- මාස 36 ක් ක්‍රියාත්මක වැඩසටහනේ මුළු වටිනාකම ඩොලර් 536,046 ක්
දේශීය සීනි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ උක් කර්මාන්තය ඵලදායී, තරගකාරී මෙන්ම තිරසාර කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා රජය සහ බ්‍රසීල රජය අතර නව තාක්ෂණික සහයෝගීතා ගිවිසුමකට පිවිසි බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 25 දා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේදී මේ සඳහා අත්සන් තබා තිබේ.
මෙම උක් සංවර්ධන ව්‍යාපෘතිය මාස 36ක කාලයක් පුරා ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා ඇස්තමේන්තුගත මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් 536,046කි. බ්‍රසීල රජයේ ප්‍රධාන මූල්‍ය දායකත්වය ඇතිව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා බ්‍රසීල සහයෝගීතා නියෝජිතායතනය (Brazilian Cooperation Agency) සහ සාඕ කාලෝස් ෆෙඩරල් විශ්වවිද්‍යාලය (Federal University of São Carlos) සෘජු තාක්ෂණික සහ පර්යේෂණ දායකත්වය සපයයි.
ශ්‍රී ලංකාව වර්තමානයේ සිය සීනි අවශ්‍යතාවෙන් සියයට 90කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කරන බැවින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිටතට ඇදී යන අතර, දේශීය නිෂ්පාදනය ශක්තිමත් කිරීම තුළින් ආනයනික සීනි මත යැපීම අවම කර විදේශ විනිමය ඉතිරි කර ගැනීම මෙම ව්‍යාපෘතියේ මූලික ඉලක්කයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd