- අපජල පිරිපහදු පද්ධති, පුනර්ජනනීය බලශක්ති විසඳුම් සහ ඩිජිටල් අධීක්ෂණ පද්ධති සඳහා හරිත මූල්‍ය පහසුකම්
- ව්‍යාපාර 1,200කට අධික සංඛ්‍යාවක් සහිත කර්මාන්ත කලාප තුළ රැකියා 126,000ක්
මෙරට කර්මාන්ත කලාප වඩාත් පරිසර හිතකාමී සහ සම්පත් කාර්යක්ෂමි පරිසර කාර්මික උද්‍යාන’ (Eco-Industrial Parks) බවට පරිවර්තනය කිරීම සඳහා යුරෝපා සංගමයේ හරිත ප්‍රතිසාධන පහසුකම යටතේ නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි පවසයි.
මේ පිළිබඳ ප්‍රතිපත්තිමය හා ආයතනික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ විශේෂ වැඩමුළුවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, Expertise France ආයතනය සහ ශ්‍රී ලංකා ජාතික පිරිසුදු නිෂ්පාදන මධ්‍යස්ථානය එක්ව පසුගියදා පවත්වා තිබේ.
මෙම වැඩපිළිවෙළ යටතේ බියගම, කටුනායක, සීතාවක, කොග්ගල, ඒකල, කළුතර, දංකොටුව සහ ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රමුඛ කර්මාන්ත කලාප 16ක් පරිසර කාර්මික උද්‍යාන ලෙස පරිවර්තනය කිරීමට සැලසුම් කර ඇත.
ව්‍යාපාර 1,200කට අධික සංඛ්‍යාවක් සහ රැකියා 126,000කට වැඩි ගණනක් පවතින මෙරට කර්මාන්ත කලාප තිරසර සංවර්ධන මාවතකට යොමු කිරීම මෙහි අරමුණයි.
මේ අතර එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ රාමුවට අනුකූලව සැකසූ ජාතික මාර්ගෝපදේශ මාලාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, කර්මාන්ත කලාපවල තිරසරභාවය මැනීමට කාර්යසාධන මට්ටම් තුනකින් යුත් ජාතික ශේණිගත කිරීමේ ක්‍රමවේදයක් ද හඳුන්වා දී තිබේ.
මෙහිදී අදාළ කර්මාන්ත කලාපයේ අපජල පිරිපහදු පද්ධති, පුනර්ජනනීය බලශක්ති විසඳුම් සහ ඩිජිටල් අධීක්ෂණ පද්ධති සඳහා හරිත මූල්‍ය පහසුකම් හා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයන් යොදා ගැනීමට අපේක්ෂිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd