

හිඟන පාත්තරය ගත් ලොකු මහත්තුරු:-
2022 අරගලයට සහභාගි වූවන්ගේ පැත්ත ගනිමින් නිර්මාණය වුණු අලුත් පරපුරේ සිංහල ගීයක් මේ වන විට යූ ටියුබ් සමාජ ජාලයේ ජනප්‍රියව පවතී. එහි පද පේළි දෙකකින් ශ්‍රී ලංකාවේ නායකයන්ට සරල උපදේශයක් ලබා දෙයි.
”අයියෝ හිනා යනවනෙ ටයි කෝට් ඇඳගෙන ගිනි කාෂ්ටක අව්වෙ!
අපෙ උගත් මහත්තුරු ඇයි මෙ හිටගෙන දන්සැල් පෝලිමෙ ?”
එම ගීතයේම හාස්‍ය උපදවන තවත් පද දෙකකින්, නිදහස ලැබුණු දා පටන් බලයේ ඉන්නා උදවිය ගැන තවත් කතාවක් කියැවේ.
”එක එක කාලෙට දන්නැද්ද විවිධ පාට මාරු වුණා ?
එක එක හොටු පෙරන උදවිය පාලනේට ගියා”
මෙම ගීතය අතීතයේ රට පාලනය කරනු ලැබූ උදවියට සෝපාහාසාත්මකව කරනු ලබන චෝදනාවකි. රටේ ගෙවුම් ශේෂ හිඟය පියවා ගැනීම පිණිස සහ ඉතිරි කිරීම් ඔස්සේ කරනු ලබන ආයෝජන මදි පාඩුවට, පාලන තන්ත්‍රයේ ඉහළම නිලධාරීන්ගෙන් සහයෝගය ලැබූ ශ්‍රී ලංකාවේ නායකයෝ, ණය දෙන ජාත්‍යන්තර බැංකු අසල සහ ආධාර දෙන රටවල් අතර හිඟන පාත්තරය රැගෙන ගැවසෙමින් හිඟා කෑවෝය.
1977 දී අයවැය පරතරය පියවීමේ කාර්යභාරය තමන්ට පැවරුණ විට, මෙම හිඟන පාත්තරයේ කතාව මුලින්ම කීවේ හිටපු මුදල් අමාත්‍ය දිවංගත රොනි ද මැල් විසිනි. එය තමන්ට පිළිකුල් සහගත ක්‍රියාවක් බව ප්‍රසිද්ධියේ කියූ ඔහුට ඒ සම්බන්ධයෙන් කළ හැකි වෙනත් විකල්ප ක්‍රියාවක් නොවීය. ශ්‍රී ලංකාවේ අසහාය නාට්‍යවේදී, විශ්ව විද්‍යාල ඇදුරු , ශ්‍රේෂ්ඨ ගත් කතුවර, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර , ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ එහි රාජ්‍ය තාන්ත්‍රික ධූත මෙහෙවරේ යථා ස්වරූපය , පෙන්වා දෙමින් සිය With the Begging Bowl සාහිත්‍ය කෘතිය රචනා කිරීමේදී හාස්‍ය දනවන ආකාරයෙන් මෙම හිඟන පාත්තරයේ උපමාව භාවිත කර තිබේ.
පිළිකුල්සහගත හිඟා කෑම සාධාරණීකරණය කිරීම:-
නිදහසින් පසු අවධිය තුළ, ආයෝජන සඳහා ඉතිරි කිරීම්වල අඩුපාඩුව පිරිමසා ගැනීමට, ණය වෙත පවතින රටේ නැමියාව ශ්‍රී ලාංකිකයෝ සාවඥ අන්දමින ඉතිහාසය පුරා විවේචනය කළෝය. 2022 දී විදේශ ණය ගෙවා ගත නොහැකිව පැහැර හැරිය විට ඔවුන්ගේ විවේචන, සාධාරණ වූයේය. ශ්‍රී ලංකා රජයට දෙන ලද උපදේශය වූයේ, ණයගැති භාවය වැඩි කරමින් එම පරතරය පියවා ගැනීමට සෙසු ලෝකයට ණය ගැති වීම වෙනුවට ණය නොවන මූලාශ්‍රවලින් විදේශ මුදල් ආකර්ෂණය කරගත යුතුය යන්නයි. සෘජු විදේශ ආයෝජන එවැනි එක් මූලාශ්‍රයකි.
අරගලයට සහභාගි වූවන් ප්‍රකටව එය යෝජනා නොකළද, හිඟන පාත්තරය අතින් ගෙන ණය ගැනීම සහ එම ණය මුදල් වියදම් කරමින් කෑම විවේචනය කරද්දී ඔවුන්ගේ මනස පසුබිමේ වූයේ, සෘජු විදේශ ආයෝජන ලබාගෙන තිබුණේ නම් වඩා හොඳය යන්නය.
සෘජු විදේශ ආයෝජන පිළිබඳ දුර්වල අතීත වාර්තා:-
ශ්‍රී ලංකාව තවමත් එහි විදේශ විනිමය අර්බුදයෙන් හරි හැටි මිදී නැති නිසා, වෙන කවරදාකටත් වඩා සෘජු විදේශ ආයෝජන අද දවසේ රටට වැදගත් වී තිබේ. ශ්‍රී ලංකාව සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට 1977 පටන් බොහෝ පියවර අනුගමනය කර තිබුණද, ඒවායේ කාර්ය සාධනය නම් අතිශය සෝචනීය.
උදාහරණයකට ශ්‍රී ලංකාවේ 2025 අවුරුද්දේ සෘජු විදේශ ආයෝජන ඩොලර් බිලියන එකක් ලබා ගන්නා විට ඉන්දියාව ඩොලර් බිලියන විසි අටක් ලබාගත්තේය. වියට්නාමයට ලැබුණු සෘජු විදේශ ආයෝජනවල වටිනාකම ඩොලර් බිලියන 38 කි, ඉන්දුනීසියාව ඩොලර් බිලියන 53කි, තායිලන්තය ඩොලර් බිලියන 42 කි. ශ්‍රී ලංකාව ඊට පෙර වසරේ රටට ගලා ආ ඩොලර් මිලියන 760 ක සෘජු විදේශ ආයෝජන, 2025 දී ඩොලර් බිලියනය දක්වා සියයට 31 කින් වැඩි කරගෙන තිබුණද , එහි වර්තමාන කාර්ය සාධනය, අප හා සමාන රටවල් සමග සසඳා බැලූ විට එය සිත්ගන්නා, ප්‍රගතියක් නොවේ.
එකම තැනකින් සියලු අනුමැතිය ගැනීමේ කතාව:-
කාර්ය සාධනය හොඳින් ඉටු කරන අනෙකුත් සියලු රටවල් සතුව සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා පවතින, අඩු මිල ගෙවා ලබාගත හැකි, දියුණු මානව ප්‍රාග්ධනය, සහනදායී බදු, නාවික ගමන් මාර්ගයක පිහිටීම හේතු කර ගෙන පවතින වෙළෙඳපොළට පිවිසීමේ පහසුකම, ආදී අනෙකුත් සෑම ගුණාංගයක්ම ශ්‍රී ලංකාව සතුවද පවතී. කෙසේ වුවද ඊට වෙනස්ව ගොස් තිබෙන්නේ, ශ්‍රී ලංකාවේ ව්‍යුහාත්මක ගැටලුය. ආයෝජකයන් ප්‍රිය කරන ආකාරයට අනුමැතිය දීමේ ක්‍රියාදාමය වේගවත් කිරීම ශ්‍රී ලංකාවට කළ නොහැකිය. අතිශය අප්‍රසන්න නිලධාරී වාදී පිළිවෙතකින් එම ක්‍රියාදාමයන් අවුරා තිබීම ඊට හේතුවයි. ඊට විසඳුම වන්නේත්, නිතරම විසඳුම වී තිබුණේත්, සෘජු විදේශ ආයෝජනවලට අනුමැතිය දීම් සහ කළමනාකරණය කිරීම් එකම තැනකින් ලබා ගත හැකි ස්ථානයක් ස්ථාපිත කිරීමයි.
