(චමින්ද මුණසිංහ)
කොමර්ෂල් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) ජාලය මගින් අප්‍රේල් 9 සහ 10 දෙදින වාර්තාගත රුපියල් බිලියන 8.818ක මුදලක් නිකුත් කර ඇති අතර එය පැය 24ක් තුළ මුදා හරින ලද මුදල් ප්‍රමාණය සඳහා නව වාර්තාවක් බවත් එම බැංකුව සඳහන් කරයි.
බැංකුවේ ටෙලර් යන්ත්‍ර ජාලය අප්‍රේල් 9 වැනි දින රුපියල් බිලියන 4.498ක මුදලක් සහ ඊට පසු දින රුපියල් බිලියන 4.320ක මුදලක් මුදාහැර ඇති බව බැංකුව නිවේදනය කර ඇත.
සමස්ත වශයෙන් 2021 අප්‍රේල් මස 1 වැනි දින සිට 15 වැනි දින දක්වා කොමර්ෂල් බැංකුවේ ටෙලර් යන්ත්‍ර වලින් රුපියල් බිලියන 41.748ක මුදලක් ලබාගෙන ඇතැයි ද එම බැංකුව කියයි. මෙම දින 15න් දින 7කදී දිනකට රුපියල් බිලියන 2කට අධික මුදලක් බැගින් ලබාගෙන ඇති අතර දින 5කදී දිනකට රුපියල් බිලියන 3කට අධික මුදල් ලබාගෙන ඇති බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.
මේ අනුව ටෙලර් යන්ත්‍ර ජාලය සතු යන්ත්‍ර 890ක් ඔස්සේ අදාළ දින 15 තුළදී සමස්ත වශයෙන් ගනුදෙනු මිලියන 2.434ක් සිදුකොට ඇති අතර එක් දිනක් තුළ සාමාන්‍යයෙන් සිදු කොට ඇති ගනුදෙනු සංඛ්‍යාව 168,988කි. අප්‍රේල් 9 වැනි දින පමණක් සිදු කොට ඇති ගනුදෙනු සංඛ්‍යාව 233,990ක් වූ අතර එය පැයකට ගනුදෙනු 9,749ක්, එසේත් නැත්නම් විනාඩියකට ගනුදෙනු 162ක් විය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොමර්ෂල් ටේලර් යන්ත්‍ර ජාලය වාර්තාගත මුදලක් නිකුත් කරලා
ලක්දිමුතු වීරසුරිය Friday, 30 April 2021 12:08 PM
ටෙලර් යන්ත්‍ර ගනුදෙනු මගින් දිනකදී කොමර්ෂල් බැංකුව ලබාගත් ආදායම : 168,988 * 30 = රු 5,069,940.00 /= (මිලියන 5) දින 15කදී ලබාගත් ආදායම : 5,069,940 * 15 = රු 76,049,100.00 (මිලියන 76)....
sujithMonday, 03 May 2021 03:22 PM
මෙයින් කොපමණ මුදලක් බදු වශයෙන් රජයට ගෙව්වාද යන්නත් සඳහන් කරන්න.