- වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් මහජන කොටස් හිමිකාරීත්වය සියයට 2 කින් ඉහළට
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී (WealthTrust Securities PLC) සමාගමේ තෙවැනි විශාලතම කොටස්හිමිකරුවා වන අයිකොනික් ට්‍රස්ට් (පෞද්) සමාගම සතු සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 30,000,000ක් (මිලියන 30ක්) අලෙවි කර ඇතැයි පවසයි.
පසුගියදා කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් වෙල්ත් ට්‍රස්ට් සෙකියුරිටීස් සමාගම මෙම කරුණු අනාවරණය කර තිබේ. නොවැම්බර් 18 සිදු වූ ගනුදෙනුවේදී එක් කොටසක වටිනාකම හෝ සමස්ත ගනුදෙනුවේ වටිනාකම අනාවරණය වී නැත.
කෙසේ වෙතත් මෙම ගනුදෙනුව නිසා වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී සමාගමේ මහජන කොටස් හිමිකාරිත්වය සියයට 2.45 ක අගයකින් ඉහළ ගොස් ඇති බව සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.
ඒ අනුව 2026 සැප්තැම්බර් 30 දිනට අවසන් වරට හෙළිදරව් කළ අගය වන සියයට 16.36 ක ප්‍රතිශතය අයිකොනික් ට්‍රස්ට් සමාගමේ කොටස් අලෙවියෙන් පසු සියයට 18.81ක් දක්වා ඉහළ නැග තිබේ.
මෙම සියයට 2.45ක ඉහළ යාම සමගින් කොටස් හුවමාරුවේ නියාමන රීති යටතේ වන අවම මහජන කොටස් හිමිකාරිත්ව අවශ්‍යතාව සමාගම විසින් අඛණ්ඩව සපුරාලන බව ද වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී වැඩිදුරටත් තහවුරු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd