අත් යන්ත්‍ර සහ බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.
එම කර්මාන්තවල නිරත නිෂ්පාදකයන් නඟා සිටුවමින් ඒවාට තවත් නිෂ්පාදකයන් ආකර්ශනය කරගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා එම තීරණය ගෙන තිබේ.
රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයේ නිරතවූවන් මුහුණපාන ගැටළු සම්බන්ධයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේ අද (15) පස්වරුවේ පැවැති සාකච්ඡාවේදී එම තීරණය ගෙන ඇත.
ආනයනික රෙදි භාවිතයෙන් නිපදවන ඇඟළුම් වෙනුවට දේශීය රෙදි නිෂ්පාදන ආශ්‍රිත නිමි ඇඳුම් සඳහා වැඩි වෙළෙඳපොළ අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් එහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර එමඟින් විදේශවලට ඇචී යන විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට ද හැකියාව ලැබේ.
පාසල් සහ විවිධ නිල ඇඳුම් සඳහා කෙරෙන රෙදි නිෂ්පාදනයේ ප්‍රමිතිය ඉහළ ගුණාත්මක අගයක් තිබිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම සාකච්ඡවේදී පෙන්වා දුන්නේය. ඒ සඳහා සුපරීක්ෂක කණ්ඩායමක් යොදවන්නැයි ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කිහිපදෙනකු සතු රෙදිපිළ නිෂ්පාදන වෙළෙඳපොළ ඊට කැමැත්තක් දක්වන වෙනත් ආයෝජකයන්ට ද විවෘත කිරීමේ වැදගත්කම ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් පෙන්වාදුන්නේය.
නිමි ඇඳුම් නිෂ්පාදකයන් සහ දේශීය වෙළෙඳ ආයතන සාමූහිකව රැස්ව තීරණ ගැනීමෙන් පුළුල් වෙළෙඳපොළක් නිර්මණය කළ යුතු බවත්, සෙසු රටවල ගැනුම්කරුවන්ට ඇඟළුම් තොග වශයෙන් මිලදී ගැනීමට වෙළෙඳ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවත් මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණි.
විදේශවලින් ගෙන්වන නූල් සහ රසායනික වර්ණවල ප්‍රමිතිය සහ මිල ගණන් ආශ්‍රිත ගැටළු නිරාකරණය පිළිබඳව ද මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.
අමාත්‍ය විමල් වීරවංශ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රංජිත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල යන මහත්ම මහත්මීහූ සහ ඇගළුම් සහ රෙදි පිළී ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෝ පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට නම් පෙනී යන්නේ ඒකටත් හමුදාව යොදවා ගැනීමේ අරමුණක් තියෙන බවයි. පාසල් ඇතුළු සියලුම නිල ඇඳුම් සඳහා ඉහළ ප්‍රමිතියකින් යුතු රෙදි නිෂ්පාදනය කිරීම ගැන විපරම් කෙරෙන "සුපරීක්ෂක කණ්ඩායම " ගැන කතා කළ වෙලාවේ ජනාධිපතිවරයා කියනවා ඇහුණා හමුදාවට ඒ වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන් කියලා. අනේ මන්දා "හිට්ලර් කෙනෙක් වෙලා හරි රට හදන්න" කියලා කිව්වා තමයි. ඒ වුණාට අර හැට දෙලක්ෂයෙන් කීදෙනෙක් හමුදා පාලනයක් ඉල්ලුවාද කියලා නම් හරියටම ෂුවර් නැහැ.
ඔය තහනම කොච්චර කාලයකටද?
මේ ගමන්ම එක්දහස් නවසිය අසූ ගණන්වල වසාදැමූ පේෂකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබූ බලවේග පෙහෙකම්හල් ටිකත් ආපසු පටන්ගත්තොත් නරකද? ඒකාලෙ ඒවා වසා පුද්ගලික අංශයට ගොඩනැගිලි බදු දුන්නා. බදුකරුවන්ගෙන් නැවත බදුගත්ගත් ආයතන සමහර ගොඩනැගිලි කාමර ලෙසට ගොඩනැගිලි සකස්කර ඉහල ගණන්වලට බදුදීලා විශාල ලෙසට ආදායම් උපයනවා. මම හිතන්නේ මෙම දේපලවලින් රජයට ආදායමක් නැහැ කියලා. මේවායේ කුමන හෝ නිෂ්පාදන ආයතන ඇතිකර රැකියා ප්‍රශ්ණයට විසදුමක් යෙදීමත් සුදුසුයි කියා හිතෙනවා.
