එක් රටක්, එක නීතියක් සඳහා නීති කෙටුම්පත් කිරීමට උපදෙස් ලබාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද 13 දෙනකුගෙන් යුත් කාර්යසාධක බළකායේ ප්‍රධානියා වශයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීම දේශීය වශයෙන් පමණක් නොව විදේශයන්හි ද දැඩි ලෙස විවේචනයට ලක්වෙමින් තිබේ.
බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ද වන ඥානසාර හිමියන් මෙම කමිටුවේ ප්‍රධානියා වශයෙන් පත්කරනු ලැබීම හේතුවෙන් ඒ කමිටුවේ සාමාජිකයන් වශයෙන් පත්කරනු ලැබ සිටින කිහිප දෙනකුම තම සේවය ලබාදීමට අකැමැත්ත පළ කරන බව ද සඳහන් වෙයි.
මෙවැනි කාර්යසාධක බළකායක් පත්කරන බව තමන් දැන නොසිටි බව සඳහන් කර ඇති අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා, තමන්ගේ අදහස් විමසීමකින් තොරව මෙකී කාර්යසාධක බළකාය පත්කර ඇති බව ද ඒ සම්බන්ධයෙන් තමන් නොසතුටට පත්ව සිටින බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත කළ විමසීමකදී සඳහන් කර තිබිණි.
ඥානසාර හිමිගේ ප්‍රධානත්වයෙන් යුත් එම කාර්යසාධක බළකායට ශ්‍රී ලංකාව තුළ එක රටක් සහ එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර, ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීමේ කාර්යය පැවැරෙන බව ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ දැක්වෙයි. එසේම අධිකරණ අමාත්‍යාංශය විසින් මේ වනවිට එක රටක් එක නීතියක් කාරණයට අදාළව සකස් කර ඇති නීති කෙටුම්පත් සහ සංශෝධන අධ්‍යයනය කර ඒවායේ යෝග්‍යතාව සහ සුදුසු සංශෝධන ඇත්නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සහ යෝග්‍ය පරිදි අදාළ කෙටුම්පතට එකී යෝජනා ඇතුළත් කිරීම එම කාර්යසාධක බළකායට පැවැරී ඇති තවත් කාර්යයක් බව ද සඳහන්ය.
අධිකරණ ඇමැතිවරයා මේ කමිටුව පත්කිරීම සම්බන්ධයෙන් තම නොසතුට පළ කිරීම පිළිබඳව පුදුම විය යුතු ද?
එක රටක් එක නීතියක් සඳහා වූ වෙනත් ඕනෑම කාරණයක් සඳහා උපදෙස් ලබාගැනීමට තම අභිමතය පරිදි සාමාජිකයන් නම් කරමින් කාර්යසාධක බළකායක් පිහිටුවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට බලය පැවැරී තිබේ. එහෙත්, ගැටලුව ඇත්තේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අධිකරණය මගින් වරදකරුවකු බවට පත්කරනු ලැබ සිරදඬුවම් විඳිමින් සිටියදී ජනාධිපති සමාව ලැබ සිරදඬුවමින් ගැලවුණු ඥානසාර හිමියන් වැන්නකු එහි සභාපති ධුරයට පත් කිරීමය. තමන්ට නීතිය පිළිබඳ උපදෙස් ලබාගැනීමට අධිකරණය මගින් වරදකරුවකු කර සිටියදී සමාව ලබාදුන් පුද්ගලයකු සුදුසු වූයේ කෙසේ දැයි ජනාධිපතිවරයා තීන්දු කිරීම පවා බරපතළ ගැටලුවකි. එය රටේ බොහෝ දෙනාගේ කනස්සල්ලට හේතු වී තිබේ.
ඥානසාර හිමියන් 2016 වසරේ අදාළ සිද්ධියේදී අධිකරණය ඉදිරියේ හැසිරුණු ආකාරය පිළිබඳ බරපතළ විවේචනයක් සියලු දෙනාටම තිබේ. එම සිද්ධියට අදාළව දේශපාලන කාරණා ද තිබෙන බවත් සඳහන් කළ යුතුය. එසේම, අධිකරණය ඉදිරියේ අපහාසාත්මක අයුරින් හැසිරී කිසිදු දඬුවමක් නොලබා ගැලවී ගිය අවස්ථා ද මෙරට දේශපාලන ඉතිහාසය තුළ ලියැවී තිබේ.
2011 දෙසැම්බර් 18 වැනිදා හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරානි බණ්ඩාරනායකට එරෙහි සුප්‍රකට නඩුවේ තීන්දුව ලබාදුන් අවස්ථාව එයට හොඳම උදාහරණයකි. එහිදී අධිකරණය තුළ මහා ඝෝෂාවක් සිදු කරමින් විනිසුරුවරුන්ට තර්ජනය කොට පුටු පවා පොළවේ ගැසූ කිසිවකුත් අධිකරණය ඉදිරියට පමුණුවනු ලැබුවේ නැත. අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා හැමවිටම සටන් වදින ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද එදා නිහඬ විය.
මේ සිද්ධිය උදාහරණයක් වශයෙන් සඳහන් කළත්, එයින් ඥානසාර හිමියන් කළ වැරැද්ද නිවැරැදි වන්නේ නැත. ඒ හිමියන් එදා හැසිරුණු ආකාරය නිවැරැදි යැයි කීමට එය හේතුවක් කර නොගත යුතු බව තරයේම ප්‍රකාශ කළ යුතුය.
