ශ්‍රී ලංකාවේ, කොළඹ වරාය නගරයේ, අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයෙන් සංවිධානය කරනු ලැබූ, සභාපතිවරුන්ගේ සහ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංසදය අමතමින්, එහි ප්‍රධාන දේශනය කළ සර් මාර්ක් ටකර්, සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ නායකත්වය සම්බන්ධයෙන් පැහැදිලි පාදක ව්‍යුහයක් ඉදිරිපත් කළේය. එහිදී බෙදී බිඳී යාම නිරන්තරයෙන් වැඩිවන ගෝලීය ආර්ථිකය තුළ ශ්‍රී ලංකාව නැවත ස්ථානගතවීමේ අවශ්‍යතාව පිළිබඳ හෙතෙම අවධාරණය කළේය.
එච්.එස්.බී.සී. බැංකු සමූහයේ සභාපති ලෙස කටයුතු කරන ලදුව, මේ වන විට, ඒ.අයි.ඒ. සමූහයේ හා දකුණු අප්‍රිකාවේ ඩිස්කවරි සමූහයේත් විධායක නොවන සභාපති ධුරය උසුලන, ටකර්, ශ්‍රී ලංකාව තිරසාර ආර්ථික වර්ධනයක් උදෙසා අර්බුද කළමනාකරණයෙන් ශක්‍යතා ගොඩනැංවීම කරා මාරු වීමේ අවශ්‍යතාවද අවධාරණයට ලක් කළේය.


ගෝලීය සහයෝගීතාවේ බලපෑම
සමාගම් නායකත්වයෙන් ඔබ්බට ගිය සර් මාර්ක් ගෝලීය ආර්ථික ප්‍රතිපත්ති කෙරේ බොහෝ සෙයින් ඔහුගේ දායකත්වය දැක්වූයේය. බෑන්ක් ඔෆ් ඉන්ග්ලන්ඩ් හි සේවය කර ජාත්‍යන්තර ආයතන කිහිපයක කටයුතුවලට දායක වූ ඔහු මූල්‍ය නියාමන, වෙළෙඳ කටයුතු හා ගෝලීය ආර්ථික සහයෝගීතාව හැඩගැන් වීමේ ලා ද මෙහෙවර ඉටු කළේය. මූල්‍ය හා ව්‍යාපාර කටයුතුවලට ඔහු දැක්වූ දායකත්වය පිළිගැනීමට ලක් කරමින් 2024 දී, තුන් වැනි චාර්ල්ස් රජ ඔහුට නයිට් නාමයක් පිරිනැමුවේය.


ප්‍රාග්ධන සචලකරණය
“බෙදී බිඳී ගිය ලෝකය තුළ ප්‍රාග්ධනය වෙත නැවත සම්බන්ධ කිරීම සහ ශ්‍රී ලංකාව නැවත ස්ථානගත කිරීම”‍ සම්බන්ධයෙන් කතා කළ ටකර්, පසුගිය කාලයේ ඇතිවූ අර්බුදයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරත්වයට පත්වීම සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රගතිය පිළිගත්තේය. කෙසේ වුවද දීර්ඝ කාලයේදී ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා එම ස්ථායිකරණය පමණක්ම ප්‍රමාණවත් නොවන බව අවධාරණය කළේය. “වර්ධනයේ ඊළඟ අවධියේදී විශ්වාසය තැබෙන්නේ රටේ ශක්‍යතා කෙරේ මිස හුදෙක් කොන්දේසි වෙත පමණක් නොවේ.”‍ යයි කී ඔහු, ආයෝජන හැකියා කොන්දේසි, පැහැදිලිව නිර්වචනය කිරීම සහ ඒවා ස්ථාවර ලෙස කාලයත් සමග පවත්වා ගැනීමේ අවශ්‍යතාව හුවා දැක්වූයේය.


 

 සර් මාර්ක් ටකර්


 

යථා තත්වයට පත්වීමේ සිට වර්ධනය දක්වා
යථා තත්වයට පත්වීමේ සිට තිරසාර ව්‍යප්තිය සඳහා වූ සංක්‍රාන්තියේ දී ගෝලීය පෞද්ගලික ප්‍රාග්ධන සංචිත සමග නැවතත් සම්බන්ධ වීමේ අවශ්‍යතාව ටකර් දැඩි ලෙස අවධාරණය කළේය. “දීර්ඝ කාලීන තිරසාර සංවර්ධනය සඳහා මහා පරිමාණයෙන් ප්‍රාග්ධනය අවශ්‍ය වන්නේය. එය රාජ්‍ය අංශයට පමණක් තනිව සම්පාදනය කළ හැකි ප්‍රමාණයෙන් බොහෝ ඈත් වූවකි.”‍ යි ඔහු සඳහන් කළේය. ආයෝජකයන්ගේ කැපවීම සඳහා විශ්වාසදායි ප්‍රතිසංස්කරණ, ප්‍රතිපත්තිමය ස්ථාවරභාවය, සහ ශක්තිමත් පාලන ප්‍රමිති ඔවුන්ට ප්‍රත්‍යක්ෂ කරගත හැකි තරමට පැවතිය යුතුය.


ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම
ගෝලීය ප්‍රාග්ධනය ඇද ගැනීම සඳහා, ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රය ගැඹුරට විහිදී තිබීමේ වැදගත්කම, නියාමන පුරෝකථන කිරීමේ හැකියාවේ ශක්තිමත් බව ඇති කිරීම සහ අවදානම අවම කිරීම සඳහා රජයේ ක්‍රියාදාමය නවීකරණය ආදියේ වැදගත්කම ටකර් හුවා දැක්වූයේය. බදු සම්බන්ධ සැලසුම් රටා, කම්කරු රෙගුලාසි, භූමි පරිභෝග ප්‍රතිපත්ති සහ විදේශ ආයෝජන නීති වැනි ක්‍ෂේත්‍රවල තරග කාරී බව වර්ධනය කළ යුතුවේ.
දේශීය මූල්‍ය වෙළෙඳපොළ වඩාත් ගැඹුරට පවත්වා ගැනීමේ අවශ්‍යතාව හුවා දක්වමින් කතා කළ ඔහු මෙසේ කීවේය. “ද්‍රවශීලීතාවෙන් වැඩි ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ නවීකරණය වූ යටිතල පහසුකම් ඵලදායී ආයෝජන ගලා එම සඳහා වඩාත් වැදගත් වේ”‍ විශේෂයෙන්ම යටිතල පහසුකම් බලශක්ති සහ තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන්, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය, ප්‍රාග්ධනය කාර්යක්ෂම ලෙස සචල කිරීම සඳහා තීරණාත්මක ලෙස වැදගත් වනු ඇත.


පදනමක් ලෙස පාලනය කිරීම
මෙම හවුල්කාරිත්වය සාර්ථක වීම උදෙසා විනිවිද පෙනෙන සුළු පාලනය සහ පුරෝකථනය කළ හැකි ක්‍රියාදාම ඉතා වැදගත් වේ. “විනිවිද පෙනෙන සුළු පාලනය, සමතුලිත ආයෝජන වෙන් කිරීම සහ විශ්වාසදායී ක්‍රියාදාම ඔස්සේ, තාක්ෂණය, පරිමාණානුකූල ඵල සහ ක්‍රියාත්මක කිරීම් කරන ලෝක මට්ටමේ පෞද්ගලික හවුල්කරුවන් ආකර්ෂණය වීම සිදුවේ යයි ටකර් පැවසීය. අවසාන වශයෙන් ප්‍රාග්ධනය ප්‍රවාහ ගලා එන්නේ විශ්වාසය පදනම් කරගෙන යයි ඔහු අවධාරණයෙන් කියා සිටියේය.
“ප්‍රාග්ධනය ගලා ඉන්නේ විශ්වාසය පවතීනම් පමණකි. විශ්වාසය ගොඩනැගෙන්නේ හෝ විශ්වාසය සෝදා පාළුවට ලක්වන්නේ ප්‍රබල නැතහොත් දුර්වල පාලනයන්ගෙන්ය.”‍
නිපුණතාවන්හි ආයෝජනය කිරීම, ඩිජිටල් යටිතල පහසුකම් සහ නවීන භෞතික සම්පත් ඔස්සේ ගොඩනැගීමේ ජාතික හැකියාවේ වැදගත්කම හෙතෙම අවධාරණයට ලක් කළේය. පෙර අපරදිග නැව් මාර්ග මැද පිහිටීම ඇතුළු ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික පිහිටීම, නිසා ගෝලීය දියුණුවේ කේන්ද්‍රස්ථානයක් බවට ආසියාව පත්වන මේ යුගයේ, වෙළෙඳ කටයුතු, සම්පාදන කටයුතු සහ සේවාව සැපයුම් කරන කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට ශ්‍රී ලංකාවට ඉඩ ලබාදෙයි.


