IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ශ්‍රීලංකන් නවීකරණය වූ නව කාර්යාලය කොළඹ දී විවෘත වෙයි.

(චමින්ද මුණසිංහ)

 ශ්‍රීලංකන් ගුවන් සේවය සිය නවීකරණය කරන ලද නව කාර්යාලය ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01 යන ස්ථානයේ දී  පසුගියදා විවෘත කළේය.

 කොළඹ වාණිජමය හදවත බඳු ප්‍රදේශය තුළ පිහිටා ඇති මෙම කාර්යාලය උපායමාර්ගිකව ස්ථානගත කර තිබෙන බවත් ඈත අතීතයේ සිට මේ දක්වාම ගුවන් සමාගමේ නගර කාර්යාලය මෙම ගොඩනැගිල්ලේ ස්ථාන ගතව තිබු බවත් එම සමාගම කියයි. එම සමාගම වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි. එහි මුහුණත සහ අභ්‍යන්තර ව්‍යුහය ලන්දේසි ඉදිකිරීම් කාලය පිළිබිඹු කරයි. පරිසර හිතකාමී අභ්‍යන්තර ව්‍යුහය සමඟ සම්මිශ්‍රණය වෙමින් මෙම පැරණි ගොඩනැගිල්ල නවීකරණය කළ අතර එය අද වන විට ඉතා ආකර්ශනීය පෙනුමක්  ලබා දෙයි. මෙම ස්ථානයේ ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ අලෙවි අංශය, ශ්‍රීලංකන් හොලිඬේස්, ලෝක ව්‍යාප්ත විකුණුම් සහ බෙදාහැරීම් අංශය සහ මාධ්‍ය ඒකකය ඇතුළු ආයතනික කාර්යාලය ස්ථානගත කර තිබේ.  

මීට ඉහත දී ශ්‍රීලංකන් ගුවන් සේවයේ විකුණුම් හා ආයතනික කාර්යාල කොළඹ උඔක්‍ හි ස්ථානගත කර තිබූ අතර, වසර දෙකකට පෙර එම කුලී ගිවිසුම් අවසන් කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 80 ක් ඉතිරි කර ගැනීමට ගුවන් සේවයට හැකියාව ලැබිණි. තවද, කොළඹ පිහිටි ගුවන් භාණ්ඩ අලෙවි කාර්යාල පරිශ්‍රයේ බදු ලබා ගැනීම මේ අනුව අහෝසි වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව ඩොලර් මිලියන 10 ක් ඉතිරි වේ. මෙම නව කාර්යාල පරිශ්‍රය ඵලදායී ලෙස භාවිතා කිරීම වෙනුවෙන් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කරන ලද අතර පවතින වසංගතය හේතුවෙන් ව්‍යාපෘතිය ප්‍රමාද විය.  ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ සටහනේ කොටසක් ලෙස මෙම නව කාර්යාලය ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත යන ස්ථානයේ දී වීවෘත කරන ලදී.

දිගු ඉතිහාසයක් ඇති මෙම ස්ථානය රජය සතු දේපළක් වන අතර එය වර්ෂ  1976 දී එයාර් සිලෝන් වෙත ලැබුණි. එයාර් සිලෝන් වසා දැමීමත් සමඟ මෙම ඉඩම 1985 දී එයාර් ලංකාව විසින් මිලදී ගත් අතර එය දැනට ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් වේ.



අදහස් (0)

ශ්‍රීලංකන් නවීකරණය වූ නව කාර්යාලය කොළඹ දී විවෘත වෙයි.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site