ජපන් තානාපතිවරයා ශ්‍රී ලංකාවට දුන් උපදේශය:-
එකම ස්ථානයකින් අනුමැතිය දීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබුණේ දශක ගණනාවකට පෙරය. වර්තමාන ආයෝජන මණ්ඩලයට කලින් පැවති මහ කොළඹ ආර්ථික කොමිසම පිහිටු වීමේ එක් අරමුණක් වූයේ රට තුළට ගලා එන සෘජු විදේශ ආයෝජන පරිපාලනය,සරළ කිරීම සඳහා ආයෝජකයන්ට ව්‍යාපාර කරණය පහසු කරවීමට නියාමන හා බලපත්‍ර ලබාදීම විධිමත්ව සකස් කිරීම උදෙසාය. එහෙත් ඉන් දශක පහකට පසුව පවා, උනන්දුව දක්වන බොහෝ ආයෝජකයන් නිරීක්ෂණය කර තිබෙන පරිදි මෙම අරමුණ තවමත් සාක්ෂාත් කරගෙන නොමැත.
2025 මැයි මාසයේදී, විදේශීය ආයෝජකයන්ට එකම කවුළුවකින් අනුමැතීන් ලබාගන්නා ක්‍රමයක අවශ්‍යතාව අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා, දුර්වල ආයතනික සම්බන්ධීකරණය සහ නිලධාරී වාදී මැදිහත්වීම්, ශ්‍රී ලංකාවේ ජපන් ජාතික අලුත් ආයෝජකයන්ට ප්‍රධාන බාධකය වූ බැව් Economics - thinktank pathfinder පදනමේ අනුග්‍රහයෙන් පැවැත්වූ තානාපතිවරුන්ගේ සමුළුවේදී හුවා දැක්වූ බව වාර්තා වෙයි. ඔහු එහිදී ශ්‍රී ලංකාව ජපානයේ ක්‍රමය සමග සමග සසඳා බැලුවේය. ජපානයේ රාජ්‍ය ආයතන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම සඳහා තොරතුරු එසැණින් බෙදාහැරීම කරනු ලබයි. ජපානයේ ක්‍රමය අති නිවැරදිම ක්‍රමය නොවන්නට ඉඩ ඇති බව සඳහන් කරමින් ශ්‍රී ලංකාවේ ඒ හා සමාන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම කළ හැකිද යන්න පිළිබඳව කරුණු පරීක්ෂා කර බැලීමට වටිනා බවට ඔහු අදහස් පළ කළේය.
ශ්‍රී ලංකාවේදී ජපන් ආයෝජකයන්ට එක් අමාත්‍යාංශයකින් තවත් අමාත්‍යාංශයකට යන්නට කී බවත් එයද සාර්ථක නොවූ බවත් ඔහු කියා සිටියේය.
පසුව 2025 දී නැවත වරක්, ආයෝජන යෝජනා අනුමත කිරීමේදී විනිවිද පෙනෙන සුළු බව පවත්වා ගැනීම, පුරෝකථනය කළ හැකි වීම, ආයෝජකයන් අපහසුවට පත් නොවන ආකාරයෙන් සැලකීම ආදියේ අවශ්‍යතාව, ආයෝජන මණ්ඩලයේ පැවති, ව්‍යාපාර පරිසරය පිළිබඳ ශ්‍රී ලංකා ජපාන කමිටුව ආරම්භ කරමින් හෙතෙම අවධාරණය කළේය. වසරකට ආසන්නකාලයක් ගත වූ පසු පවා ශ්‍රී ලංකාව එම ප්‍රඥාසම්පන්න උපදෙස් බැරෑරුම් ලෙස සලකා නොමැති බැව් ඔහුට එම උපදෙස් ම නැවත ශ්‍රී ලංකාවට දීමට සිදුවීමෙන් පැහැදිලි වේ. කාලයක් තිස්සේ බලාපොරොත්තු වූ පරිදි ආයෝජන සඳහා තනි කවුළුවකින් අනුමැතිය දීමේ ක්‍රමය, සමග ශ්‍රී ලංකාවේ ඉදිරියට යනු දැකීම ජපානයේ ආශාව බව කී ඔහු, එම ස්ථාපිත කිරීම පළමු පියවර පමණක් වන, බවත් එය ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වන බවත් අවධාරණය කළේය. රටේ දරදඬු නිලධාරීවාදය සම්බන්ධයෙන් ඉච්ඡා භංගයට පත් අත්දැකීම් සහිත විදේශීය රාජ ධූතයකුට, ශ්‍රී ලංකාවේ අකාර්යක්ෂමතාව හුවා දක්වා කඩිනම් ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටීමට සිදුවීම අතිශය සෝචනීය තත්වයකි. අවශ්‍ය දේ ඉටු නොකළහොත්, ඉහත කී අරගලයේ ගීතයෙන් හාස්‍යජනක ලෙස කී ආකාරයට ශ්‍රී ලංකාවේ උගත් මහත්වරුන්ට සිදුවන්නේ, හිඟන පාත්තරය රැගෙන ලෝකය පුරා යෑමටය.
