අනතුරකට ලක්විය. එම වාහනයේ සිටි කිහිපදෙනෙක්ම එයින් මිය ගිය අතර අප නායක හාමුදුරුවන් වහන්සේගේ ජීවිතයේ පෙර පින් බලයකින් මෙන් සුරක්ෂිත විය. එහෙත් ඒ මොහොතේ බොහෝ දෙනා සිතුවේ උන්වහන්සේගේ ජීවිතයට හානියක් වී ඇතැයි කියාය. මේ පුවත සැලවූ සැනින් මහත් කම්පාවට පත්වූ එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා අප නාහිමිපාණන් වහන්සේ සැනෙකින් ගුවනින් කොළඹට ගෙන්වා උන්වහන්සේ සුවපත් කර ගැනීමට කටයුතු කළේය. එදින මාගේ පියාණන් කෙතරම් සසලව සිටියාද යන්න මට තවමත් මතක අතර නාහිමිපාණන් වහන්සේ රෝහලට රැගෙන එන විටත් පියාණන් රෝහලට ගොස් සිටියේය.

නිසි වේලාවට ලද ප්‍රතිකාර සහ විශ්මිත සැත්කම් හේතුවෙන් අප නාහිමිපාණන් වහන්සේ කෙමෙන් නිදුක් නිරෝගීව සුවපත් වූ අතර ඉන් පසු උන්වහන්සේ මාගේ පියාණන් සමග පෙරටත් වඩා ලෙන්ගතු වූහ.
කිසිවිටෙකත් ලාබසත්කාර පසුපස හඹා නොගිය යතිවරයාණෝ විනය ගරුකත්වය, අල්පේච්ඡතාව, නිහතමානී බව, උපේක්ෂාව තම පැවිදි ජීවිතයේ විශේෂාංග බවට පත් කර ගත්හ.

සියපතක් සේ සුවඳ විහිදුවාලමින් සියවසක් මුළුල්ලේ මහත් වූ ශාසනික සහ සමාජයීය මෙහෙවරක යෙදුණු සද්ධම්මජෝතිකධජ ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සිදුකළාවූ අනුපමේය නිවුණු මගක සුවය මේ යැයි අපටද කියා දෙමින් උන්වහන්සේ නිවුණු සැනසුණු මගක වැඩිසේක. උදාරතර පින් බලමහිමයෙන් උතුම් වූ අප මහතෙරුන් වහන්සේට නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරමි.

(***)
විපක්ෂ නායක
සජිත් ප්‍රේමදාස



අදහස් (0)

විදුලකර බැබළවූ මහ පහන් ටැඹ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 471 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site