IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට ‘ෆැමිලි සවාරි’ රන් තිළිණ

සෙලින්කෝ ලයිෆ්, රක්ෂණ ඔප්පු හිමියන් 103 දෙනකුට රන් තිළිණ පිරිනැමීමට පසුගියදා කටයුතු කළේය. සමාගමේ 14 වන ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ 3 වන දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන් සඳහා පිරිනමන ලද රන් තිළිණවල සමස්ත වටිනාකම රුපියල් මිලියන 5 ක් වූ අතර ප්‍රධාන ත්‍යාගය වූ රුපියල් මිලියනයක් වටිනා රත්තරන් මාතර ප්‍රදේශයේ වාසනාවන්තයකු විසින් හිමිකරගත් අතර රුපියල් 250,000 බැගින් රන් තිළිණ මොරටුව සහ පිළියන්දල ප්‍රදේශ වල ඔප්පුහිමියෝ දිනාගත්හ. මීට අමතරව බද්දේගම, බණ්ඩාරවෙල, මඩකලපුව, කොටහේන සහ වැල්ලවත්ත යන ප්‍රදේශවල ජයග්‍රාහකයන් 5 දෙනෙකුට රුපියල් ලක්ෂයක් වටිනා රත්තරන් බැගින් හිමි විය.

තවත් රක්ෂණ ඔප්පු හිමියන් 25 දෙනකු සඳහා රුපියල් 50,000 බැගින් වටිනා රන් තිළිණ සහ තවත් වාසනාවන්තයන් 70 දෙනකුට රුපියල් 25,000 බැගින් වටිනා රන් තිළිණ පිරිනමන ලදි. මෙම වසරේ තවත් දිනුම් ඇදීම් 3ක් පැවැත්වීමට නියමිත අතර සමස්ත වශයෙන් රක්ෂණ ඔප්පු හිමි 618 දෙනෙක් මිලියන 30 ක් වටිනා රන් තිළණ හිමිකර ගැනීමට සමත් වනු ඇත. මීට පෙර ෆැමිලි සවාරි ප්‍රවර්ධන වැඩසටහනෙන් පිරිනමන ලද විදෙස් රටවල සහ ශ්‍රී ලංකාව තුළ සංචාර වෙනුවට රන් තිළිණ පිරිනැමීමට පියවර ගන්නා ලද්දේ කොරෝනා වසංගත රෝගී තත්ත්වය හේතුවෙන් පැන නැගූණු සංචාරක සීමාවන් සහ සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කිරීම සැලකිල්ලට ගනිමිනි.



අදහස් (0)

සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට ‘ෆැමිලි සවාරි’ රන් තිළිණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site