ආයෝජන මණ්ඩලයේ කොම්පැනියක් ලැබූ වේදනාකාරී අත්දැකීම:-
ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා හුවා දැක්වූ ආකාරයට, මෙරටේ නිලධාරීවාදයේ අකාර්යක්ෂමතාව සහ රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීමට හරියටම ගැලපෙන උදාහරණයක් , අයෝජන මණ්ඩලයේ කොම්පැනියකින් දිස්වේ. මෙගාවොට් එකක ධාරිතාවක් උත්පාදනය කිරීම පිණිස, කුඩා පරිමාණ ජල විදුලි ව්‍යාපෘතියකට, තමන් රඳවා තබා ගත් ලාභ ප්‍රති ආයෝජනය කිරීමේ අපේක්ෂාවෙන් පසු වූ එම ආයෝජන මණ්ඩලයේ කොම්පැනිය වසර අටක් තිස්සේ වේදනාකාරී අත්දැකීම් වින්දේය.
ඉන්දියානු ආයෝජකයකුට අයත් වූ මෙම කොම්පැනිය ඊට පෙර තවත් කුඩා පරිමාණ ජල විදුලි බල ව්‍යාපෘතියක් උදෙසා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබා තිබිණි. එම කොම්පැනියේ දේශීය නියෝජිතයා මට කී ආකාරයට එම ආයෝජකයා ලබාගත් ලාභය රටින් පිටතට ගෙන යෑමෙන් වැළකී එම ලාබය ශ්‍රී ලංකාවේ වෙනත් ව්‍යාපෘති කිහිපයකට ප්‍රතිආයෝජනය කළේය. නැගෙනහිර පළාතේ කාමර 1000කින් යුක්ත හෝටලයක් ඉදිකිරීම ඉන් එක ව්‍යාපෘතියකි. මෙම රඳවා ගත් ලාබවලින්, රුපියල් මිලියන 400 ක් ප්‍රතිආයෝජනය කොට, ගිනිගත් හේනේ යෝජිත කුඩා පරිමාණ ජල විදුලි ව්‍යාපෘතිය ස්ථාපිත කිරීමට කොම්පැනිය තීරණය කළේය.
බොහෝ තැන්වලින් අනුමැතිය ලබා ගැනීමේ අවශ්‍යතාව :-
එම ඉඩම අයත් වූ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම, 2023දී එකී ඉඩම අවුරුදු තිහක බද්දට කොම්පැනියට භාර දී තිබේ. අදාල ආයෝජකයා අවුරුදු පහක බදු මුදල් අත්තිකාරම් වශයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට ගෙවා තිබේ. 2018 දී නිසි ක්‍රියාදාමය සම්පූර්ණ කිරීමෙන් පසු මධ්‍යම පරිසර අධිකාරිය ඊට පෙර එම ව්‍යාපෘතියට අනුමැතිය දී තිබිණි. එම ක්‍රියාදාමයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ඒ හා සම්බන්ධ රාජ්‍ය ආයතන 17 ක නිර්දේශ ලබා ගැනීම ඇතුළත් වූයේය. අනෙකුත් රාජ්‍ය බලධාරීන්ගෙන් අවශ්‍ය අනුමැතිය ද නිසි පරිදි ලබා ගන්නාලදී.
