- දෙස් විදෙස් සූපවේදීන් 2,750කට අධික පිරිසක් මීට සහභාගී වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාරපාන සහ සත්කාරක සේවා ප්‍රදර්ශනය වන ‘කලිනරි ආර්ට් ෆුඩ් එක්ස්පෝ 2026’ (Culinary Art Food Expo 2026) ජාත්‍යන්තර සැකසූ ආහාර සහ සත්කාරක සේවා ප්‍රදර්ශනය අද (නොවැම්බර් 27) සිට 29 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය (Chefs Guild of Lanka) විසින් ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්ව 23 වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය, ආහාර සහ සත්කාරක ක්ෂේත්රයේ නවතම ප්රවණතා, නිෂ්පාදන සහ තාක්ෂණය හඳුන්වා දෙන ප්‍රධානතම වේදිකාවක් ලෙස සැලකේ. විශේෂිත ආහාර අමුද්‍රව්‍ය සහ ආහාර සැකසුම් තාක්ෂණයේ සිට සූපශාස්ත්‍ර කලාව සහ සත්කාරක සේවා දක්වා වූ පුළුල් ක්ෂේත්‍ර රැසක් මෙමඟින් ආවරණය කෙරේ.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාව සහ ලොව පුරා රටවල් නියෝජනය කරමින් සූපවේදීන් 2,750කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd