IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


වි‍දේශ ආයෝජන නැතිව අපට තනිව නැගිටිය හැකිද?

නිදහස ලැබූ දා සිට අද දක්වා ගතවූ වසර 73ක කාලය පුරාම ශ්‍රී ලංකාව හැඳින්වෙන්නේ සංවර්ධනය වන රටක් ලෙසය. කලකට පෙර අප රට ඌන සංවර්ධිත රටවල් කාණ්ඩයට අයත් වුවත් 1970 දශකයෙන් පසුව ඌන සංවර්ධිත ලේබලය වෙනුවට සංවර්ධනය වන රටවල් කාණ්ඩයට ඇතුළත්  විය. ඒ පැවති සංවෘත (වැසුණු) ආර්ථික තත්ත්වයෙන් මිදී විවෘත ආර්ථිකය කරා පිවිසීමත් සමඟය. ඌන සංවර්ධිත රටක් ලෙස ශ්‍රී ලංකාව පවතිද්දී අපේ ප්‍රධාන විදේශ මුදල් සැපයුම් මූලාශ්‍රය වූයේ විදේශ ආධාරයි.

1977 බලයට පත්වූ රජය මගින් පැරිස් ආධාර කණ්ඩායම නමින් ශ්‍රී ලංකාවට ආධාර කරන රටවල සංසදයක් වාර්ෂිකව රැස් කරමින් ආධාර පැතූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් මෙම තත්ත්වය වෙනස් විය. ආධාර වෙනුවට ආයෝජන යන්න දැන් ලොව පිළිගත් ආර්ථික මූලධර්මය වී තිබේ. විදේශවලින් ලැබෙන සහනාධාර වෙනුවට ආයෝජන අවස්ථා තෝරාගෙන ඒ ඒ රටවලට සුදුසු ආයෝජකයන් මගින් සංවර්ධනයේ ප්‍රතිලාභ ලබාදීම එමගින් අරමුණු කෙරිණි. ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ද මෙම ක්‍රමය දිරිගන්වමින් සිටී.

ලොව බොහෝ දියුණුව කරා යන රටවල් මෙම ක්‍රමය සාර්ථක ලෙස අත්හදා බලා යහපත් ප්‍රතිලාභ ලබා ඇත. වියට්නාමය, බංග්ලාදේශය පමණක් නොව පකිස්තානය ද මෙම ශිල්පයෙන් ප්‍රතිලාභ ලැබූ ආසියාතික රටවල් ගොන්නට වැටේ. එහෙත් ශ්‍රී ලංකාව එදා මේ සියලු‍ රටවලට වඩා ඉදිරියෙන් සිටි නමුත් අද බංග්ලාදේශයෙන් ණය ඉල්ලන තත්ත්වයට පත්ව තිබේ. මෙය සැබැවින්ම ඛේදජනකය. අපේ අසල්වැසි ඉන්දියාවේවත් මෙම තත්ත්වය දක්නට නැත.

ආයෝජන සඳහා රාජ්‍ය සම්පත් කැප කරමින් ආණ්ඩුවේ ණය බර ලිහිල් කර ගන්නා විට ජනතාව ඊට එරෙහි වන්නේ නැත. ඉන්දීය රජය දිගු කලක් අති දැවැන්ත පාඩුවකට පවත්වාගෙන ගිය ඉන්දියන් එයාර් ලයින් ජාතික ගුවන් සේවය එරට ප්‍රමුඛ ව්‍යාපාර සමාගමක් වන ටාටා සමාගමට පසුගියදා පවරා දී ආණ්ඩුව එම ණය බරින් නිදහස් විය. එහෙත් ශ්‍රී ලංකාවේ එය එසේ කළ හැකිද? යන ප්‍රශ්නය බරපතළය. සංකීර්ණය. ශ්‍රී ලංකන් එයාර් සමාගම අදටත් දැවැන්ත ආර්ථිකමය පාඩුවකට පවත්වාගෙන යයි. මධ්‍යම රජය එහි ණය බරින් මිරිකී සිටී. එහෙත් මෙම සමාගම ආයෝජකයකුට පැවරීමට ගියහොත් ඊට දහසක් විරෝධතා එල්ල වන බැවින් ආණ්ඩුව ඊට අතගසන්නට බියෙන් පසුවේ. 

මාස දෙක තුනකට පෙර කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට පවරා සංවර්ධනය කිරීමට රජය උත්සාහ කළේය. ඒ සඳහා අදානි සමාගම රජයට අමෙරිකානු ඩොලර් මිලියන 550ක් ගෙවීමට එකඟ වී තිබුණි. එහෙත් ඒ ගැන නිල නිවේදනය නිකුත් කළ සැණින් ජාතික සම්පත් විකිණීමේ සටන් පාඨය කරළියට පැමිණියේය. ආයෝජනය හමාර විය. ඉන් අනතුරුව දැනට හිස් මහ මුහුද ලෙස පවත්නා කොටසේ බටහිර ජැටිය නමින් නව ජැටියක් ඉදිකොට සංවර්ධනය කරන්නට අදානි සමාගම එකඟ විය.