ඥානසාර හිමියන්ගේ නම මෙරට කළු තීන්තෙන් ලියැවුණු අවස්ථා ගණනාවක් තිබේ. එයින් එක් අවස්ථාවක් වන්නේ, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට අදාළව පත් කෙරුණු ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාවයි. එම වාර්තාවේ පාස්කු ප්‍රහාරයට තුඩු දුන් හේතු සාධක පෙන්වා දෙන පරිච්ඡේදයේ ඥානසාර හිමියන්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවැරිය හැකි දැයි නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව සඳහන් වෙයි. එසේම, බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරකම් ආගමික සංහිඳියාවට තර්ජනයක් බැවින් එම සංවිධානය තහනම් කළ යුතු බවට ද නිර්දේශ කර තිබේ.
එම වාර්තාවේ තවදුරටත් සඳහන් වන්නේ, ඥානසාර හිමියන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් සහ උද්වේගකර හැසිරීම් මුස්ලිම් තරුණයන් අන්තවාදී ස්ථාවරයකට තල්ලු කර ඔවුන් සහරාන් සමඟ එක්වීමට බලපෑම් ඇති කළ බවය. තමන්ගේ ක්‍රියාව සාධාරණීකරණය කිරීම සඳහා සහරාන් ඥානසාර හිමියන්ගේ කතා සහ හැසිරීම් ප්‍රයෝජනයට ගත් බව ද එහි සඳහන්ය.
ද්‍රවිඩ ජනතාවගේ සහ කාන්තාවන්ගේ නියෝජනයකින් තොරව ජනාධිපතිවරයා විසින් පත්කරන ලද එක රටක් එක නීතියක් කාර්යසාධක බළකායේ සභාපති ධුරයට ඥානසාර හිමියන් නම් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කළේ ඇයි දැයි යන ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගැනීම පහසු නැති බව ඉහත සඳහන් කරුණුවලින් පැහැදිලි වෙයි. රට තුළ ආගමික සංහිඳියාවට හානිදායක යැයි නම් කරනු ලැබූවකු අඩු තරමින් නීතිය පිළිබඳ කාර්යසාධක කමිටුවක සාමාජිකත්වය දැරීමට හෝ නුසුදුසු බව තේරුම් ගැනීම දුෂ්කර නැත.
මෙවැනි පත්වීම් හේතුවෙන් රටේ ජනතාව තුළ එක රටක් එක නීතියක් පිළිබඳ පවතින සුළු හෝ විශ්වාසය ද ගිලිහී යන බව පැහැදිලිය. විශ්වාසය ගිලිහී යන තැනක මතුවන්නේ අවිශ්වාසයයි. එම අවිශ්වාසය ද්‍රවිඩ, මුස්ලිම් පමණක් නොව සිංහල බෞද්ධ සහ කතෝලික ජනතාව අතර ද රජය කෙරෙහි දැඩි අප්‍රසාදයක් බවට පෙරැළිය හැකි බවත්, ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ද රජයට ප්‍රශ්න ඇති කළ හැකි බවත් පෙන්වා දීමට කැමැත්තෙමු.
(***)
දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්
ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.
පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා
අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව
මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
එක රටක් එක නීතියක් බළකායට පත්කිරීම්
fairoos Tuesday, 02 November 2021 02:47 PM
ඉතාම හොඳ ලිපියක්, බයියෝ ඩ්ස්ලයික් කරගෙන යයි දැන්.
sujeewa Tuesday, 02 November 2021 02:53 PM
මෙහිදී වැරදි අර්ථකතනයක් ඇත. මෙම කාර්යසාධන බලකායෙන් නීති උපදෙස් ලබාදීමක් සිදුවේ යැයි සිතීම වැරදිය. ආරම්භයේදීම නීතිය පෙරට තබා බාධාවන් ඇතිකල හොත් එයින්ම අදහස් ලබාගැනීම වැලකේ. කිසියම් කාර්යයක් සිදුකිරීමට නිරීක්ෂණ හෝ නිර්දේශ ඉදිරිපත් කල යුත්තේ ඒම කාර්යය පිළිබඳ බලවත් අවශ්‍යතාවයක් ඇති අය විසින් මිස ඒම කාර්යය නොකර සිටීමට උත්සාහ දරන්නන් විසින් නොවේ. අවසානයේදී මෙම බලකායේ නිර්දේශ පාර්ලිමේන්තුවේදීත්, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේදීත්, නීතිපති දෙපාර්තමේන්තුවේදී්ත් නීතියට අනුකූලව සකස් කරයි, ඒයින්ද නොනැවතී අධිකරණයේ විමර්ශණයට ලක් කිරීමටද හැකිය. ඒ් අනුව මෙයින් සිදු කරන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් කාර්යයක් සඳහා ජනතාව බලය දී ඇති කාර්යයක් ඉටු කිරීම සඳහා ඒම කාර්යය ඉටු කිරීමට කැමති අයහට අදහස් ලබා දීමට අවස්ථාවක් ලබා දීමකි. අනතුරුව නීතිය විසින් අවසන් තීරණ ගනු ඇත. හාමුදුරුවෝ හිරේ ගියේ රටේ මුල් බැසගත් අරටුව රැක ගැනීමටය. ඒම අරටුව රැකගත නොහැකි නීතියක් රටට වැඩදායක නැත. අප රටේ අවිහිංසාවාදී බහුතරයකගේ අයිතිවාසිකම් නොසලකා සුළුතර අන්තවාදී ත්‍රස්තවාදී අයිතිවාසිකම් වලට මුල්තැන දී ඇත්තේද එබැවිනි.