නායකත්ව පාඩම්
නායකත්ව ගුණාංග තුනක් ටකර් විස්තර කළේය. එනම්, විශ්වාසය පාරදෘශ්‍යතාව (පැහැදිලි බව) සහ
මානුෂීය බවයි. අවංක බව සහ විනිවිද පෙනෙන සුළු බව ප්‍රශ්න කළ හැකි, පැහැදිලිව සන්නිවේදනය කළ හැකි සංස්ථාපිතයන් නායකයන් විසින් නිර්මාණය කර, සහානුකම්පාවෙන් යුතුව නායකත්වය දිය යුතුය. 
සෑම මට්ටමකම දක්ෂතා වර්ධනය කිරීම ඒ හා සමානවම වැදගත් වේ. ජනතාව තුළ ආයෝජනය කිරීම, නායකත්වය පෝෂණය කිරීම හා තරුණා වෘත්තිකයන්ට අවස්ථා නිර්මාණය කිරීම ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන තරගකාරීත්වයේදී වඩාත් වැදගත් වේ.


සමාප්තිය
අවසාන වශයෙන් ටකර්, දුන් පණිවිඩය පැහැදිලිය. ගෝලීය වර්ධනයේ ගුරුත්ව කේන්ද්‍රය ඉන්දියානු සාගරය කලාපය කරා මාරු වෙමින් පවතී. ප්‍රාග්ධනය ආකර්ෂණය කිරීම යනු හුදෙක්ම වාසිදායක තත්ව පිරිනැමීම පමණක් නොවේ. ඒ සඳහා විශ්වාසය ස්ථිරව පවත්වා ගැනීම, හා හැකියා වර්ධනය කිරීමද අවශ්‍ය වේ. 
ප්‍රතිසංස්කරණයන් නිවැරදිව ඇති කිරීම ස්ථිර ප්‍රතිපත්ති පවත්වා ගැනීම මානව ප්‍රාග්ධනය තුළ උපායමාර්ගික ආයෝජන කිරීම් ඒ සඳහා අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවට ගෝලීය ආයෝජකයන් සමග නැවත සම්බන්ධ විය හැකිය. ආසියාවේ ඉහළ මතුවෙමින් පවතින ආර්ථික ක්ෂේත්‍රය තුළ ගතික ක්‍රියාධරයකු ලෙස ශ්‍රී ලංකාවට ස්ථාපිත විය හැකි වේ.
නායකත්වයකින් හෙබි යථා දර්ශය ඔස්සේ මෙයින් ස්ටෙෆ්න් කෝවේ ගේ 4 වැනි මට්ටමේ, නායකත්වයට අදාළ කාල විරහිත මූලධර්ම ශක්තිමත් වේ. බලපෑම, අවංකත්වය, ක්‍රියාත්මක කිරීම, සහ දීර්ඝකාලීන දැක්මකින් තිරසාර වූ ව්‍යාපාර නිර්මාණය වන්නේය.


2026 මාර්තු 13 Daily FT හි පළවූ 
Sir Mark’s manthra for leaders and attracting FDI ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