එම ආයෝජන ව්‍යාපෘතියේ වටිනාකම ඩොලර් මිලියන 700කි. එලෙස අලු‍තින් බටහිර ජැටිය ඉදිකිරීමට සියල්ල සැලසුම් වෙද්දී මෙයට පෙර සංවර්ධනයට තැත් කළ නැගෙනහිර ජැටිය තවමත් පෙර පැවති තත්ත්වයෙන්ම පවතී. ඒ අතරතුර ඉන්දීය ආයෝජක අදානි මහතා ශ්‍රී ලංකාවට පැමිණ වරාය බටහිර ජැටිය ව්‍යාපෘතිය ගැනත් උතුරේ සුළං බලාගාරයක් ඇරඹීම ගැනත් සාකච්ඡා කළේය. වාර්තා වන ආකාරයට ඔහු දැන් එරට සිටින දෙවැනි කෝටිපතියාය. මෙම ව්‍යාපාරිකයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් පළවන සැර දේශපාලන අදහස් උදහස් ඔස්සේ අදාළ විදේශ ආයෝජන ජාතික සම්පත් විකිණීම යන තැනට ලඝු කිරීම යුක්තිසහගතද යන්න විමසා බලනු වටී. 

ශ්‍රී ලංකාවට වඩා මහා ධන සම්පත් ඇති ප්‍රංශ රජය ඔවුන්ගේ ප්‍රධාන ජාතික සංකේතයක් බඳු සුප්‍රකට අයිෆල් කුලු‍න වඩාත් ආකර්ෂණීය සංචාරක කේන්ද්‍රයක් බවට පත් කිරීමට එරටට චීන ආයෝජකයන් කැඳවීය. අයිෆල් කුලු‍න හා ඒ ආශ්‍රිත කලාපය ඵලදායී සංචාරක ඉසව්වක් බවට පත් කිරීමේ වගකීම එම චීන ආයෝජකයන්ට පවරා දිගුකාලීන බදු පදනමක් යටතේ අයිෆල් කුලු‍න ඝෝෂියේට් නමැති සමාගමට පැවරීය. අයිෆල් කුලු‍න අයත් ප්‍රංශ රජයට එම සමාගමේ කොටස් අයත් වන්නේ සියයට 1ක් පමණි.

එහෙත් ප්‍රංශයේ වෙනත් සමාගමක් තවත් කොටස් ප්‍රමාණයක හිමිකම ලබා ඇත. මෙය එරටට කදිම ආයෝජනයක් වූ අතර දැන් අයිෆල් කුලු‍න කලාපය චීන ආයෝජකයන් විසින් සංවර්ධනය අරඹා ඇත. ඊයේ පෙරේදා අප අසල්වැසි බංග්ලාදේශයේද තවත් ප්‍රකට විදේශ ආයෝජන ව්‍යාපෘතියක් විවෘත විය. එය එරට සුප්‍රකට ෆයිරා ගංගාව හරහා ඉදිකළ කිලෝමීටර් 1 ½ක් දිගැති දැවැන්ත කේබල් පාලමකි. ඔපෙක් සංවිධානය හා චීනය එහි ආයෝජන හා ඉදිකිරීම් බාරව ක්‍රියා කරයි. ආයෝජනයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 165ක් තරම් දැවැන්ත මුදලකි. මේ පවත්නා ලෝක තත්ත්වයයි. 

ඉන්දියානු ගුවන් සේවයට එරට සමාගමක් කළ ආයෝජනය, ප්‍රංශයේ අයිෆල් කුලු‍නට චීන සමාගමක් කළ ආයෝජනය, බංග්ලාදේශයේ ෆයිරා ව්‍යාපෘතිය වැනි ලොව සුප්‍රකට දැවැන්ත ආයෝජන සිදුවෙද්දී ඒ රටවල ජනතාව ඒවාට සහාය දුන්නේ පවත්නා කොවිඩ් වසංගතය හමුවේ ඒ ආණ්ඩුවලට ආර්ථික ආගාධයෙන් ගොඩ ඒම පිණිසය. එහෙත් මෙරට එබඳු තත්ත්වයක් තිබේද? ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකන් ගුවන් සේවය, තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසක් අද ආණ්ඩුවේ අයවැයට මහා බරක් වී ඇත.

මේ හැර ඛනිජ තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලයද සුබසාධන හා සහනාධාර නිසා අමාරුවේ වැටී සිටී. මෙම ආයතන නව ආයෝජන ඔස්සේ ගොඩගන්නා තුරු මෙරට ජාතික ආර්ථිකයට අනාගතයක් නැත. ඒ නිසා ජනතාව මෙන්ම වෘත්තීය සංගම්ද මේ යථාර්ථය තේරුම්ගත යුතුය. අරගල කරන්නටද අපට රටක් තිබිය යුතුය. ඒ සඳහා විවෘත මනසින් පවත්නා අර්බුදය තේරුම් බේරුම් කර ගැනීම යුගයේ අවශ්‍යතාවකි. එසේම රජයද ජාතික මර්මස්ථාන ගෙඩිය පිටින්ම අත්සතු නොකිරීමටද වගබලා ගැනීමද වැදගත්ය. විශ්වාසදායී නිසැක ආයෝජන ලබාගන්නා විට ඒ ගැන සමාජය කල් තබා හොඳින් දැනුවත් කළහොත් බොහෝ අර්බුද සමනය කරගත හැක යන්න අපගේ විශ්වාසයයි. 

(***)



අදහස් (1)

වි‍දේශ ආයෝජන නැතිව අපට තනිව නැගිටිය හැකිද?

jaya Sunday, 31 October 2021 11:46 AM

ඛනිජ තෙල් එකයි, විදුලි මණ්ඩලයයි අමාරුවේ වැටිලා ඉන්නේ සහනාධාර දිලා නෙවෙයි. එක්කෙනෙක්ට කරන්න පුළුවන් වැඩේට 4, 5 ක් වැඩට අරන් තියෙන හින්දා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 424 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 338 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 165 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 347 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 522 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1143 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1208 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1505 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 386 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site