හේලීස් සමූහය වෙත රුපියල් බිලියන 7ක මුදලක් රැස් කරගැනීමේ අරමුණින් කොළඹ කොටස් හුවමාරුවේ සිදු කරන ණයකර නිකුතුව ලබන මාර්තු 17 වැනිදා මිලදී ගැනීම සඳහා විවෘත කරන බව එම සමූහය පවසයි. 

මෙය ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, ජ්‍යෙෂ්ඨ, පිරිමුදවාගත හැකි ණයකර නිකුතුවක් ලෙස සිදු කිරීම සැලසුම වී තිබේ. 

 මෙහිදී මූලික නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 50ක් නිකුත් කෙරේ. එක් කොටසක් රුපියල් 100ක් බැගින් රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 5 කි. ඊට හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 20ක් නිකුත් කෙරෙන අතර එහි වටිනාකම රුපියල් බිලියන 2 කි. ඒ අනුව රැස් කෙරෙන උපරිම මුදල රුපියල් බිලියන 7කි. 

Type A, Type B  සහ Type C ලෙස කාණ්ඩ කර ඇති මෙම නිකුතුව වසර පහකින් (2026/2031) සහ වසර හතකින් (2026/2033) කල් පිරෙන ලෙස සැලසුම් කර තිබේ. එම කාණ්ඩ සඳහා ලබා දෙන ස්ථාවර සහ පාවෙන පොලී අනුපාතද ප්‍රකාශ කෙරී තිබේ.