සිරි මහතා වෙත, ඔව් ඇත්තටම අපි ඡන්දය භාවිතා කලේ මේ රට කොහොමහරි ගොඩ ගන්න මිසක් ආපහු පස්සට යවන්න නෙමෙයි.. මම අදටත් විශ්වාස කරනවා දැඩි පාලනයකින් තොරව මේ රට ගොඩනගන්න බැහැ. යුද්ධය ඉවර කරනකොට කොරෝනා මඩින්න වැඩ කරනකොට ඔවුන් තමයි මානුෂියම හමුදාව... හැබැයි රටේ අකර්මණ්‍ය වෙලා තියෙන දේවල්වලට සම්බන්ධ වෙද්දී හමුදා පාලනයක් වෙලා.. බහුතරයක් හොර, අල්ලසට යට නිලධාරීන් සහ දේශදේශපාලකයින්ට වඩා ඒ හමුදා පාලනයට මම ඇතුළු අති බහුතරයක් රට වැසියන් කැමතියි..
අන්න අර හාදයා නම වෙනස් කරලලු අර්ජාන් ඇලෙක්සැන්ඩර් කියලා... ඔහෙයිලා තාම දන්නේ නැතෙයි. දැන් කොහොමෙයි උන්දැව කුදලාගෙන මේ රටට ගෙනත් නඩු දාන්නේ..
හොඳ වැඩක්... ඉදිරියෙදි අපේ අයටම රස්සාවක් හරි ලැබෙන්නේ.. අපේ සල්ලි අපේ රට ඇතුලෙමයි. හොඳ දෙයක්. අවස්ථාවාදීන්ට මේ වැඩවල අගයක් නැහැ.
යල්පැනපු නිෂ්පාදන ක්‍රමවේදයන් මේවා... දැන් මැෂින්වලට පුලුවන් කිසිම මානව ශ්‍රමයකින් තොරව රෙදි නිෂ්පාදනය කරන්න. නූල දෑම්මම රෙද්ද එනවා.. මේ අය අත්යන්ත්‍ර කරකවනවා. ඒ වුණාට ටෝක් දෙන්නේ ඇඟලුම් කර්මාන්තේ ඉහළට එනවා කියලා. මේවගෙ අත් යන්ත්‍ර රෙදි සීමිත ප්‍රමාණයක් මිනිස්සු ගන්නේ... ඒවා එක එක කාලෙට එන ෆැෂන් විතරයි. අනික නිෂිපාදනය කරන මිනිහගෙන් කුණු කොල්ලෙට මේවා ගන්නේ....
ලංකාවේ මම දන්නා විදිහට අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදකයන් 1000 කට කිට්ටු ප්‍රමාණයක් ඉන්නවා. පිටරට යවන්නේ සහ ලංකාව ඇතුලේ වැඩිපුරම විකිණෙන්නේ ජනෙල් රෙදි, මේස රෙදි, ඇඳ ඇතිරිලි, පුටු කවර සහ කුෂන් කවර. තව ලංකාවේ කුඩා ප්‍රමාණයකින් අත්යන්ත්‍ර සරම්, සාරි සහ ලුංගි කියන ඇඳුම විකිණෙනවා. බතික් අපිට ආවේ ඉන්දුනීසියාවෙන්. එනමුත් අද වෙනකොට අපි අපේම මෝස්‌තර රටා නිර්මාණය කරලා බතික් කර්මාන්තය අපිට ආවේනික විදිහට වෙනස් කරගෙන තියෙනවා. තීරණ නම් කෙල කෝටියක් විතර අරගත්ත කියලා පත්තරවල තියෙනවා. දැන් මේකටත් දාන ජනාධිපති කාර්ය සාධක බලකායට ඇතුලත් අය කවුද?
ප්‍රාදේශීය මට්ටමින් පුහුණුව ලබාදීම අමාත්‍යාංශය යටතේ සිදු කරමින් නිෂ්පාදකයින් වැඩි කිරීම කළ හැකියි. එවැනි වැඩ සටහන් කඩිනම් කළ යුතුයි.