ගංගා ජලය සහ ඒ ආශ්‍රිත ඉඩම් භාවිත කිරීමේ බලය හිමි මහවැලි අධිකාරිය සමග විධිමත් ගිවිසුමක් අත්සන් කෙරිණි. ඉන් අනතුරුව තිරසර බල ශක්ති අධිකාරිය, ව්‍යාපෘතිය සහිත ඉඩම ඇතුළුව සමස්ත ප්‍රදේශයම පුනර්ජනනීය බලශක්ති සංවර්ධන කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. 2023 දී විදුලි බලය මිලදී ගැනීමේ ගිවිසුම ද ලංකා විදුලි බල මණ්ඩලය සමඟ අත්සන් කෙරිණි. මෙම අනුමැතීන් ලබා ගැනීමෙන් අනතුරුව ආයෝජකයා එතෙර යන්ත්‍ර සැපයුම්කරුවන්, හා දේශීය උපදේශකයන් හා සිවිල් වැඩ කොන්ත්‍රාත්කරුවන් සමග ගිවිසුම් අත්සන් කර අදාළ භූමියේ වැඩ පටන් ගත්තේය. ඊට අමතරව එම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නියමය අනුව, නුවරඑළිය නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ද 2025 නොවැම්බර් මාසයේදී ලබා ගැනිණි .භූ විද්‍යාත්මක , ජල විද්‍යාත්මක සහ පාරිසරික අවදානම් සහගත භාවය ඇගයුම් කිරීමෙන් පසු ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානයේ අනුමැතිය ද ලැබිණි. ජපන් තානාපතිවරයා නිර්දේශ කළ ආකාරයට තනි කාර්යාලයකට යාමෙන් තොරව, එකිනෙක සම්බන්ධීකරණය නොවූ, එක් එක් කාර්යාලයට වරින් වර යමින් අදාළ, සියලුම රාජ්‍ය ආයතන වෙතින් ආයෝජකයා අනුමැතිය ගත් බැවින් ඒ සඳහා සෑහෙන පිරිවැයක් ඔහුට දරන්නට සිදුවිය.
ආයෝජකයා විශ්වාසයකින් යුතුව ව්‍යාපෘතියේ ආරම්භක කටයුතුවලට අත තැබුවේය. එහෙත් ආරම්භයේදීම ව්‍යාපෘතිය තමන්ගේ ජීවිතවලට බලපාන බවට දේශීය පුරවැසියන් දෙදෙනකු පොලිසියට කළ පැමිණිල්ලක් හේතුවෙන්, ගැටලුව උසාවිය දක්වාම ඇදි ගොස්, කටයුතු ඉදිරියට කරගෙන යාම අතුරු තහනම් නියෝගයකින් නවතා දමන ලදී. උසාවියේ නඩු කටයුතු දිගින් දිගටම ඇදී යන ලදුව ව්‍යාපෘතිය සඳහා අනුමැතිය දුන් රාජ්‍ය ආයතන අධිකරණයට කැඳවනු ලැබීය.නඩුව විමසීමට ගෙන පැමිණිලිකරුවන්ගේ ඉල්ලීම නිෂ්ප්‍රභාකොට 2024 ජූනි මාසයේදී ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු කරගෙන යාමට අධිකරණයෙන් අවසර දෙනු ලැබුවේය.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කකුලෙන් ඇදීම :-
ආයෝජකයා කියන අයුරු ඉන් අනතුරුව, මධ්‍යම පරිසර අධිකාරිය මේ සඳහා සැලකිල්ල දක්වන සියලුම රාජ්‍යාධිකාරීන්ගෙන් අදහස් මින් පෙර විමසන විට, එකඟතාව පළ කරනු ලැබූ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අංශක 180 ක් ආපසු හැරෙමින් සියල්ල අවුල් කර දැමුවේය. අධිකරණයෙන් නඩුව ඉවත වීසි කළ පසු ගැටලුව නැවත පරීක්ෂා කිරීම පිණිස මධ්‍යම පරිසර අධිකාරිය නැවත රැස්වීමක් කැඳවනු ලැබුවේය.
ඉන්දියානු ආයෝජකයාගේ දේශීය නියෝජිත තැන මෙසේ කියා සිටියේය.
”මේ රැස්වීමේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ව්‍යාපෘති ප්‍රදේශය තුළ පවතින ගස් ඉවත් කිරීමට කලින් එකඟ වුවද ඒවා ඉවත් කිරීමට එම දෙපාර්තමේන්තුව අසමත් වී ඇති බව අප පෙන්වා දුන්නා. අප නැවත නැවත එම ඉල්ලීම කළද, එම ඉල්ලීම ඉටු නොවීම හේතුවෙන් ඉදිකිරීම් කටයුතු ඉදිරියට කරගෙන යාම වැළකී ඇති බැව් අප පෙන්වා දුන්නා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නුවරඑළිය කාර්යාලයෙන් පැමිණි නියෝජිතයා 2023 දෙසැම්බර් මාසයේ එම වැඩ බිම පරීක්ෂා කරන ලදුව ඉවත් කළ යුතු ගස් සලකුණු කොට එම ලැයිස්තුව කොළඹ ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කළ බව සහතික කොට කියා සිටියා. තම කාර්යය ඉටු කිරීම සඳහා කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් අනුමැතිය ලැබෙන තුරු ඔහු බලා ඉන්නා බවද කියා සිටියා.එම රැස්වීමේදී ඔහු වෙනත් කිසිම විරෝධතාවක් දැක්වූයේ නෑ. ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම පරිපාලන ප්‍රමාදය හැරුණු කොට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වෙන කිසිම බාධාවක් තිබුණේ නෑ.”
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අලුත් විරෝධයක්:-
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් එම අනුමැතිය නොලැබුණු නිසා ආයෝජකයා විධිමත් ලෙස 2025 ජනවාරියේ වන සංරක්ෂක වෙත අභියාචනයක් ඉදිරිපත් කළා. ඔහු තම අභියාචනයේ පිටපතක් ජනාධිපති කාර්යාලයටද ඉදිරිපත් කළත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කිසිම පිළිතුරක් ලැබුණේ නෑ. එම අවස්ථාවේ ව්‍යාපෘතියට ලද අනුමැතියේ වලංගු කාලය එම අරමුණ නිසා දීර්ඝ කිරීමට සිදු වුණා. මධ්‍යම පරිසර අධිකාරිය ව්‍යාපෘතියේ තාක්ෂණික කමිටුවේ තවත් රැස්වීමක් ගිනිගත්හේනේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කැඳවනු ලැබුවා. එම රැස්වීමේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් පැමිණි නියෝජිතයා අලුත් විරෝධයක් මතු කරමින්, ව්‍යාපෘතිය සඳහා සලකුණු කර ඇති ප්‍රදේශය 1992 තරම් ඈත කාලයක සිට දෙපාර්තමේන්තුවෙන් සංවේදී පරිසර කලාපයක් ලෙස හඳුනාගෙන තිබෙන බවත් එම ප්‍රදේශයේ ඉඩම් නැවත පයිනස් ගස් වගා කිරීම සඳහා අත්පත් කර ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතින බවත් කියා සිටියා.දැන් ව්‍යාපෘතිය නැවතී තිබෙන්නේ එතැනයි”
ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා විවිධ රාජ්‍ය ආයතනවලින් අනුමැතිය ලබා ගැනීමේදී වේදනාකාරී අත්දැකීම්වලට මුහුණ දී ඇත්තේ ජපන් ආයෝජකයන් පමණක් නොවේ. එම ඉච්චා භංගයට පත්වෙන අත් දැකීම් අනෙකුත් අයද අත්විඳ තිබේ..
විනාශකාරී ප්‍රතිඵල:-
මේ රටේ ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ හැකියාවට අනර්ථකාරී ලෙස බලපාන බොහෝ කාරණා මෙම කතාවෙන් ගෙන එයි.
අපේක්ෂා සහගත ආයෝජකයා ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කළ විට, අදාල රාජ්‍ය අධිකාරයන් ප්‍රමාණවත් ලෙස පරිපූර්ණ විග්‍රහයක්, විමර්ශනයක් කරන සෙයක් නොපෙනේ. ආරම්භයේම එවැනි ඇගයුමක් නිසි ලෙස නොකළහොත්, ඉන් අනතුරුව එම අධිකාරියටම එයින්ම දුන් අනුමැතිය සුළු හේතුවක් නිසා හකුලා ගන්නට සිදුවේ.
දෙවැන්න යම් ආයතනයකට පාර්ලිමේන්තුවෙන් අනුමැතිය දීමේ බලය පවරා තිබුණද, එක් තනි නිලධාරියකුට පුළුල් අභිමතානුසාරී බලය ලබාදීම අනුවණ කමක් වීමය. එම ස්වභාවයේ තීරණ අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම ඇති උපදේශක කමිටුවක සියුම් පරීක්ෂාවට යටත් විය යුතුය. අනුමැතිය දීමට පෙර ඒවා පිළිබඳව සලකා බැලිය හැකි වේ.
තුන්වැන්න, එවැනි අනුමැතියක් දීමට බලය පවරා ඇති, තිරසර බලශක්ති අධිකාරිය, වෙනත් සියලුම රාජ්‍ය ආයතන සමග අවශ්‍ය අදහස් හුවමාරු කර ගැනීම කළ පසු, අනුමැතිය දිය හැකි ස්ථාවරයක පසු විය යුතුය. අනුමැතිය දුන් පසු අදාල ව්‍යාපෘතිය සම්බන්ධ අවසාන වශයෙන් බලය හිමි අධිකාරිය එය බවට පත්ව තිබිය යුතුය.
සිව්වැන්න, රජයේ ප්‍රතිපත්ති සහ අරමුණු සම්බන්ධයෙන් එම රාජ්‍යනිලධාරීන් මුළුමනින් දැනුවත් වී ඇති බව සහතික කර ගත යුතු වනඅතර, එම අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා, නිශ්චිත වූ නොසැලෙන ආකාරයෙන් ඔවුන්ගේ වගකීම් ඉටු කිරීමට ඔවුන්ට මාර්ගෝපදේශ දී තිබිය යුතු වීමය.
අවසාන තීරකයා ලෙස පාර්ලිමේන්තු කාරක සභාවක්:-
මේවා වර්තමාන තත්වය යටතේ ගත යුතු පියවර කිහිපයකි. කෙසේ වුවද වඩාත් වැදගත්ම පියවර වන්නේ, අපේක්ෂා සහගත ආයෝජකයන් විසින්, ඉදිරිපත් කරනු ලබන ව්‍යාපෘති යෝජනා උදෙසා එකම ආයතනයකින් අනුමැතිය දීම හෝ එකම ස්ථානයකින් එම සියලු අනුමැතිය ලබාගත හැකිවීමයි. එකී ආයතනයට එම කාර්ය සාක්ෂාත් කිරීම සඳහා තාක්ෂණික ඥානය තිබිය යුතුවේ. එම අනුමැතිය දීමේ ක්‍රියාවලියේදී අනිසි ප්‍රමාදයක් වුවහොත්, රාජ්‍ය මුදල් කාරක සභාව මෙන්, එම කාරණා සලකා බලා අදාළ ව්‍යාපෘතියට අනුමැතිය දීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් තිබිය යුතුය.
ණයගැති භාවය ඉහළ නැගීමේ අවදානම;-
මෙම ගැටලු වලට ප්‍රමුඛතා පදනම මත විසඳුම් ලබා දෙන තුරු ශ්‍රී ලංකාවට සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේදී, සිදුවන්නේ, අනික් රටවල් එය කාර්යක්ෂම කරන අතරේ තවත් ගාටන්නටය. ඉතිරි කිරීමේ ආයෝජන හිඟය පියවා ගන්නට එම තත්වය මත විදෙස් ණය ගන්නට රටට බල කෙරෙනු ඇත. එවිට අරගලයේ ගීතයෙන් හාස්‍යජනක ලෙස කී ආකාරයට, උගත් මහත්වරුන්ට ටයි කෝට් ඇඳගෙන විදේශ රටවල් වලින් තවදුරටත් හිඟා කන්නට සිදුවනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd