• ව්‍යාපාරික සම්බන්ධතා කළමනාකරණය නව මානයකට ගෙන යන ශ්‍රී ලාංකික ඩිජිටල් විසඳුමක්

ව්‍යාපාරික සහ වෘත්තීය හමුවීම්වලදී Business Cards හුවමාරු කරගැනීම සාමාන්‍ය දෙයක්. එහෙත් හමුවීමෙන් පසු එම කාඩ්පත් බොහෝවිට ලාච්චුවක අමතක වී යන අතර, ඒ සමගම වටිනා ව්‍යාපාරික සම්බන්ධතා සහ අවස්ථාද මගහැරී යයි. මෙම අභියෝගයට විසඳුමක් ලෙස, වෘත්තිකයන්ට තම සම්බන්ධතා වඩාත් පහසුවෙන් ගොඩනගා ගැනීමට සහ පවත්වාගෙන යාමට උපකාර වන  NFC තාක්ෂණය සහිත ලාංකීය ඩිජිටල් විසඳුමක් වන TapID, Synapseus Technologies විසින් හඳුන්වා දී තිබේ.

වෘත්තීය සහ ව්‍යාපාරික සම්බන්ධතා ගොඩනගා ගැනීමේදී ඇතිවන අභියෝගවලට සරල විසඳුමක් ලබාදීම TapID හි අරමුණයි. TapID NFC කාඩ්පත සරලව ටැප් කිරීමෙන් පරිශීලකයාගේ ඩිජිටල් පැතිකඩ (Digital Profile) බෙදාගැනීමටත්, සම්බන්ධතා තොරතුරු ක්ෂණිකව සුරැකීමටත් හැකිය. එමගින් පළමු හමුවීමෙන් පසුවද සම්බන්ධතාව පවත්වාගෙන යාම පහසු වේ. හමුවූ පුද්ගලයන් පිළිබඳ සටහන් තබා ගැනීමට, සිහිකැඳවීම් සකස් කිරීමට සහ අවශ්‍ය පසු විපරම් සිදු කිරීමටද TapID මගින් අවස්ථාව සලසා දෙයි. එමෙන්ම, පරිශීලකයන්ට තම සම්බන්ධතා ඉතිහාසය පරීක්ෂා කිරීමට සහ අවශ්‍ය විටක එම තොරතුරු වෙනත් උපාංග වෙතExport  කිරීමට හැකියාව ඇත. ආයතන සඳහා ලබාදෙන Team Analytics පහසුකමෙන් තම කණ්ඩායම් ගොඩනගන ව්‍යාපාරික සම්බන්ධතා පිළිබඳ වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගැනීමටද හැකි වේ.

TapID නිර්මාණය කිරීමේදී විවිධ පරිශීලකයන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන ඇති අතර, විශේෂයෙන්ම ලංකාවේ ව්‍යවසායකයන්ගේ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කර ඇත. දැනට ඉංග්‍රීසි, සිංහල, දෙමළ සහ අරාබි භාෂාවලින් භාවිත කළ හැකි TapID, ඉදිරියේදී තවත් භාෂා සඳහාද සහාය ලබාදීමට සැලසුම් කර ඇත.

NFC කාඩ්පතකට පමණක් සීමා නොවන TapID, පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට තම සම්බන්ධතා වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට උපකාරී වන පුළුල් වේදිකාවකි. වෘත්තිකයන්ට තම සම්බන්ධතා ජාලය පුළුල් කර ගැනීමටත්, ආයතනවලට තම කාර්යමණ්ඩලයේ ආයතනික අනන්‍යතාව වඩාත් ප්‍රමිතිගත කරගැනීමටත් එමගින් හැකියාව ලැබේ. එමෙන්ම, අලෙවිකරණ සහ පාරිභෝගික පසු විපරම් කටයුතු වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමටද TapID උපකාරී වේ. TapID  වෙතින් NFC Business Cardsවලට අමතරවQR Codes, NFC Coin Stickers සහ මිලිමීටර් 6ක් තරම් සිහින් NFC Stickers ඇතුළු  NFC නිෂ්පාදන රැසක්ද ලබාගත හැකිය. පරිශීලකයන්ගේ අවශ්‍යතා සහ රුචි අරුචිකම් අනුව Natural Wood සහ Brushed Metal  වැනි අලංකාර නිමාවන්ගෙන්ද මෙම නිෂ්පාදන තෝරාගත හැකිය.