දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජකයන්ට සහයෝගය දුන්නේ ‘අප වෙත එන්න! අපි වසර ගණනාවක් යන තුරු ඔබේ ලාබයට බදු නොපනවන්නෙමු’ යන හුරුපුරුදු ප්‍රතිපත්තිය අනුගමනය කරමිනි. බදු සහන කාලසීමා ලබාදීම සහ සමාගම් ගාස්තු කපා හැරීමේ මෙම උපාය මාර්ගය කාලයක් සෘජු විදේශ ආයෝජන ඇද ගැනීමේ බලගතු කාන්දමක් බවට පත් වී තිබිණි.
කෙසේ වුවද මෙම සෙල්ලමේ නීති එක රැයින් වෙනස් වූයේය. ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය උදෙසා වූ සංවිධානයේ (OEDC හි ) Base Erosion සහ ලාබ ඉවත ගෙන යාමBEPS) පිළිබඳ දෙවැනි ආධාරකය ක්‍රියාත්මක වීමත් සමග පැරණි ආයුධ මොට වූවා පමණක් නොව ඒවා කැඩී බිඳී යාමද සිදුවිය.
මහා පරිමාණ ආර්ථිකයන් ගෝලීය වශයෙන් සියයට පහලවේ (15%) බදු අනුපාතයට අනුගත වීමත් සමග ශ්‍රී ලංකාව තීරණාත්මක යථාර්ථයකට මුහුණ දෙනු ලබන්නේය. ලාබය පදනම් කරගත් බදු සහන කාලයන් පිරිනැමීම ද, මහා පරිමාණ බහුජාතික ව්‍යවසායන්ට, සහන ශීලී බදු අනුපාත පිරිනැමීමද, ආයෝජකයන්ට තවදුරටත් දිරි දීමනාවක් නොවන්නේය. එය ශ්‍රී ලාංකාවේ බදු ආදායම් විදේශ භාණ්ඩාගාරවලට දන් දීමක් පමණකි.
දන් දීමේ ගැටලුව:-
ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය පිණිස වූ සංවිධානයේ (OEDC) අලුත් නීති අනුව මිලියන 750 ඉක්මවා යන වාර්ෂික ආදායම ලබන දැවැන්ත බහුජාතික ව්‍යවසාය එම විෂය පථයට අදාළ වූයේය. දෙවැනි ආධාරකය යටතේ කොම්පැනි සියයට 15 ට අඩු බද්දක් ශ්‍රී ලංකාව වැනි යම් රටක ගෙවන්නේනම් ඔවුන්ගේ උපන් රටට (හෝ ඔවුන් මෙහෙයවනු ලබන වෙනත් අධිකරණ බල ප්‍රදේශයකට) එම වෙනස අමතර බද්දක් ලෙස අය කර ගැනීමේ අයිතිය පවතී.
විශාල යුරෝපීය තාක්ෂණික නිෂ්පාදන සමාගමක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්නේ යයි සිතමු.දැනට පවතින අපගේ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියේ (SDP) නීති යටතේ ඔවුන්ගේ කම්හල මෙරටට ගෙන්වා ගැනීම සඳහා අප සියයට බින්දුවක බදු අනුපාතයක් ඔවුන් වෙත පිරිනැමිය යුතුය.
කලින් පැවති වාතාවරණය අනුව: සමාගම සියයට පහළොවක බදු ඉතිරි කර ගනී. ඔවුහු එයින් සතුටුව ආයෝජනය කරති.
අලුත් වාතාවරණය යටතේ (දෙවැනි ආධාරකය) ශ්‍රී ලංකාව අය කරගන්නා බදු අනුපාතය සියයට බින්දුව (0%) වන විට එම සමාගමේ මවුරට එයට බලපාන බදු අනුපාතය ගණන් බලා ගෝලීය වශයෙන් අවම සියයට 15 අනුපාතයට පහළින් එය පවතින බැවින් මගහැරුණු සියයට 15 බද්ධ එරට අය කර ගනී.
කාවෙත ගෙවන්නේ දැයි නොසලකා ආයෝජකයා සියයට 15 ගෙවයි. සිදුවන එකම වෙනස වන්නේ කවුරු අය කර ගන්නේ ද යන්න පමණි.බදු සහන කාල පිරිනැමීමෙන් ශ්‍රී ලංකාව කරන්නේ ස්වේච්ඡාවෙන්ම, ආයෝජකයා නීතියෙන් කොතැනට හෝ ගෙවීමට බැඳී ඇති ආදායම පාවාදීමයි. අපි ප්‍රබල ලෙස විදේශ ජාතීන්ගේ භාණ්ඩාගාරවලට සහන සපයන්නේ එම රටවල් OEDC හි දෙවැනි ආධාරක නීති අපගේ භූමියේ උත්පාදනය කළ මුදල්වලට අනුගත කරන බැවිනි.
ශ්‍රී ලංකාවට සිය මූල්‍ය ආදායම් උපක්‍රමය නවීකරණය කිරීමට අවස්ථාව පෑදී තිබේ. මෙරට සීමාව තුළ බදු ආදායම් ලබමින් ගුණාත්මක වශයෙන් ඉහළ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට එයින් අවකාශ සැලසේ. විදේශ ආණ්ඩුවලට දන්දීම නවතා දමා අපේම අනාගතය උදෙසා ආයෝජන කැඳවමු.
විසඳුම: වට්ටි දෙකේ ප්‍රවේශය:-
සියලුම ආයෝජකයන් තනි ප්‍රතිපත්තියකට ගැළපුම ශ්‍රී ලංකාව නවතා දැමිය යුතු ය. අප ඉලක්ක ගත වට්ටි දෙකේ ක්‍රමෝපායකට යොමු විය යුතුය.
පළමු වට්ටිය: කුඩා ආයෝජකයන් (පවතින තත්වය)
මිලියන 750 ආදායම් සීමාවට පහළ ආයෝජකයන්ට, OEDC දෙවැනි ආධාරක නීතිය අදාළ වන්නේ නැත. බදු සහන කාල සීමා පැනවීම සහ සමාගම් ගාස්තු අඩු කිරීම වැනි සාම්ප්‍රදායික උපාය මාර්ග ඔවුන් හට යෙදීම ඵලදායිවේ.
උපාය මාර්ගය: ලාබය පදනම් කරගත් දිරිදීමනා බදු සහන කාල හෝ කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායන්ගේත් කුඩා ආයෝජකයන්ගේත්, ආදායම් බදු අඩු කිරීම යන සහන අඛණ්ඩව පිරිනැමීම. මෙම අංශයේ පැවැත්ම ප්‍රගමනය කරා යාමටත් දේශීය රැකියා නිර්මාණයටත් අතිශය වැදගත් වේ.
2 වැනි වට්ටිය: දැවැන්ත බහුජාතික ව්‍යවසාය (මුඛ්‍ය අවශ්‍යතාව)
දැවැන්ත යන විෂය පථයට අයත් වූ ඒවාට, ලාබය පදනම් කරගත් දිරිදීමනා අදාළ වන්නේ නැත. පිරිවැය පදනම් කරගත් දිරිදීමනා වෙත අප යොමුවිය යුතුය. උපාය මාර්ගය:- ලාබ නිදහස් කිරීම වෙනුවට (අමතර බදු වලට මග පාදා) ආයෝජන පිරිවැයට සහන සැළසිය යුතුය .
උපාංගය:- ප්‍රාග්ධන දීමනා ඉහළ නැංවිය යුතුය.මේ මගින් කොම්පැනි වලට ඔවුන්ගේ ප්‍රාග්ධන වියදම් වල ඉහළ ප්‍රතිශතය බදු අය කළ හැකි ඔවුන්ගේ ආදායම් වලින් අඩු කරගත හැකිය. (යන්ත්‍ර, ගොඩනැගිලි, යටිතල පහසුකම්)
බදු සහන කාල මෙන් නොව, ප්‍රාග්ධන දීමනා ඉහළ නැංවීම, අලුත් ගෝලීය නීතිය යටතේ සාමාන්‍යයෙන් වඩාත් වාසිදායක සේ පෙනේ. මන්දයත්, ලාබ ඉවත ගෙන යාමට වඩා සැබෑ ආර්ථික ක්‍රියාකාරකම් ඔවුන් ලබා දෙනු ඇත.
රහස් අවි. SBIE සහ QRTC කලාපීය තරගකාරී රටවල් වූ වියට්නාමය තායිලන්තය සිංගප්පූරුවට සහ මැලේසියාව සමග සැබෑ ලෙස තරග කිරීමට ශ්‍රී ලංකාව OECD ඇතුළත ක්‍රියාත්මක වන විශේෂිත තාක්ෂණික යාන්ත්‍රණයක් අනුගමනය කළ යුතුය.

1) ද්‍රව්‍ය පදනම් කරගත්තේ ආදායම බැහැර කිරීම (SBIE)
OECD නීති මුළුමනින් අනුකම්පා විරහිත ඒවා නොවෙයි. සැබෑ ආර්ථික ද්‍රව්‍ය සඳහා ඔවුහු විශේෂිත පහසුකම් සපයති. SBIE නීති මගින් ස්පර්නීය වත්කම් මගින් උත්පාදනය කරන ආදායම්වලින් විශේෂිත ප්‍රතිශතයක් ඉවත් කිරීමට අධිකරණ බලය සපයා දෙයි. (කම්හල් හා උපකරණ )එසේම අමතරව අය කළ යුතු බදු ගණන් බැලීමේදී වේතන වියදම් වලට එම සහනය සැලසේ.
ආයෝජකයකු කර්මාන්තශාලාවක් ඉදිකර ශ්‍රී ලාංකීය සේවකයන් බඳවා ගන්නේ නම්, එකී විශේෂිත උත්පාදනය වන බදු සහ රැකියා ගෝලීය අවම බදුවලින් ආරක්ෂාවේ. මෙයින් ෂෙල් කොම්පැනියේ ආයෝජන උදෙසා ආයෝජනයක් පිරිනමයි.
සුදුසුකම් ලත්,ආපසු ගෙවිය හැකි ණය පහසුකම් (QRTC):-
මෙය නවීන දිරි දීමනා උදෙසා වූ රන් ප්‍රමිතියයි. QRTC යනු මුදලින් සිව් වසරක් තුළ ලබාදෙන බදු ණයකි. (නැතහොත් මුදල් හා සමාන). මෙය ලබා දෙන්නේ ආයෝජකයාට බදු ගෙවීම සඳහා ප්‍රමාණවත් බැඳියාවක් නොමැති විටදීය.
තාක්ෂණික සීමාව: දෙවැනි ආධාරකය යටතේ ප්‍රමිතිගත බදු නිදහස් කිරීමෙන් ‘බදු ආවරණය’ (ලවය) අඩුවේ. එහිදී බදු අනුපාතයේ ඵලදායිතාව ශීඝ්‍රයෙන් පහත වැටේ. විදේශයන්හිදීම අමතර බද්දක් ගෙවීමට එයින් ප්‍රේරණය වේ.QRTC ආදායමක් ලෙස සැලකේ. (වැඩිවන හරය)
ප්‍රතිඵලය,: මෙයින් ආයෝජකයාගේ, අන්තරාය කලාපයේ සියයට 15 ට වැඩි, ඵලදායී බදු අනුපාතය ආරක්‍ෂා වී, සිය රටේදී දඬුවම් බදු ගෙවීමට, පෙළඹීමෙන් තොරව ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් වාසියක් ලබා ගැනීමට අවසර ලැබේ.
කලාපයෙන් ලැබෙන පාඩම්:-
අප මෙහෙයුම් සිදු කරන්නේ සිදු රික්තකයක් තුළ නොවේ. අපගේ තරගකරුවෝ දැනටමත් ඉදිරියට ඇදෙමින් සිටිති.
වියට්නාමය දෙවැනි ආධාරක අනුගමනය කිරීම කරා වේගයෙන් ඉදිරියට ඇදෙමින්, සිය බදු සහන කාලසීමා අහිමි වූ ආයෝජකයන් QRTC ඔස්සේ සහන සලසන්නට පෙළඹේ.
තායිලන්තය සහ සිංගප්පූරුවට ඔවුන්ගේ ආයෝජන ප්‍රවර්ධන පනත්, SBIE සහQRTC ආදිය සමග විධිමත්ව සැකසුණු නවීන දිරිදීමනා ඇතුලත් කර යාවත්කාලීන කරති.
ශ්‍රී ලංකාව බදු සහන කාලයන් සහ සහනදායී ආදායම් බදු අනුපාත මහා පරිමාණය බහුජාතික සමාගම්වල විෂය පථයට අයත් කොම්පැනිවලට තවමත් සපයන්නේනම් අප විධිමත් ව ඉදිරියට ඇදෙන ලෝකයක යල්පැනගිය VHS පට අලෙවි කරන්නා සේය.
ඉදිරි මඟ:- කඩිනම් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග:-
ප්‍රතිපත්ති සම්පාදකයන් මෙම තාක්ෂණික කාරණාවලට අනුගතවීම කෙරෙහි වාසිය තැබිය යුතු වන අතර,
දේශීය වශයෙන් සුදුසුකම් ලත් අමතර බදු අයකිරීම (QDMTT )මුළුමනින් ක්‍රියාත්මක කිරීමට පසුබට නොවිය යුතුය.
ක්‍රියාත්මක සැලැස්ම:-
1) දිරි දීමනා වෙන්කර ගැනීම:-
මහා පරිමාණ බහුජාතික සමාගම් (දෙවැනි වට්ටිය) සහ අනෙකුත් ආයෝජකයන් අතර දිරිදීමනා වෙන්කර ගැනීම සඳහා පැහැදිලි නීතිසම්පාදනය කර ගැනීම.
2) QRTC නීතිගත කිරීම:-
ඉහළ ඇගයුම් ඇති අංශ (පර්යේෂණ හා සංවර්ධන, හරිත බලශක්ති, තාක්ෂණික) සහ විශේෂයෙන්ම මහා
පරිමාණය ජාතික ව්‍යවසාය ඇතුළු අංශ උදෙසා සුදුසු කම් ලත් ආපසු ගෙවන බදු ණය හඳුන්වා දීම.
3) SBIE ශක්තිමත් කිරීම:- ස්පර්ශනීය වත්කම් සහ ශ්‍රී ලංකාවේ වේතන ලබන ප්‍රමාණය පදනම් කර දිරි දීමනා සැලැස්මක් නිර්මාණය කිරීම. මෙය සෘජුවම ද්‍රව්‍යයක් පදනම් කරගත් ආදායම් බැහැර කිරීමට සම්බන්ධ වේ.
ශ්‍රී ලංකාවට සිය මූල්‍ය ආදායම් උපක්‍රමය නවීකරණය කිරීමට අවස්ථාව පෑදී තිබේ. මෙරට සීමාව තුළ බදු ආදායම් ලබමින් ගුණාත්මක වශයෙන් ඉහළ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට එයින් අවකාශ සැලසේ. විදේශ ආණ්ඩුවලට දන්දීම නවතා දමා අපේම අනාගතය උදෙසා ආයෝජන කැඳවමු.
2026 Daily FT ශී පළවූ Stop donating sri lanka ‘ s tax revenue to foreign governments : time for two baskets FDI strategy ලිපියේ පරිවර්තනයේ
සමන් පුෂ්ප ලියනගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd