• මහල් 11 ක් සහිත මෙම නෞකාවේ සමස්ත මගී කාමර සංඛ්‍යාව 796 ක් 
  • දෙසැම්බර් 17, 24 සහ 31 මෙම මගී නෞකාව නැවත කොළඹට පැමිණීමට නියමිතයි 

විදෙස් සංචාරකයන් 1600ක් සහ කාර්ය මණ්ඩලයේ 588 දෙනෙකු රැගත් CORDELIA EMPRESS සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව ඊයේ (26) කොළඹ වරායට පැමිණියේය.‍ 

මෙම පිරිසගෙන් 1800 දෙනකු ඊයේ (26) කොළඹ නගරය, පින්නවල අලි අභිජනනාගාරය සහ ගාල්ල යන ප්‍රදේශවල සංචාරය සඳහා පිටත්ව ගොස් තිබේ. 

මෙම නෞකාව ප්‍රධාන වශයෙන් ඉන්දියානු සහ අකුණු ආසියානු සංචාරක වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන අතර, පැමිණි සංචාරකයන්ගෙන් සියයට 90 ක්ම ඉන්දීය ජාතිකයින් වෙයි. 

මෙම CORDELIA EMPRESS  ඉන්දියාව තුළ දේශීය නාවික සංචාර මෙන්ම කලාපීය ජාත්‍යාන්තර සංචාරද සිදු කරනු ලබයි. මීටර් 210 දිගැති මෙම නෞකාවේ මහල් 11 ක වපසරියක මගී කාමර 796 ක් තිබේ. 

2026-2027 සංචාරක සමය යටතේ තවත් සංචාරක ගමන් වාර තුනක් සඳහා ලබන දෙසැම්බර් මස 17, 24 සහ 31 දිනවලදී මෙම මගී නෞකාව කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබේ.