සම්බන්ධිත රාජ්‍ය ආයතන 252 ක් දක්වා ඉහළට 

රජයේ සේවා සමග පුරවැසියන් ගනුදෙනු කරන ආකාරය සරල සහ කාර්යක්ෂම කරමින් හඳුන්වා දුන් GovPay පද්ධතිය, සිය මෙහෙයුම් ආරම්භ කර සාර්ථක වසරක් සම්පූර්ණ කර ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. 

මෙම කාලසීමාව තුළ රුපියල් බිලියන 2.7කට අධික ඩිජිටල් ගනුදෙනු ප්‍රමාණයක් මෙම පද්ධතිය හරහා සිදුව ඇති අතර, රාජ්‍ය ආයතන 252කට අධික ප්‍රමාණයක් සාර්ථකව මෙයට සම්බන්ධ වී ඇතැයි සඳහන් වෙයි. 

අන්තර්ජාලය ඔස්සේ ඕනෑම තැනක සිට සේවා දහස් ගණනක් ලබා ගැනීමේ පහසුව පුරවැසියාට හිමිවීම හරහා රාජ්‍ය අංශය තුළ විශ්වාසය, ඇතුළත් කිරීම සහ කාර්යක්ෂමතාව තවදුරටත් ශක්තිමත් වී තිබේ. 

එහිදී සමස්ත ලංකා රථවාහන දඩ ගෙවීමේ පද්ධතිය (All Island Traffic Fine System) හඳුන්වා දීම GovPay ලැබූ තවත් කැපී පෙනෙන ජයග්‍රහණයක් බවත් පවසයි. GovPay පිළිබඳ වැඩි විස්තර සඳහා  www.govpay.lk  වෙබ් අඩවියට පිවිසිය හැකිය.